රාජ්‍ය නායකයා රහිත 62 නිදහස් සමරුව

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
රාජ්‍ය නායකයා රහිත 62 නිදහස් සමරුව

ජනතාව පත් කළ
රාජ්‍ය නායකයා රහිත
62 නිදහස් සමරුව

හොරකම් කළ කිරුළක්
බලෙන් පැළඳගත් වංචනිකයෙකුගේ
මිථ්‍යා අභිමානයෙන් කිළිටි වූ
62 නිදහස් සමරුව

img_7468.jpg

 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
තව මාස 81ක් යනකං අතුලට සෙනසුරු අපලෙලු :baffled: ඉතින් හැමෝම අතුලගෙ සියලු ග්‍රහ අපල දුරුවී තුන් බිය + මහින්ද බියත් දුරු වෙන්න කියල ප්‍රාර්තනා කරන්න

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

R02.jpg


දූෂිත මැතිවරණයට එරෙහිව ජනතාව වීදි බසී (දෙවන සංස්කරණය)
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 21:36 පසුගියදා පැවැත්වූ මැතිවරණය දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් බව පවසමින් අද කොළඹදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්විණි. "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යනු මැයෙන් දහස් ගණන් ජනතාව එක්ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි දහස් ගණන් ජනතාව එක්ව සිටියහ.

කොළඹ හයිඩ් පිටියේ පැවැති මෙම සුවිසල් ජන රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, නව සම සමාජ පක්ෂය, බස්නාහිර ජනතා පෙරමුණ, නව සිහල උරුමය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් හා ජනතාව එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ පක්ෂ නායකයෝ මෙසේ අදහස් දැක්වූහ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා,

"මහින්ද රාජපක්ෂගේ දූෂිත ජනාධිපතිවරණය 26 වෙනිදා පැවැත්වුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණයකින් පසුව මැතිවරණයෙන් සතියක් ඉ‍ක්මෙන්නත් පෙර දහස් ගණන් ජනතාව එක් රැස්වී කියා සිටින්නේ මේක දූෂිත මැතිවරණයක් බවට. මහින්ද රාජපක්ෂ පහුගිය කාලෙ ටෙලිකොම් එකෙන් හොරා කෑව. මිහින් එයාර් එකෙන් හොරා කෑව. එතනින් නොනැවතුණු රාජපක්ෂ පහුගිය 26 වෙනිදා අපේ රටේ ජනතාවගේ ඡන්දයත් හොරා කාලා ඉන්නේ. මේකයි මහින්ද රාජපක්ෂගේ පාලනය. ජනතාවගේ ජන මතය කොල්ලකාල, බලහත්කාරයෙන් තමන්ගෙ පවුලයි, සමීපතම කල්ලියයි ප්‍රජාතන්ත්‍ර විරෝධීව රටේ පාලනය ගෙනියන්න උත්සහ කරමින් ඉන්නෙ. මේකෙන් පැහැදිලියි මහින්ද රාජපක්ෂ ඉඩිඅමීන් චරිතයට පණ පොවමින් එය අපේ රටේ සජීවීව ගෙන හැර දක්වමින් තිබෙනවා.

මේ රටේ දේශපාලන පක්ෂ තනි තනි ලෙස හුදෙකලා කරමින්, තනි තනි ලෙස කැබලි කරමින් වර්තමාන ඉඩිඅමීන් පාලනයට මුහුණ දෙන්න බැහැ. වර්තමාන ඉඩිඅමීන් පාලනයට මුහුණ දෙන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බල‍වේගවල එකම පෙළගැස්මක් අවශ්‍යයි. අද මුළු හයිඩ් පිටිය සිසාරා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නායකත්වය දිය හැකි දේශපාලන පක්ෂත් එකම වේදිකාව ඉඳගෙන මේ ඉඩි අමීන් පාලනය පෙරලා දැමීම සඳහා, එය ඉදිරියට ගෙන යෑමට ඉඩ ලබා නොදීම සඳහා පෙළගැසී ඉන්නෙ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා,

පර්සි රාජපක්ෂගේ අවසානය සූදනම් කර අවසානයි. පසුගිය කාලයේදී අපි රට පුරාම අපි කියාගෙන ගියා අපේ ජයග්‍රහණය පැහැදිලියි. මීළඟ ජනාධිපති ජෙනරාල් ෆොන්සේකා. නමුත් අපිට සැකයි මේ ජයග්‍රහණය උදුර ගනියිද කියල. ඒ සැකය අපි හැමතැනම කිව්වා. මොකද අපි කරඟ කළේ කොම්පියුටර් ජිල්මාට්කාරයෙක් එක්ක. දැන් කොම්පියුටර් විතරක් හැම ජිල්මාට් එකක්ම එළියට ඇවිත් තියෙන වෙලාව. මේක ආපස්සට හරවන්න ඕනෙ. හරවන්න පුළුවන්.

පටන් ගත්තෙ අපට සුභ පැතුමක් දීල. කවදද 28 වෙනිදා උදේ. 28 වෙනිදා උදේ පර්සිගෙ මල්ලි "ගෝඨාභිය", එයා දැන් නම වෙනස් කරල ගෝඨාභිය කියල. මේ ගෝඨාභීය 28 වෙනිදා උදේ පාන්දර මට කෝල කළා. මම හලෝ කිව්වහම මට කියනව තොගේ ලංකා පත්තරේ ගිනි තියනව කියල. ඊනියා ජයග්‍රහණයෙන් පස්සෙ, ඡන්දෙන් පැරදුනාට පස්සෙ ඔන්න වියරු වැටිල. හැබැයි ගිනි තිබ්බද නැහැ. ඒකට සපෝර්ට් එකක් ගන්න කෙනෙක් දැන් නැහැ. ඒක බැරි වුණාම සීල් තිබ්බ. මෙහෙම ගොන් තකතීරු පියවරවල් ගත්ත. හැබැයි සඳුදා වෙනකොට සීල් කැඩුවා. ඊයේ ලංකා පත්තරේ ආපසු එළියට ආව. ඒ නිසා තේරුම් ගන්න ජනතාවට විරුද්ධව පියවර ගන්න මේ ආණ්ඩුවට බැහැ.

අපිව හිරේ දානවනම් අපි සූදානම්. ඕක අපිට අළුත් තැනක් නෙමෙයි. අපි අවුරුදු ගණන් හිටපු තැන්. ඒව අපිට ලොකු නෑ. එහෙනම් ලෑස්ති කරපන් මේ රටේ ලක්ෂ ගණනකට හිර ගෙවල් ලෑස්ති කරපන්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, නිදහස වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව හිර ගෙවල්වලට යන්න සූදානමින් ඉන්නෙ.

දැන් සාධාරණ මැතිවරණ වෙනුවෙන් සූදානම් නම් ගෙනෙන් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය. එතකොට මේ රටේ සාධාරණ නිදහස් ඡන්ද තියෙයි. එහෙම නැත්නම් නෑ. හැමෝම මතක තබා ගත යුතු දෙයක් තියෙනව. ඒ තමයි මේ රටේ නිදහස ඉතුරු වුණොත් අලි ඉතුරු වෙයි, සීනුව ඉතුරු වෙයි. නැත්නම් නෑ. මෙතනින් ඉස්සරහ තියෙන් අලිය නෙමෙයි, සීනුව නෙමෙයි, නිදහස. නිදහස.. නිදහස... ප්‍රජාතන්ත්‍රවාදය. වෙන මුකුත් නෑ.

ජනතාව දැන් තීරණයක් ගන්න ඇකිලිලා ඉන්නවද, වකුටු වෙනවද, කට වහගන්නවද, කන්නෙ බොන්නෙ නැතුව ඉන්නවද, නෑ. එමෙනම් අපි අවසාන කරන්නම් අපේ සගයෙක් බන්ධනාගාර තාප්පෙ අඟුරු කැල්ලකින් ලියපු කවියෙන්.

හදට සෝ ගිනි කුසට සාගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය අකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා..."

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා,

"තමුන්නාන්සේලා පසුගිය මාස එකහමාරක කාලය තුළ ඉතාම කැපවීමෙන්, ඉතාම බලාපොරොත්තු සහිතව, රට ඉදිරියට ගෙන යෑමට, රට ගොඩනැගීමට අපිත් එක්ක එකතු වුණා. අපි ඒ ගමන යන්න ලෑස්ති වුණා. ඒ වෙනුවෙන් අති විශාල ජනතාවක් අපිට අනුමැතිය දුන්නා. නමුත් ඒ දේ එක් කණ්ඩායමක් හොරකම් කළා. මේ හොරකමේ මුවාවෙන් තමුන්නාන්සේලාගේ හුඟක් දේවල් උදුර ගත්ත. පළමුවෙන් පුරවැසියන් හැටියට තිබුණු අයිතිය උදුර ගත්ත. අන්තිමේදී ඔවුන් හොරකමින් ඉතාම කෙටි කාලීන ජයග්‍රහණයක් ලබා ගත්ත. අපි ඒ ගැන කණගාටු වෙන්නෙ නැහැ. රටේ ජනාතවට අහිමි වූ දේවල් අපි නැවත ලබා දෙනවා. ඒ තාවකාලික ජයග්‍රහණ අපි අවලංගු කරනවා.

දැන් මේ අය ඉඩිඅමීන් කරපුව පියවරෙන් පියවර කරගෙන යනව. ලෝකෙ ඉඩිඅමීන් අංක එක කළු පාටයි. ඉඩිඅමීන් අංක දෙක සුදු පාටයි. මේක ඉතාම කණගාටුදායක කාරණාවක් මේ වගේ සීලාචාර මිනිස්සු ඉන්න රටක ඉඩිඅමීන් කෙනෙක් බිහිවීම පිළිබඳව.

අපි කියනව මේ රටේ ජනතාවගේ අයිතිය හිර ගෙවල්වල ලැගල හරි ලබා දෙන්න අපි සූදානම්. මේ නායකයින් මාත් එක්ක ඉන්නව. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් කැපවෙන්න ඉදිරියේදීත් සූදානම්."

එක්සත් ජාතික පක්ෂ‍යේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා,

"මේ රටේ ජනතාවගෙන් බහුතරයක් මේ මැතිවරණය පිළිගන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ප්‍රතිපලය ආණ්ඩුව මංකොල්ලකෑව කියල, හොරකම් කෙරුව කියල පිළිගෙන අවසන්. මේ ආණ්ඩුව ජෙනරාල් ෆොන්සේකට කොච්චර බයවෙලාද කියනව නම් ජනාධිපතිවරණයේ ප්‍රතිපල එන්නත් ඉස්සරවෙලා හමුදාව දාල බය කරන්න හැදුව මේ සටන නවත්තන්න. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට සිය ගණනක් අත්අඩංගුවට අරගෙන. පත්තර කන්තෝරු සීල් කරන්න පටන් අරන්. සමහර වෙබ් අඩවි තහනම් කරන්න යනව. මේව කරල ජනතාවගේ මේ විරෝධය නවත්තන්න බැහැ.

අද මෙතැනින් පටන් ගත්ත මේ විරෝධය රට පුරා ගෙනිහින් රාජපක්ෂ ජනාධිපතිවරයා බලෙන් ලබා ගත්ත මේ ජනාධිපති ධූරයේ පුටුවෙන් බස්සන්න ජනතාව පෙළගස්වන්න අපි සූදානම්"

නව සමසමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා,

"මේ රටේ මේ මහ රජ්ජුරුවන්ට එයාගෙ කිරිබත් කන්න මිනිස්සු නැතුව ඉන්න වෙලාවේ මේ හයිඩ් පාර්ක් එය පිරිල ඉතිරියා යන තරමට එයාට විරුද්ධව මෙච්චර සෙනගක් එකතු වෙලා තියෙනව. එයා පාරවල් පාරවල් ගානෙ කිරිබත් බෙදනව. පාරෙ යන අයට බලෙන් අඬගහල තමයි කවන්න ඕනෙ. ඒ නිසා පැහැදිලිවම පේනව එයා මේ තරම් ඡන්දයක් අරන් නැහැ කියල.

අද මේ පිට්ටනියට ඇවිල්ල අපි කියන්නෙ මේ සටන කරල මහින්දයට එළවල මිසක ආපහු යන්නෙ නැහැ කියන එක. මේ රටේ නිදහස, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ යුක්තිය, සාධාරණය නැතිවෙලා යන මේ වෙලාවෙ එයට එරෙහිව නොනවත්වා සටන් කරන්න, මේ සටන ඉදිරියට අරගෙන යන්න, ඒ වගේම ඒ සටන ජය අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් ලබා ගෙන මිස මේ සටන අතාරින්නෙ නැහැ."

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා,

"මෙවර මහින්ද රාජපක්ෂ මහත්තය ඉතාම වංචනික ලෙස, දූෂිත මැතිවරණයක ජය ලබා ගත්ත කියල ඉතිහාස ගත වෙලා අවසානයි. දැන් රටට අවශ්‍ය දෙයක් අපි කළ යුතුව තිබෙනවා. ඒ කුමක්ද අපි අතර තිබෙන මේ සමගිය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේමයි මේ මැතිවරණයේදී අපිට නියත වශයෙන්ම ලැබුණු ඒ ජයග්‍රහණය හොරාකාපු මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එන මහ මැතිවරණයේදී පළවා හැරීමට අපි කවුරුත් එකතු වෙලා කටයුතු කරමු. එකට පෙළ ගැසෙමු. අපේ සහයෝගය මේ වගේම ඉචිරියට ගෙනියමු කියල මම ඉල්ලා සිටිනවා."

මෙම අවස්ථාව සඳහා තවත් පක්ෂ ගණනාවක නායකයින් හා අති විශාල ජනතාවක්ද රැස්ව සිටියහ.



R300.jpg

R04.jpg




R03.jpg
 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අතුල මාමෙ, ජනතාවගෙ ජනාධිපතිට කියල අපේ ග්‍රවුන්ඩ් එකට ලයිට් දාල දෙන්නකො :oo: රෑට මැච් එකක් වත් ගහන්න බැහැ කරුවලයි :dull:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අතුල මාමෙ, ජනතාවගෙ ජනාධිපතිට කියල අපේ ග්‍රවුන්ඩ් එකට ලයිට් දාල දෙන්නකො :oo: රෑට මැච් එකක් වත් ගහන්න බැහැ කරුවලයි :dull:
සුළු දෙයක්නෙ,
දැන් හොරා ගෙදර යවන්න සප් එක දෙන්න.

:yes:
 
  • Like
Reactions: Java00

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC



නව සමසමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා,

"මේ රටේ මේ මහ රජ්ජුරුවන්ට එයාගෙ කිරිබත් කන්න මිනිස්සු නැතුව ඉන්න වෙලාවේ මේ හයිඩ් පාර්ක් එය පිරිල ඉතිරියා යන තරමට එයාට විරුද්ධව මෙච්චර සෙනගක් එකතු වෙලා තියෙනව. එයා පාරවල් පාරවල් ගානෙ කිරිබත් බෙදනව. පාරෙ යන අයට බලෙන් අඬගහල තමයි කවන්න ඕනෙ. ඒ නිසා පැහැදිලිවම පේනව එයා මේ තරම් ඡන්දයක් අරන් නැහැ කියල.

අද මේ පිට්ටනියට ඇවිල්ල අපි කියන්නෙ මේ සටන කරල මහින්දයට එළවල මිසක ආපහු යන්නෙ නැහැ කියන එක. මේ රටේ නිදහස, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මේ රටේ යුක්තිය, සාධාරණය නැතිවෙලා යන මේ වෙලාවෙ එයට එරෙහිව නොනවත්වා සටන් කරන්න, මේ සටන ඉදිරියට අරගෙන යන්න, ඒ වගේම ඒ සටන ජය අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් ලබා ගෙන මිස මේ සටන අතාරින්නෙ නැහැ."

මේ වික්‍රමබාහුට එයාගෙ චන්දෙ දාන්න වත් අයිඩෙන්ටි කාඩ් එක තිබුනෙ නැහැ නේද :rofl: චන්ද 7,055 ක් අරගෙන (0.07%) දැන් මිලියන 6ක් ගත්ත මනුස්සයෙක්ට කියන කතා, බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙයිද ? :rolleyes:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
සුළු දෙයක්නෙ,
දැන් හොරා ගෙදර යවන්න සප් එක දෙන්න.

:yes:

ශුවර්ම ශුවර්, ආයි කවදාවත් මහින්දට චන්දෙ දෙන්නෙ නැහැ
:lol::lol::lol:
(ආයි ඉල්ලන්නත් බැහැ නේද)