ගොඩ දාගන්නට බැරිව දගලන ජනාධිපතිවරණය

වංචාව-මුලාව-බලාහාත්කාරය-තර්ජන-අල්ලස- මේ සියල්ලෙන්වත් ගොඩ දාගන්නට බැරිව දගලන ජනාධිපතිවරණය 
අල්ලස් මඩ ගැසීම් මුලාකිරීම් අවලාද කටකතා වංචා මැර ප්‍රහාර මිනීමැරීම් බලහාත්කාරය නිල බලය අවනීතිය මේ සියල්ල යොදලා වත් වෙන්න තියෙන දේ වළක්වා ගන්නට බැරිබව පෙනෙන්නට තිබේ
අල්ලස් දුන්නේ කැබිනට් පදවි බෙන්ස් රථ වැනි ලොකු දේවලිනි. පුංචි අයට දන්සැල් වැනි පොඩි දේවල් ද ලැබිණි.
මඩ ගැසීම් සදහා රග දක්වන ලද නාට්‍යවල පිටපත් තාත්වික නොවීම නිසා අතේ පත්තු වූ අවස්ථා එමට ය. එහෙත් මඩ ගැසීම් අවසන් කර නැත. එක මඩක් අප්සෙට් වන විට තව මඩක් රැගෙන පැමිණෙන අයගෙන් අඩුවක් නැත. උන් ඕනෑවට වඩා ඉක්මන් වීම නිසා රෙදිත් ගලවා ගත් අවස්ථා තිබිණි. අලුත්ම මඩය සරත් කෝන්ගහගේ ගේ දැන්වීමක් හරහා ය. ඉතාම පහත් ආකාරයේ අනුකරණය කිරීමක් හරහා මේ මඩ ව්‍යාපාරය දියත් කර ඇත්තේ මිනිසුන් නොමග යන ආකාරයට ය.
මුලා කිරීම් අතුරින් අලුත්ම එක වී ඇත්තේ බොරු ආදර්ශ චන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් සරත් ෆොන්සේකාට චන්දය දමන්නන් ව්‍යාකූල කිරීමට ය. සරත් ෆොන්සේකාගේ නම තිබෙන්නේ 13 තැනට වුව ද එය දෙවැනි තැන වන ලෙස සකස් කරන ලද චන්ද පත්‍රිකා ද අලියා ලකුණ සහිත චන්ද පත්‍රිකා ද සරත් ෆොන්සේකාගේ සළකුණ ලෙස හංසයෙක් වෙනුවට කුරුල්ලෙක් යෙදු චන්ද පත්‍රිකා ද මුද්‍රණය කර බෙදා හැර තිබෙන්නේ ඒ සදහා ය.
මීට අමතරව සෙනග නැති රැස්වීම්වලට සහභාගීවන ජනාධිපතිගේ ප්රචාරක කටයුතු ඩිජිටල් සංස්කරණයට ලක්කොට සංරක්ෂණය කොට ඇති පැරණි රූප රාමු ආශ්රයෙන් නැවත සකස් කොට පුද්ගලික මාධ්‍යවලට බාර දීමෙන් හා ඒවා පමණක් ප්‍රචාරය කරන ලෙස බල කිරීමෙන් තමන්ට අතිමහත් ජන ගංගාවක් ඇතැයි ජනයාට ඒත්තු ගැන්වීම ද මීට ඇතුළත් ය. මෙසේ වැස්ස දිනක පැවැත්වූ එක් රැස්වීමක දර්ශනවල හිරු රැස් සහිත දිනයක දර්ශන දමා අනාගත් අවස්ථාවක් ද විය.
Source :- http://beyondframe.wordpress.com/2010/01/24/10jan241/