හිජාබය Al- Hijab

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
අල්ලා දෙව්යනි
නුඹ රෝස මලට කටු පෙලවල්
ඇතුරුවේ
අපහසු ලගාකිරිමකටනම්
නුඔ මැවු
ගැහැණියට කටු පලදන්න
අපට පැවරුවේ ඇයි
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අල්ලා දෙව්යනි
නුඹ රෝස මලට කටු පෙලවල්
ඇතුරුවේ
අපහසු ලගාකිරිමකටනම්
නුඔ මැවු
ගැහැණියට කටු පලදන්න
අපට පැවරුවේ ඇයි

ha ha oowa kiyan epa...umbawa gal gahala marala daawi islam aagame shariya neethiyata anuwa..:nerd:
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
අන්තිම විනිස්චය

සියල්ල සිද්ද වන්නේ දෙවියන්ගේ කැමැත්තටනම්
සිදුවන හොර මැරකම්
නුබෙ තිරණද?
ජනාධිපතිවරණයෙදි
උප්පැන්න සහතිකේකුත් නැතුව
හොර චන්ද දැමමෙ නුබද?
අන්තිම විනිස්චය
නුබට දෙන්නේ සාතන්ද?
:lol::lol::shocked::shocked:
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සියල්ල සිද්ද වන්නේ දෙවියන්ගේ කැමැත්තටනම්
    සිදුවන හොර මැරකම්
    නුබෙ තිරණද?
    ජනාධිපතිවරණයෙදි
    උප්පැන්න සහතිකේකුත් නැතුව
    හොර චන්ද දැමමෙ නුබද?
    අන්තිම විනිස්චය
    නුබට දෙන්නේ සාතන්ද?
    :lol::lol::shocked::shocked:

    කවි සිතුවිලි....

    :shocked::shocked:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    malli tambi 2ma ekai :lol::P:P apr maase tawa hodata kewum kaapan:lol::lol::rofl::rofl:


    නෑ ඌ එතන කියල තියෙන්නෙ දෙමළෙන් තම්බි = මල්ලි නෙමෙයි..:no:

    සිංහලෙන් කියන විදිහට තම්බි = හම්බ කියන එකයි..:lol:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම නම් ඒම එකක් අහලා නෑ..:ලොල්:තම්බි කියන්නේ සින්ග්ලිස් වලින් මල්ලි කියන එකට :D :P :D
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ජලයේ තරම ජලය දෙනගනී කියල කතාවක් තියෙනවා ,ඒ හින්ද ගැනු ළමයන්ට ඇදුම් අන්දන්න විශේෂ මහන්සියක් ගන්න ඕනේ නෙහෙ කියල මන් හිතන්නේ ,සමස්තයක් වශයෙන් බටහිර රටවල් වලට වේදියා සංවරව ඇදුම් අදින ලංකාව වෙනි රටවල කම අපරාද වෙඩිය් ,එනිසා ගැනු ළමයින්ට අගපුරා නින්ජා කිට් අන්දලා ඒ අයගේ මුළු නිදහසත් ,හෙගිමුත් ,අවස්තාත් බලෙන් වහල දාලා ගැහෙනිය පුරුෂයාගේ අවෂතවලට පමණක් ගන්න දෙයක් විතරක් කරන බුරු චින්තනයට උද ගෙඩි දෙන ලස්සනට ලියල තියෙන (බොරු උපමා යොදල ) කවියක් හෙටියටඊ මන් නම් මේ කවිය දකින්නේ ,එළකිරියේ ඉන්නේ හුගක් තරුණ අය කියල මන් හිතන්නේ එත් හුග දෙනෙක් මේ කවියට mazaaa: කියල තිබ්බ .මේ අය මෙහෙම කුහක පටු අදහස් තියෙන අයද කියල හිතන්නත් amarui .සමහර වෙලාවට තමන්ගේ යාලුවෙක්ගෙ දෙයක් උද දන්නා ඇති .කොහොම උනත් මන් මේවා කිව්වේ කිසිම ආගම බේදයකින් තොරව :no::no::no::no::no:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕම ඕම කියලා තමයි...පට්ට චාටර් විදිහට හැදන් ගිහිල්ලා චා වෙලා.. හැමදාම රේප් දැන් ලෝකයට වෙලා තියන්නේ..

    1,900 raped every day in America

    Washington: Nearly 1,900 women are raped every day in America, according to a study released on Thursday that paints a much grimmer picture than US Justice Department figures announced earlier this week.

    The National Victim Center, which promotes the rights of victims of violent crime, said 1.3 adult women are raped every minute and 683,000 US women are raped each year, based on a survey of more that 4,000 women, including 579 rape victims.

    One in eight adult American women has been raped, bringing the total of rape victims to at least 12.1 million, it said.

    The survey indicated that 61 per cent of all rape cases involve women under 18 and that 29 percent of all rapes occurred when the victim was less than 11 years old.
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඕම ඕම කියලා තමයි...පට්ට චාටර් විදිහට හැදන් ගිහිල්ලා චා වෙලා.. හැමදාම රේප් දැන් ලෝකයට වෙලා තියන්නේ..

    1,900 raped every day in America

    Washington: Nearly 1,900 women are raped every day in America, according to a study released on Thursday that paints a much grimmer picture than US Justice Department figures announced earlier this week.

    The National Victim Center, which promotes the rights of victims of violent crime, said 1.3 adult women are raped every minute and 683,000 US women are raped each year, based on a survey of more that 4,000 women, including 579 rape victims.

    One in eight adult American women has been raped, bringing the total of rape victims to at least 12.1 million, it said.

    The survey indicated that 61 per cent of all rape cases involve women under 18 and that 29 percent of all rapes occurred when the victim was less than 11 years old.
    ඔය කියන කතාව ඇත්ත නම් අපි මුළු අමෙරිචාවටම හිජබය අන්දමුද ,එතන තියෙන්නේ ඇදුමේ ප්‍රශ්නයක් නෙවෙඉ බන් ,කරන එකාගේ තිරිසන් ගතිය ,එකට සරණ ගනුන්ට මුළු අග පුරාම ලෝගුවක් දාලා ගෝනි බිල්ලෙක් කරලා ඇවිදින කළු පෙට්ටියක් කරලා හරියන්නේ නෙහෙ ,ඒවා නීති මගින් මේඩ පවත්වන්න ඕනේ ,අද්යපනයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් ඒ සම්බන්දව ,
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත.
    ඕනෑම අවස්ථාවක යම් දෙයක් වසා තබන්නේ නම් එය සුරක්ෂිතව තිඛෙන්නේය. යම් දෙයක් ආරක්ෂාකර, එහි නිකැළැල් බව රැකගනු ලබන්නේද එම භාණ්ඩය (හෝ වස්තුව) උසස් දෙයක් ලෙස ජනයා පිළිගන්නේය. මේ ආකාරයෙන්ම කාන්තාවන්ගේ නිකැළැල් භාවය හා උසස්භාවය රැකගැනීමේ උත්තරීතර අරමුණින් ඉස්ලාමය කාන්තාවන්ට තමන්ව ආවරණය කරගන්නා ලෙස නියමකර ඇති බව පහත සදහන් කුර්ආන් පාඨය මඟින් තේරුම් ගත හැක. —
    නබිතුමනි,, ඔබ ඔබේ භාර්්‍යාවන්ටත්, ඔබේ ගැහැණු දරුවන්ටත් විශ්වාස වන්තයින්ගේ කාන්තාවන්ටත් ඔවුන්ගේ වස්ත්‍රයෙන් කය වසාගන්නා ලෙස පවසන්න. ඔවුන් අභිමානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතරවලට මුහුණ නොපා සිටීමට මෙය පහසු මඟක් වන්නේය. අල්ලාහ් අති ක්ෂමාශීලී, මහා කාරුණිකය.˜ (අල්-කුර්ආන් 33: 59).


    ඉහත කුර්ආන් පාඨය ගැන ඉතා ගැඹුරින් අවධානය යොමුකර, අද කාන්තාවන්ට අත්වී තිඛෙන ඉරණම හා දුක් ගැහැට ගැන සිතුවොත් හිජාබයේ වැදගත්කම මනාව අවබෝධ වන්නේය.
    අද සමාජයේ කාන්තාවන් පිරිමින්ගේ කෙලි බඩුවක් හා ඔවුන්ගේ සමච්චලයට ලක්වූ පිරිසක් බවට පත්වී ඇති බව දකින්නෙමු. අසභ්‍ය කාව්‍යයන්, චිත්‍ර, ඡායාරූප හා සිනමාව මිනිසා තුල ඇති කාමුකත්වය අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට හේතුවන අතර ඔවුන්ගේ ගොදුර වන්නේ කාන්තාවයි.


    කාන්තාවන් වැඩපල කිරීම, පොදු වාහනවල ගමන් බිමන් යාම පොදු ස්ථානවල රැස්වීම, අවශ්‍යතාවකට මහ මගේ ගමන් කිරීම යනාදිය කිසිවක් ඉස්ලාමය තහනම් කර නැත.
    එහෙත් අන්‍ය පිරිමින්, ගැවෙසෙන විටත්, ඇසුරු කිරීමට සිදුවේ නම් එවැනි අවස්ථාවල තමන්ගේ ආරක්ෂාව පිණිස හිජාබය සහිතව යායුතු බව ඉස්ලාමය කියයි. එසේ සහභාගිවීමෙන් (කටයුතු කිරීමෙන්) ඔවුන් වැදගත් පිරිසක්සේ සැළකෙන අතර වෙනත් අතවර හා හිරිහැර කිසිවක් සිදු නොවන්නේය. මේ කනගාටුදායක තත්ත්වයෙන් කාන්තාවන් මුදවා ගැනීම ඉස්ලාමයේ අරමුණ වන්නේය.


    මෙපමණක් නොවේ
    අද කාන්තාවක් නිවසින් බැහැරවී පාරේ ගමන් කරන විටත් සේවාස්ථානවලත් බස්, දුම්රිය, ගුවන් ආදි නැවතුම් පළවලත් රැඳී සිටිනුයේ නිතර සිතේ චකිතයක් ඇතුවය. කා අතින් හෝ තමන්ට අතවරයක් සිදුවෙයි යන බිය ඈ තුල නිතර පවතියි. මෙය නිවසෙන් පිටව ගිය කාන්තාවට පමණක් නොව නිවසේ සිටින අයටද තම නිවසෙන් පිටව ගිය කාන්තාව ගැන බියක් පවතියි. මේ සියල්ලට හේතුවන්නේ ඇයගේ ඇඟ පසඟ වැසෙන පරිදි ඇඳුම් පැළඳුම් භාවිතා නොකිරීමයි.


    ඉහත සදහන් කළ අදහස්වලට සවන් දෙන අය ආපසු අපෙන් මෙලෙස ප්‍රශ්න කරති. හිජාබ් වැස්ම ඇන්දවිටත් ඉහත දැක්වූ කරදර කිසිවකට මුහුණ පාන්නට සිදු නොවේ යැයි සහතිකව කිව හැකිද? නරක පුරුදු ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් නැතත් කාන්තාවන්ට අතවර නොකරන්නේද?

    khaleejii-hijab2.jpg
    අප ඔවුන්ට දෙන පිළිතුර ගැන අවධානයෙන් බලන්න. හිජාබ් අඳින්නේ නම් සත්‍ය වශයෙන්ම මේ තත්ත්වය උදා නොවේ යැයි සහතිකව කිවහැක. ඒත් එක් දෙයක් ගැන සැළකිල්ල යොමු කළ යුතුය. කාන්තාවගේ හැඟීම් හා පිරිමියාගේ හැඟීම් අතර වෙනසක් ඇත.
    කාන්තාවන් ස්පර්ශය තුලින් හැඟම්බර වන අතර පිරිමින් සිය දෑසට හමුවන ආකර්ශණීය දර්ශණ තුලින් හැඟම්බර වෙයි. මෙය විද්‍යාත්මකව සොයාගත් සත්‍යයකි.


    සත්‍ය මෙසේ තිබියදී පිරිමියාගේ නෙත් සිත් ඇදගන්නා අයුරින් ඇඳ පැළඳ පිරිමින්ගේ හැඟීම් ඇවිස්සීමට සැළසීම ඇයගෙන් සිදුවන්නේය. නරක ගති පැවතුම් ඇති පුද්ගලයා හිජාබ් ඇන්දත් අතවර කරන්නේ යැයි ඇසූවොත් කවුරුන් නිසා ඔහු ඒ තත්ත්වයට පත්වුණේද යන්න සළකා බැලිය යුතුය. එය හිජාබ් නොඅඳින කාන්තාවන් නිසා ඇතිවී තිඛෙන තත්ත්වයකි. හිජාබ් නොඅඳින, ආකර්ශනීය ලෙස හැඳ පැළඳ යන කාන්තාවක් හමුවේ හැඟම්බර වුණු පුද්ගලයෙකු අතින් හිජාබ් අඳින කාන්තාවක් වුවද අතවරයට ලක්විය හැක. එයට මුල්වූයේ ඔහු කළින් ඇතිකර ගත් නරක පුරද්ද වන්නේය.

    මෙතරම් දුරට පිරිමියෙකු පිරිහීමටත් ඔහුට යහපත් ජීවිතයක් අහිමි වීමටත් හේතුවූයේ තම ඇඟ පසඟ ප්‍රසිද්ධියේ පෙන්වමින් සැරිසරණ කාන්තාවන් බව නොරහසකි. එහෙයින් මේ
    ලොකයේ හැම කාන්තාවක්ම සංවරව තම ඇඳුම් පැළදුම් සකස්කර ගැනීමට උනන්දුවන්නේ නම් කාන්තාවන්ගේ ආරක්ෂාව තර වන අතර, අතවර හා දූෂණවලින් මිදී ගැහැණු පිරිමි දෙපාර්ශවයටම අභිමානයෙන් යුතුව ජීවත්වීමට මඟ පෑදෙන්නේය.
    මෙසේ හිජාබ් ඇදුමෙන් සැරසී යන කාන්තාවන් සැළකිය යුතු තවත් වැදගත් කරුණක් ඇත. තමන් හිජාබය ඇදගෙන සුරක්ෂිතව ගමන් කරන බව පැවසුවත් සුවඳ විලවුන් හා තොල් නිය ආදියද ඇහිබැම්ද වර්ණවත් කරමින් යකඩ ඉදිරියෙන් කාන්දම් තබන්නාසේ සැරිසැරුවොත් හිජාබයේ අරමුණද සුනුවිසුනුවී යන්නේය. හිජාබය අඳින කාන්තාවට තම මුහුණ හා මැණික් කටුවෙන් පහල අත්දෙක පෙන්විය හැක. එහෙත් පිරිමින් ආකර්ශණය කරගන්නා දේවල්වලින් වැළකිය යුතුය. ඒ ගැන අල්-කුර්ආනය කරන ප්‍රකාශය කුමක්දැයි බලමු. —
    විශ්වාසවන්ත කාන්තාවන්ටත් මෙසේ කියන්න. ඔවුන් තම බැල්ම පහත් කරගත යුතුය. ඔවුන්ගේ රහසඟ (විලි)ද වසාගත යුතුය. පිටත පෙනෙන අංග හැර˜ (තමා සතු අනෙක් රූපාලංකාරයන් කිසිවක් නොපෙන්විය යුතුය) (අල්-කුර්ආන් 24:31).

    හිජාබයට විරුද්ධත්වය දක්වන්නන් තවත් බොරු හේතුවක් දක්වමින්, වැඩ කරන කාන්තාවන්ට හිජාබය මහත් හිරිහැරයක් බව කියති. මොවුන් කියන ආකාරයට වැඩකරන කාන්තාවන්ට හිජාබය හිරිහැරයක් නම් ඉස්ලාමීය රාජ්‍යයන්හි කාන්තාවන් වැඩකරන්නේ කෙසේද? අපේ රටේ පවා බොහා් කාන්තාවන් වෙළඳීයන්, කම්කරුවන්, ගුරුවරියන්, ප්‍රචාරක වරියන්, ලේඛිකාවන්, පාලිකාවන්, වෛද්‍යවරියන් හා හෙදියන් වශයෙන්්ද තවත් විවිධ සේවාවන් හා වැඩවල යෙදෙන්නෝය. මොවුන් වැඩ කරන්නේ කෙසේද? :nerd:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ක්‍රිස්තියානි කාන්තාවන් කන්‍යා සොයුරියන් නමින් ජීවිත කාලය තුලම හිජාබය ඇඳගෙන සෑම වැඩක්ම (සේවාවන්හිම) යෙදෙන්නෝය. මේ හිජාබය ඔවුන්ට පහසු වන්නේ කෙසේද? වසර 1400 කට පෙර නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හා මිත්‍රවරුන් සහභාගිවූ බොහෝ සටන්වලදී තුවාල ලැබූ සෙබලූන්ට ප්‍රථමාධාර හා ප්‍රතිකාර ලබාදීම සදහා එතුමාගේ භාර්යාවන් හා මිත්‍රවරුන්ගේ භාර්යාවන් සම්පූර්ණ හිජාබය ඇඳගෙන හෙදියන් වශයෙන් සේවයේ යෙදුන බව මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතුව ඇත.

    වැසි කාලයට වැස්ස තදින් වසින විට තෙමීමෙන් නොයෙක් ලෙඩ රෝගවලට මුහුණ දීමෙන් ආරක්ෂාවීම සදහා අතේ කොතරම් බරට බඩු තිබුනත් කුඩයක් ඉහලාගෙන හැම දුෂ්කරතාවක්ම විඳ දරාගෙන තමා වැස්සෙන් ආරක්ෂා කරගන්න දරන උත්සාහය මෙන් හිජාබයත් බොහෝ පිරිමින්ගේ ඇස්වලින් තම අඟ පසඟ (නොපෙනී) වසාගෙන, භයානක රෝගයක්වූ දූෂණය හා අපචාරවලින් අපව ආරක්ෂා කරගන්නා පලිහක් ලෙස සළකා එය අපේ ජීවිතයට ළංකර ගන්නේ නම් සමාජයේ සදාචාරාත්මක පැවැත්මට මඟ පෑදෙන්නේය.


    ලිංගික අපචාර හා බාල අපචාර පිළිබඳව කොතරම් යෝජනා හා අණපනත් පාර්ලිමේන්තුවේ සම්මත කළත් දිනපතා ඒවා වර්ධනය වීමක් හැර මර්ධනයක් හෝ අඩුවීමක් හෝ පෙනෙන්න නැත. කාන්තාවන් ඉස්ලාමය හඳුන්වා දෙන මෙම හිජාබය ඇඳ ගැනීමට පෙරට එන්නේ නම් මෙවැනි පිළිකුල් සහගත තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීමට හැකිවන්නේය. අපරාධ ගැන බියෙන් තොරව කාන්තාවන්ට නිදහසේ තම වැඩ කටයුතු සඳහා නිවසින් පිටවිය හැකිය.:)


    ඔබ තුමාට යමක් වැටහුනා කියා මම සිතමි...:)
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඇත්තටම ඔබ ඉන්නේ මොන වගේ මනෝ ලෝකයකද කියල ලියල තියෙන විශාල පිලිතුරෙන්ම පේනවා .කාන්තාව දුෂණයට ලක්වීම ඔයතරම් සරලව විසදන්න පුළුවන්නම මුළු ලෝකෙම ගනුන්ට හිජබ් නෙවෙඉ ,සමහර තෙන් වලට යකඩ පට්ටම් දාලා නතර කරගමු ,එත් ළමයෝ ස්ත්‍රී දුෂකයෝඋන්ට ඒවා කරන්න සමාජය ,මනෝ ,තවත් කෝටියක් විතර හේතු තියෙනවා(බලන්න මේ එළකිරි එකේම තියෙන සේරිල් කිල්ලෙර් ගෙන ලිපිය ඒ ගොල්ලන් ගනු මරල තියෙන්නේ ගැනුන්ගේ අගවල් දෙකල ම විතරක් නෙවෙඉ ,)කාම චිත්‍රපටි බලලා ෂණිකව ඇතිවූ ආවේගයට ගනු දුෂණය උනේ නෙහෙඉ කියල මන් කියන්නේ නෙහෙ නමුත් මුළු ගැනු ශරීරයම වහල දාලා මිනිස්සුන්ට ගැහෙනුන්ව මගිච්ක් එක්කක්ක් කරොත් ඊට වැඩ ලෝකේ කාම අපරාද සිද්දවෙඉ .
    අනික කාන්ත ශරීරයම කියන්නේ මේ ලෝකේ තියෙන කලත්මකම දී ,එක වහල දාලා ඒ මනුස්සය ඇවිදින අවතාරයක් කරන එක මොන තරම් අපරාදයක්ද .අනික කන්තවන්ම තමන්ට උපතින්ම හිමි උ ඒ ලස්සන ලෝකයට පෙන්නීමට ඇති කෙමත්ත .එය මෙහෙම් කිව්වා අර පොතේ මෙහෙම තිබ්බ කියල වලක් වන එක මොන තරම් අපරාදයක්ද .
    අවසානයට ඔබ ඇමෙරිකාවේ සිදුවන කාම අපරාද ගෙන ලියල තියෙනවා එත් ලංකාවේ අපේ අසරණ ගැනු අරාබියේ නිවාස වල මෙහෙකාරකම් කරන්න (පිලිපින් කොල්ලනුත් ඇතුළුව )නොගියානම් මේ වෙනකොට අරාබියේ කාම අපරාද ඇමෙරිකාව පරද්දනවා
    කොහොම උනත් ඔබට කවි ලිවීමේ හෙකියාවක් තියෙන බව පේනවා ඉතින් ඒ හෙකියව මේ වගේ කුහක අදහස් වලට ඉඩ නොදී කලාත්මක මාතෘකාවකට යොදවන්න කියල ඉල්ලනවා