ජනාධිපති රාජපක්ෂ මහත්තය "රට පෙරට යන ගමන"කියල පොත් පිංචක් මුද්‍රණය කරල බෙදල. මේකෙ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ආරම්භ කරපු කිසිදු ක්‍රියාමාර්ගයක් නැහැ. මේකෙ තියෙන්නෙ කලින් පැවති රජය යටතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු. හම්බන්තොට වරාය, නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය, මිලේනියම් කලාගාරය, කටුනායක විදුලි දුම්රිය ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති සියල්ල පසුගිය රජයන්වල ව්‍යාපෘති. තවත් සමහර ව්‍යාපෘති සුනාමිය නිසා මෙරටට ලැබුණු ඒවා. අඩුම තරමේ පහුගිය දවසක ජනාධිපතිවරයා මහ ලොකුවට විවෘත කරපු ලංකාවේ දිගම පාලම වෙච්ච කින්නියා පාලම පවා සුනාමි නිසා මෙරටට ලැබුණු ආධාරයක්.


