Anamaduwa Attack 1 Dead 4 Injured

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
16945dx.png


onna Subha Anagathayak awil la :frown:

awi gaththo awiyen ma .....
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
පොලිසිය බලා සිටියදී සන්ධාන මැරයින්ගෙන් වෙඩි ප්‍රහාරයක් - අයෙක් මරුට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ හා නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් අතර අද ආණමඩුව මදුරන්කුලියේදී ගැටුමක් ඇති වී ඇති අතර, මෙම ගැටුමින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් පිරිස පෙළපාලියකින් ගමන් ගරමින් සිටියදී පිරිස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අංජන සඳරුවන් මහතාගේ නිවසේ තිබූ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයකට පහර දී ඇත. මේ අවස්ථාවේදී ජෙනරාල්ගේ ආධාරකරුවන්ද ප්‍රතිප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව දෙපිරිස අතර ගැටුමක් ඇති වී ඇත.

මෙම ගැටුම ආරම්භවීමෙන් පසු පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය කතානායක ප්‍රියංකර ජයරත්න මහතා සමඟ පැමිණි මැර කණ්ඩායමක් විසින් අංජන මහතාගේ නිවසට පැමිණ පහර දී ඇත. පසුව ප්‍රියංකර මහතාගේ මැරයන් විසින් අංජන මහතාගේ නිවසට ගිනි තබා ඇත. පසුව එම ස්ථානයෙන් ඉවත් වෙමින් සිටි මැර පිරිස අංජන මහතාට අයත් ඉඩමේ පිහිටි කඩ කාමරයකටද ගිනි තබා ඇති අතර, මේ අවස්ථාවේදී පිරිස කෑගසමින් පැමිණියදී මැර පිරිස වෙඩි තබා ඇත.

මේ අවස්ථාවේදී එම ස්ථානයේ පොලිස් නිලධාරීන්ද සිට ඇති අතර, අදාල පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මැරයින්ගේ වෙඩි පහරින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර, ගැටුම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිදෙනෙකු පුත්තලම රෝහලටත්, සිව් දෙනෙකු හලාවත රෝහලටත් ඇතුලත් කර ඇත.

LT