30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග

30 වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ග ම‍‍ගේ මහත්තයට ලැබිලා - අනෝමා ෆොන්සේකා ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 12:53 ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තා නොව, පැහැර ගත් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ තෑග්ගක් ලෙස මෙසේ කටයුතු කර ඇති බවත්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද පැවසුවාය.

"ඊයේ රාත්‍රී 9.30ට විතර කාර්යාලයේ ඉන්න කොට යුධ හමුදාවේ අය ඇවිත් අත්අඩංගුවට අරන්. යුධ හමුදාවෙන් ඇවිත් අත්අඩංගුවට ගැනීම ප්‍රශ්නයක්. මොකද මගේ මහත්තය දැන් සාමාන්‍ය පුරවැසියෙක්. සාමාත්‍ය පුරවැසියෙක් අත්අඩංගුවට ගන්න ක්‍රම තියෙනව. සාමාන්‍යයෙන් පොලිසිය මගින් තමයි අත්අඩංගුවට ගැනීම් සිදු කරන්නේ. නමුත් ඊයේ රාත්‍රී ම‍ගේ මහත්තය අත්අඩංගුවට ගත්තේ යුධ හමුදාවෙ නිලධාරීන් හා සෙබලුන් එකතු වෙලා. මේ කටයුත්තේ මූලිකයා ලෙස කටයුතු කළේ ජෙනරාල් මානවඩු කියන තැනැත්තා. මම ඔහුව හොඳින්ම දන්නව.

මෙතනදි කියන්නේ හමුදා නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගත්ත කියල. මමත් යුධ හමුදාවේ නීතිය දන්නව. මගේ දැනුමේ තරමට වගේම යුධ හමුදාවේ නීතියට අනුව යම් හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට ගන්න ඔහුට වඩා ඉහළ නිලධාරියෙකු සිටිය යුතුයි. ඒ වගේමයි අත්අඩංගුවට ගැනීමේ පිළිවෙලක් තියෙනව වැදගත් ලෙස.

මේක අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි, මේක පැහැර ගැනීමක්. ඔහුව අරන් ගිහින් තියෙන්නේ ඔසවාගෙන. මේ අවස්ථාවේදී මගේ මහත්තය කියල තියෙනව මම සාමාන්‍ය පුරවැසියෙක් විදියට පොලිසියට භාර වෙන්නම් කියල. නමුත් ඒ අවස්ථාවේදී මානවඩු කියන මේජර් ජෙනරාල්වරයා පොලිසිය පහළ ඉන්නව කියල. නමුත් ඒක බොරුවක්. ඒ අවස්ථාවේ කිසිදු පොලිස් නිලධාරියෙක් ඉඳල නැහැ. ඒ බොරුව කියල තමයි ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඇත්තෙන්ම මේක පැහැර ගැනීමක්.

මගේ මහත්තය රඳවා සිටින තැන් මම තවම දන්නේ නැහැ. ඇයි ඒක එහෙම වෙන්නේ. අත්අඩංගුවට ගත්තානම් ඔහු සිටින තැන අපට කියනව. මම ඔහුගේ බිරිඳ හැටියට ඒක දැනගත යුතුයි. නමුත් ඒ කිසිවක් අපි තාම දන්නේ නැහැ. කාගෙන්වත් ආරංචියක් වත් නැහැ.

මම දැනගන්න කැමතියි අවුරුදු තිහක් පුරා දුර ගිය මහා අමානුෂික යුද්ධය ඉවර කරපු දේට දෙන ත්‍යාගයද මේ. මම දන්නව ඔහු කැපවෙලා යුද්ධයට ‍දායකත්වය දක්වපු හැටි. ඔහුට රජය පෙරලීමට අවශ්‍ය වුණා නම් ප්‍රභාකරන් අවසන් කරපු වෙලාවෙම ඒක කරන්න තිබුණා. ඔහුට එවැනි කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි ඔහු කිසිම අවස්ථාවක නිල ඇඳුමින් දේශපාලනය කරල නැහැ.

ඒ සියලු දේ කරල අන්තිමේදී හරියට සතෙක් ගෙනියනව වගේ මගේ මහත්තයව අරන් ගිහින් තියෙන්නේ. ඒ වගේමයි මේ ජෙනරාල් මානවඩු සමඟ ආපු අනෙක් අය මගේ මහත්තය අත්අඩංගුවට ගැනීමට අදිමදි කරද්දි ඔහු ඉතා අසභ්‍ය විදියට ඒ අයට බැන වැදිල, "මූව අරගනින්" කියල, ඒ වචන ඒ විදියටම පාවිච්චි කරල තමයි අරන් ගිහින් තියෙන්නෙ.

ඒ වගේම මම කියන්න කැමතියි කාන්තාවන්ට මේක අද මට වුණා. හෙට ඔබගේ සැමියට වෙන්න පුළුවන්. ඔබගේ පියාට වෙන්න පුළුවන්. අපි මේ සඳහා එක්තැන් විය යුතුයි. රජය මෙවැනි පහත් තත්ත්වයට පත්වීම ගැන මම කනගාටු වෙනවා. මම හැම කාන්තාවකටම කියන්නේ මට වෙච්චි ‍දේ ඔබට සිදු නොවීමට අපි එකතු වෙමු. අපි කාන්තාවන් ලෙස එකතු වෙලා මෙයට විරුද්ධව යමක් කළ යුතුයි. ඒ වෙනුවෙන් මා සමඟ එකතු වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා."




 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka



මෙය කියවීමෙන් පසු
ඔබ කිසියම් කුරිරු තෘප්තියක් වින්දා විය හැකිය.
ඉදින් හඳුනාගන්න
ඔබද වෙස්වළාගත් ම්ලේච්ඡයෙකි.
:frown:
 

digitaldjs

Member
Aug 11, 2007
926
36
0



මෙය කියවීමෙන් පසු
ඔබ කිසියම් කුරිරු තෘප්තියක් වින්දා විය හැකිය.
ඉදින් හඳුනාගන්න
ඔබද වෙස්වළාගත් ම්ලේච්ඡයෙකි.
:frown:

Atulata nagala, ilangata ussan yanne umbawa
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
මම මේ දන්නේ නැති හින්දා අහන්නේ...
කලවැද්දෙක් වගේද කුදලගෙන ගිහින් තියෙන්නේ....?
 

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඒ වගේම මම කියන්න කැමතියි කාන්තාවන්ට මේක අද මට වුණා. හෙට ඔබගේ සැමියට වෙන්න පුළුවන්. ඔබගේ පියාට වෙන්න පුළුවන්. අපි මේ සඳහා එක්තැන් විය යුතුයි. රජය මෙවැනි පහත් තත්ත්වයට පත්වීම ගැන මම කනගාටු වෙනවා. මම හැම කාන්තාවකටම කියන්නේ මට වෙච්චි ‍දේ ඔබට සිදු නොවීමට අපි එකතු වෙමු. අපි කාන්තාවන් ලෙස එකතු වෙලා මෙයට විරුද්ධව යමක් කළ යුතුයි. ඒ වෙනුවෙන් මා සමඟ එකතු වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා."

    අතුල අංකල් ඔන්න සෙට් වෙනවනම්....ඔයාට වටිනා අවස්ථාවක් :eek:
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මම මේ දන්නේ නැති හින්දා අහන්නේ...
    කලවැද්දෙක් වගේද කුදලගෙන ගිහින් තියෙන්නේ....?

    පාහරයො ටිකක් ඇවිත් කලවැද්දෙක් අරන් යනවා වගේ අරන් ගිහින් තියන්නේ :rofl:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    පාහරයො ටිකක් ඇවිත් කලවැද්දෙක් අරන් යනවා වගේ අරන් ගිහින් තියන්නේ :rofl:

    මේක නම් මහ පාහර වැඩක්.
    ඒක තොත්ත බබෙකුට වුනත් තේරෙනවා...:dull:

    අනිත් අතට යුධ හමුදා නිලධාරියෙක් යුධ සේවයෙන් ඉවත් වෙලා අවුරැදු 3 ක් යනකන් සම්පූර්ණ සිවිල් මිනිහෙක් වෙන්නේ නෑ. යුධ අධිකරණයකට ගෙනියන්න පුලුවන්...
    කුම්භලා මාලු කෑවා නම් විදවාපං බළලෝ කියලත් කියමනක් තියනවානේ...
     

    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0



    මෙය කියවීමෙන් පසු
    ඔබ කිසියම් කුරිරු තෘප්තියක් වින්දා විය හැකිය.
    ඉදින් හඳුනාගන්න
    ඔබද වෙස්වළාගත් ම්ලේච්ඡයෙකි.
    :frown:


    apoi...ow......Sarath Ponseka....Army eke Girls lawa rape karana welawe tho...koheda hitiye........ ane yako....thopila wage Europe $ walata weda karana kalu sinhalayo...pita kotuwe 10Rs hoya ganna puluwan athula malli.....
    oba thuma miya yana mohothediwath hithata hegei...mama wage kalakanniyek...noipadunanam hodai kiya.....