හංසයා ලකුණට කතිරය ගැසූ හොර ඡන්ද කාඩ්
හංසයා ලකුණට කතිරය ගැසූ හොර ඡන්ද කාඩ්
22,000ක් පිටකොටුවෙන් අල්ලති
තවත් ලක්ෂ තිහක් බෙදාහරින සූදානමක්
උපාලි කරුණාරත්න
පුත්තලම ප්‍රදේශයට ඉතා සූක්ෂම ලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 22,000 ක් පිටකොටුව පොලිසිය මගින් පසුගිය 19 දා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ ව්‍යාජ ඡන්ද පත්‍රිකාවල “හංසයා” ලකුණ ඉදිරියේ කතිරයක් සටහන් කර තිබූ බවත්, මේ වන විට මෙවැනි ව්‍යාජ ඡන්ද පත්‍රිකා ලක්ෂ 30 ක් පමණ මුද්‍රණය කර රට පුරා බෙදාහැරීමට සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා පැවැසීය.
පිටකොටුව මාළු වෙළෙඳපොළ අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මේ ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන තිබේ.
සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු රැගෙන යමින් සිටි පෙට්ටි දෙකක් මේ පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් පරීක්ෂා කිරීමේදී මේ පත්‍රිකා තොගය සොයා ගත් බව ඊයේ (21) කොළඹ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නවරත්න මහතා කීය.
මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොදු ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව මෙහිදී කියා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නවරත්න මහතා, මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ද කීය.
මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පිටකොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
http://www.dinamina.lk/2010/01/22/_art.asp?fn=n1001221