ගොඩ දාගන්නට බැරිව දගලන ජනාධිපතිවරණය

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගොඩ දාගන්නට බැරිව දගලන ජනාධිපතිවරණය

    :P:P වංචාව-මුලාව-බලාහාත්කාරය-තර්ජන-අල්ලස- මේ සියල්ලෙන්වත් ගොඩ දාගන්නට බැරිව දගලන ජනාධිපතිවරණය :P:P


    අල්ලස් මඩ ගැසීම් මුලාකිරීම් අවලාද කටකතා වංචා මැර ප්‍රහාර මිනීමැරීම් බලහාත්කාරය නිල බලය අවනීතිය මේ සියල්ල යොදලා වත් වෙන්න තියෙන දේ වළක්වා ගන්නට බැරිබව පෙනෙන්නට තිබේ


    අල්ලස් දුන්නේ කැබිනට් පදවි බෙන්ස් රථ වැනි ලොකු දේවලිනි. පුංචි අයට දන්සැල් වැනි පොඩි දේවල් ද ලැබිණි.


    මඩ ගැසීම් සදහා රග දක්වන ලද නාට්‍යවල පිටපත් තාත්වික නොවීම නිසා අතේ පත්තු වූ අවස්ථා එමට ය. එහෙත් මඩ ගැසීම් අවසන් කර නැත. එක මඩක් අප්සෙට් වන විට තව මඩක් රැගෙන පැමිණෙන අයගෙන් අඩුවක් නැත. උන් ඕනෑවට වඩා ඉක්මන් වීම නිසා රෙදිත් ගලවා ගත් අවස්ථා තිබිණි. අලුත්ම මඩය සරත් කෝන්ගහගේ ගේ දැන්වීමක් හරහා ය. ඉතාම පහත් ආකාරයේ අනුකරණය කිරීමක් හරහා මේ මඩ ව්‍යාපාරය දියත් කර ඇත්තේ මිනිසුන් නොමග යන ආකාරයට ය.


    මුලා කිරීම් අතුරින් අලුත්ම එක වී ඇත්තේ බොරු ආදර්ශ චන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් සරත් ‍ෆොන්සේකාට චන්දය දමන්නන් ව්‍යාකූල කිරීමට ය. සරත් ෆොන්සේකාගේ නම තිබෙන්නේ 13 තැනට වුව ද එය දෙවැනි තැන වන ලෙස සකස් කරන ලද චන්ද පත්‍රිකා ද අලියා ලකුණ සහිත චන්ද පත්‍රිකා ද සරත් ෆොන්සේකාගේ සළකුණ ලෙස හංසයෙක් වෙනුවට කුරුල්ලෙක් යෙදු චන්ද පත්‍රිකා ද මුද්‍රණය කර බෙදා හැර තිබෙන්නේ ඒ සදහා ය.


    මීට අමතරව සෙනග නැති රැස්වීම්වලට සහභාගීවන ජනාධිපතිගේ ප්‍රචාරක කටයුතු ඩිජිටල් සංස්කරණයට ලක්කොට සංරක්ෂණය කොට ඇති පැරණි රූප රාමු ආශ‍්‍රයෙන් නැවත සකස් කොට පුද්ගලික මාධ්‍යවලට බාර දීමෙන් හා ඒවා පමණක් ප්‍රචාරය කරන ලෙස බල කිරීමෙන් තමන්ට අතිමහත් ජන ගංගාවක් ඇතැයි ජනයාට ඒත්තු ගැන්වීම ද මීට ඇතුළත් ය. මෙසේ වැස්ස දිනක පැවැත්වූ එක් රැස්වීමක දර්ශනවල හිරු රැස් සහිත දිනයක දර්ශන දමා අනාගත් අවස්ථාවක් ද විය.



    Source :- http://beyondframe.wordpress.com/2010/01/24/10jan241/
     
    • Like
    Reactions: pissu_man

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අවලාද අතර අලුත්ම අවලාදය වී ඇත්තේ රට පාවාදීම සදහා හොර ගිවිසුමක් අත්සන් කර ඇති බව කීම ය. එය ද මුද්‍රණය කර මිනිසුන් අතර බෙදා දී තිබේ. අපගේ පෙර සටහනෙන් දැක්වූ පරිද්දෙන් සම්බන්දන්ගේ අත්සන නිසා එය ද අතේ පත්තු වී ඇත.


    කට කතා අතර ස්ත්‍රී දූෂණ චෝදනා අතරේම සමලිංගික චෝදනා ද පතුරුවා හැර තිබේ.


    වංචාවල ඉවරයක් නැත. විවිධ මාතෘකා සපයා ගෙන අරලිය ගහ මන්දිරයට ද දිවයිනේ විවිධ පළාත්වල ඇති රජමැදුරුවලට ද මිනිසුන් ගෙන්වා ගෙන උන්ව අතගා උන්ව අන්දා උන්ට කොකු දමා උන්ට කියා අත්සන් රැගෙන කරන මගඩි ඒ අතර වෙයි. සහන මලු දීම් පෙට්‍රල් ගෑස් වැනි අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩුකිරීම් ද ඊට අඩංගු ය. මහින්ද චින්තනයෙන් අහවල් ප්‍රතිශතයක් ඉටුකර තිබේය යන්න පට්ටපල් කෙබර ද ඒ අතර වෙයි.


    මැර ප්‍රහාරවල අවසානයක් නැත. රාජ්‍යබලය යොදා ඒවා වසා දමා තිබේ.


    මිනී මැරුම් දැනට හතකි. හැම එකක්ම පාහේ බැර වී ඇත්තේ ඒ ගිණුමට ය. ඒ අතරේ තමන් පත්තු කළ වෙඩිල්ලකින් මියැදුණු තම පාක්ෂිකයෙක් ද අනුන්ට ගසන්නට ගෙනා බෝම්බයක් හදිසියේ පුපුරා යාමෙන් මියගිය තමන්ගේ කදවුරේ සේවකයෙකු ද වෙයි.


    බලාහාත්කාරය කොතරම් උග්‍රව ඇත් දැයි කිව හොත් තවදුරටත් මේ රටේ තමන්ට මැතිවරණ පැවැත්විය නොහැකි යයි කියන්නට මැතිවරණ කොමසාරිස්ට සිදුව තිබේ.


    නිලබලය යොදා ගෙන ඇති ආකාරය හැම තැනකම ප්‍රදර්ශනය වෙයි. ප්‍රතිවාදියාට රාජ්‍ය මාධ්‍යයක දැන්වීමක් දාගන්නටවත් ඉඩක් නොදීමෙන් ද රාජ්‍ය මාධ්‍ය රෑ දවල් නැතිව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට යොදවා ගැනීමෙන් ද රැස්වීමක් පැවැත්වීමටත් ප්‍රතිවාදියාට ඇති ඉඩකඩ නිලබලය මෙන්ම බලාහාත්කාරය ද යොදා නැවැත්වීමෙන් ද මේ බව මොනවට ප්‍රකාශයට පත් කර ඇත.


    අවනීතිය රජයන්නේ විරුද්ධවාදීන් මර්දනයට නීතිය ක්‍රියාත්මක කරන ආයතන බලුසේවයේ යෙදවීම මගින් ය. ව්‍යාවස්ථාවට පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණයට වත් ඇති සැළකිල්ලක් නැතැයි දක්වා ඇත්තේ වරක් දෙවරක් නොවේ.


    මෙහි බහා ඇත්තේ සියල්ල ‍නොවේ. මෑතකදී සිදුවූ දේත් වඩාත් හිතේ ඇදුණු හා එකවර කල්පනාවට ආ දේත් ය. සම්පුර්ණ විස්තරයක් ලියන්නට පොතක් මදි ය. පොත් රාක්කයක්ම වුවමනා ය.


    එහෙම කරන මේ වහන්සේලාටත් චන්දය දෙන්නට මිනිසුන් ඉන්නා බව කල්පනා වෙන කොට අහෝ ලංකාව උඹ ගොඩ එන්නේ කවදාදැයි හිතට දුකක් දැනේ.


    එකම සහනයකට ඇත්තේ උන්ගේ ගොඩ සීඝ්‍රයෙන් අඩුවෙමින් පැවතීම ය.


    Source :- http://beyondframe.wordpress.com/2010/01/24/10jan241/
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ohao8.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    http://www.elakiri.com/forum/showthread.php?t=408791

    කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. සමස්ත ලාංකික සමාජයට ම මහින්ද රාජපක්ෂ පාලනය එපා වී තිබේ. එපා වීම කෙතරම් ද කිවහොත් ඡන්ද දූෂණවලින් පවා එය වසා ගැනීම දුෂ්කර වී තිබේ. මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අපි තොර ගත්තේ සත්‍ය උන් තොරගෙන ඇත්තේ බොරැව
    බලමු කව්ද දිනන්නේ කියලා

     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    http://www.elakiri.com/forum/showthread.php?t=408791

    කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. සමස්ත ලාංකික සමාජයට ම මහින්ද රාජපක්ෂ පාලනය එපා වී තිබේ. එපා වීම කෙතරම් ද කිවහොත් ඡන්ද දූෂණවලින් පවා එය වසා ගැනීම දුෂ්කර වී තිබේ. මහින්දට ඡන්දය දෙන අය පවා ඡන්දය දෙන්නේ කළගුණ සලකන්නැයි කරන සිඟමන් යැදීම නිසා මිස දූෂණය අනුමත කිරීම‍ට නොවේ. කළ ගුණ සැලකීම යනු කෝටි දෙකක ජනතාවගේ අනාගතය උගසට තැබීම නොවේ.
    20447_438646665466_819705466_10763506_7308022_n.jpg