සිත කියන්නෙ කොහෙවත් තියෙන එකක් නෙමෙ, ඒ ඒ මොහොතේ අරමුණක් එන කොට හට ගන්න දෙයක් (යම් හේතුවක් උඩ හට ගන්න ඵලයක්). හරියට වතුර බිංදු එකතු වෙලා වතුර මලක් හට ගන්නව වගේ. වේගයෙන් (ඇසිපිය ගහනවටත් වැඩිය වේගෙන්) හට ගෙන විනාශ වෙන නිසා හිතක් ඇති බවට ලෝක සත්වයා මුලාවට පත්වෙනවා හිතක් කියලා එකක් තියෙනවා කියලා, ආත්මයක් තියෙනවා කියලා.
මේක ලොව්තුරා බුදුපියාණන්වහන්සේගේ අනාවරණඤාණයට හසුවී, හිත කියන්නේ ඒ ඒ මොහොතට හේතු ඵලයක් නිසා හට ගන්න දෙයක් මිසක්, අනාදියේ පටන් එන එකක් නෙමේ කියනකන්, ලෝක සත්වයා හිතක් තියෙනවා, අත්මයක් තියෙනව දෘෂ්ඨියකට හසු වෙල හිටියේ.