සුභ දවසක් වේවා මා මිතුරනි…
වික්ටර් රත්නායක මහතා සහ ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස් දෙපළගේ සුසන්යෝගයෙන් 70 දශකයේදී දායාදවුණු තවත් අතිශයමධුරවූ දුලභ ගීතයක් ඔබ සැම හමුවේ තිළිණකරන්නටයි මේ වෑයම...
ගීතය:මා මෙතැන අවදිවී
මෙතනින් බාගන්න:http://www.sendspace.com/file/llmmer
*****************************************
මා මෙතැන අවදිවී
ඔබ ඔතැන අවදිවී
අප අපගැන හඬමින් රාත්‍රියේ
මා මෙතැන අවදිවී
ඔබ ඔතැන අවදිවී
කෙලෙසද සිහිනෙන්වත් හමුවන්නේ...
වැටකඩුළු රැහැන් බැමි හෙළා හෙළා
පෙර පැමිණි සුමුදු මඟ වසා දමා
පියවි නෙතින් දැකගන්නට බැරිවී…
ඔබ හඬාවැටෙනවාද සුසුම් හෙළා...
නෙත කඳුළුවලින් පුරවලා තෙමා
තව නොඉඳ අසුරකුදු නොවී පමා
යහන්ගැබට වැද සැතපෙනු මැනවී…
ඔබ සොයා එන්න සිහිනයක් වෙලා...
***********************************************
ඉතාමත් දුලභ, මනහර ගීතයකි. හැමෝම අහල, රසවිඳින්න.
ස්තූතියි.
LDS>>දෙසවනින් හදවතට
මමත් මේ ගීතය ගත්තා. ඔබට බෙහෙවින්ම ස්තූතියි.
