මහින්දගේ මැරයෝ කොළොන්නාවේ යකා නටති
මහින්දගේ මැරයෝ කොළොන්නාවේ යකා නටති
ප්‍රධාන පුවත 2010 ජනවාරි 15 වෙනි සිකුරාදා, 08:11
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් විසින් ඉතා අමානුෂික ලෙස පහර දී කපා කොටා බරපතළ තුවාල සිදු කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයේ කොළොන්නාව නාගරික මන්ත්‍රී ජානක කුරුවිට මහතා දැඩි අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ.
ඊයේ රාත්‍රී 3.00ත් 5.00ත් අතර කාලය තුළදී 10-15 පමණ සමන්විත ගිනි අවිවලින් සන්නද්ධ මැර පිරිසක් විසින් කොළොන්නාවේ, කොහිලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට ගිනි තැබීම, කොළොන්නාව නගරාධිපති (එජාප) චිත්‍රා ඩයස්ගේ නිවසට පහරදීම, කොටිකාවත්ත-මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාගේ නිවසට වෙඩි තැබීම හා අලාභහානි කිරීම ඇතුළු ප්රචණ්ඩ ක්‍රියා රැසක් සිදු කර තිබේ.
ඊයේ (14) සවස පැවැත් වුණු සරත් ෆොන්සේකා මහතාගේ ප්රචාරක රැලියක සැරසිලි කරමින් සිටි පිරිසකටද මෙම මැර පිරිස විසින්ම පෙරේදා රාත්‍රී පහරදීමට පැමිණි බවත් එහිදී විශාල ගැටුමක් සිදු වූ බවත් එම අවස්ථාවේ සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාද එහි සිටි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.