මේක ඇත්ත නම්, කරපු උන්ට හෙන හතම ගහන්න ඕනෙ

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
මේක ඇත්ත නම්, කරපු උන්ට හෙන හතම ගහන්න ඕනෙ

ජෙනරාල්ට මඩ ගසන්නැයි බල කරමින් පැහැරගත් ආබාධිත සෙබලාට පහරදීලා ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 20:47

පසුගිය 11 වැනිදා සිට අතුරුදහන් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා‍ගේ කොළඹ රාකීය මාවතේ පිහිටි කාර්යාලයේ සේවය කළ ආබාධිත හමුදා නිලධාරියා අද කොළඹ ටවුන්හෝල් ප්‍රදේශයෙන් හමුවී ඇත. මෙම ආබාධිත සෙබලා හමුවී ඇත්තේ ඔහුට දැඩි ලෙස පහරදී ටවුන්හෝල් ප්‍රදේශයේ මහමග දමා ගොස් තිබියදීය. පහරකෑමෙන් දැඩි ලෙස රෝගාතුරවී ඇති මෙම ආබාධිත රණවිරුවා මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ 7 වන වාට්ටුවේ ප්‍රතිකාර ගිනිමින් සිටී.

රාගම, තුඩුවේ‍ගෙදර පදිංචි ජේ. අශෝක කුමාර නම් මෙම ආබාධිත රණවිරුවා පසුගිය 11 වැනිදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ කාර්යාලයට යන බව පවසා නිවසින් පිටත්ව ඇත. මෙහිදී කිසියම් පිරිසක් විසින් ඔහුව පැහැරගෙන ගොස් ඇත. පැහැරගෙන යාමෙන් පසු ඔහු ලවා ලිපියක් ලියවා ගැනීමට මෙම පිරිස උත්සහ දරා ඇත. එම ලිපියේ කරුණු තුනක් සටහන් කර තිබූ බවත්, එය සත්‍ය බවට අත්සන් කරන ලෙසට ඔහුට බල කළ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මෙම රණවිරුවා අප හා පැවසීය. මෙහි සඳහන්ව තිබූ කරුණු වන්නේ

01.ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඔහුට ගිනි අවියක් ලබා දුන් බව,

02. ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතා හා මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ටෙලි නාට්‍ය නිලි උපේක්ෂා ස්වර්ණමාලී (පබා) සමඟ පසුගිය කාලයේදී අනියම් සබඳතා පැවැත්වූ බව,

03. ‍තමන් යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය පසු තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට නම් සිය බිරිඳ ජෙනරාල් සමඟ අනියම් ඇසුරක් වෙනුවෙන් ලබා දිය යුතු බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා තමන්ට පැවසූ බව.

යන කරුණුය.

මෙම කරුණු සත්‍ය බවට අත්සන යොදන්නේ නම් කිසිදු හිරිහැරයකින් තොරව ඔහුව නිදහස් කරන බවට මෙම පැහැර ගත් පිරිස පවසා ඇත. මෙම ලිපියට අත්සන් කිරීමට ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර, පසුව ඔහුට මුදල් පෙන්වා මෙම මුදල් ලබා දෙන බවත්, ලිපියට අත්සන යොදන ලෙසත් පවසා ඇත.

නමුත් එයට ද මෙම රණවිරුවා එකඟ නොවීමෙන් පසු ඔහුගේ හිසේ කෙස් කපා ඇති මෙම පිරිස, ඔහු‍ගේ ඇහි බැම විවිධ උපකරණ යොදා ගනිමින් උගුල්ලා ඇත. පසුව අමානුෂික ලෙස පහරදී දිගින් දිගටම ලිපියට අත්සන් යොදන ලෙස බලකර ඇත. නමුත් එම කරුණට විරෝධය දැක්වීමෙන් පසු තවදුරටත් පහරදී පසුව අද ටවුන්හෝල් ප්‍රදේශයේදී මොහුව දමා ගොස් ඇත.

තමන්ව පැහැර ගත් හා මෙම සිදුවීමට සම්බන්ධ වූ කිසිවෙකු තමන් මීට පෙර දැක නැති බවත්, තමන් ගෙන ගිය ස්ථානය දැක ගැනීමට නොහැකි වන සේ තමන්ගේ දෑස් බැඳ ගෙන ගිය බවත් අශෝක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ආබාධිත රණවිරුවා සැරයන්වරයෙකු ලෙස 1995 වසරේ ජයසිකුරු මෙහෙයුමේදී සිටියදී ආබාධිත තත්ත්වයට පත්වීම නිසා වෛද්‍ය හේතු මත හමුදා සේවයෙන් විශ‍්‍රාම ගිය අයෙකි. ජෙනරාල් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු ඔහුට සහාය දක්වමින්, මෙම සැරයන්වරයා මාස 1 1/2 ක පමණ කාලයක් එම කාර්යාලයේ සේවය කර ඇත.

R03_1.jpg


R02_1.jpg


R01_1.jpg
 
Last edited:

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙන්න මෙහෙමද සංවේදි නායකයා රණවිරැවන්ට සලකන්නේ
    හෙන හතම වැදියන්.. මුන්ගේ පරම්පරාවටම
     

    cmsn

    Member
    Dec 27, 2008
    4
    0
    0
    machan boruwata wachana nasthi karanna epa ban. me loke ukthiya sadaranaya kiyana dewal boru ban. eka eka agam wala kiyana dewal okkoma boru kiyala dan penawane. mokada me karana dewal walata swabawadarmayenwath daduwam labenne nahane.
    api geewath wena loke boru mayawak witharai ban. don't trust anything rather than your self and your loving people.
    me loke mokak hari balawegayak thiyenawa nam me karana dewal walata munta ikmanatama paladenna ona........
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    කවුද දන්නෙ ඔය නිව්ස් එක ඇත්තක්ද කියලා.. ජාතිකේ හරි ITN එකේ හරි යයිද කියලා බලල ඉන්න එපැයි.
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Kala kanni hathikarayak mun nam....

    Mun ta me karana ewa jathi jathith padisan dei....