migaramk's tour of jaffna and යාපනය සවාරියට පෙර ඔබ දැනගත යුතුදේ.....!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    migaramk's tour of jaffna and යාපනය සවාරියට පෙර ඔබ දැනගත යුතුදේ.....!

    ඔබ යාපනය හා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සංචාරය කිරීමට බලාපොරොත්තුවක් ඇතැයි කියා මම සිතමි,
    මෙහි අඩංගු වන්නේ මාගේ යාපනය සවාරියේදී ලද අත්දැකීම් හා ඔබට එයින් ගතහැකි දේ වේ.



    මුලින්ම හමුවූයේ මුහමලේ ආරක්ෂක කපොල්ලයි. උතුරට ඇතුළුවන්නේ මෙයින්ය. මෙහිදී ඔබගේ සියලු විස්තර ලබාගනී. සම්පූර්ණ සෝදිසියකටද ලක්වේ.
    හැකි ලෙස උදයේ පැමිණීමෙන් ඇතිවන තදබදය වලක්වාගන්න. සති අන්තයේ පැය 5ක පමණ පෝලිම් ඇතිවේ.

    24pl57b.jpg


    මෙය පසු කළ විට ඇතුළුවන්නේ තදින් දූවිලි සහිත ප්‍රදේශයකට වේ. A.C රහිත වාහනයක යනවානම් මුඛ වැස්මක් තබාගැනීම වාසිය.

    1zmgftj.jpg




    පසුව වව්නියාව, කිලිනොච්චිය හමුවේ.....

    දහවල් ආහාරයට කිලිනොච්චිය නගරයේ අවන්හල් ඇත. හමුදාව මඟින් ඒවා පවත්වාගෙන යයි.

    4iebkh.jpg


    කිලිනොච්චිය නගරයේ විනාශ වූ ජල ටැංකිය..

    a310y0.jpg




    ඉරණමඩු වැවද ඔබ නැරඹිය යුතුය..
    මෙය උතුරු ප්‍රදේශයට ඇති එකම වැව වේ.

    a9mi4h.jpg




    අලිමංකඩ මීළඟට හමුවේ....
    ඉතාම සුන්දර කලපු ප්‍රදේශයක් වේ, සුදු පාට වැල්ල හා ඈතට පෙනෙන කඳවුර ඔබ ලබාගත යුතුම අත්දැකීමකි.

    2rgnv51.jpg


    2ppm0l4.jpg


    2rh4vpt.jpg


    හසලක ගාමිණී විරුවා විනාශකළ ත්‍රස්තවාදී බුල්ඩෝසරය.

    2u8dqgl.jpg


    2eupn3o.jpg


    ජෙනරල් කොබ්බෑකඩුවගේ විනාශවූ රථය..

    2czdijq.jpg




    පසුව නාගදීපයට යනවානම් හොදය..
    නැතහොත් බෝට්ටුක් අල්ලාගැනීමට පැය ගනනාවක් පෝලිමේ සිටීමට සිදුවිය හැක.
    සති අන්තයේනම් පැය 12කට වඩා පොලිමක් පවතී. අමුතුම ගමනකි පැරණි බෝට්ටු වලින් යන මෙම ගමනට විනාඩි 20ක් පමණ ගතවේ.
    පොඩි යාත්‍රාවට මිනිසුන් 100ක් පමණ පටවයි, බියජනක ගමනකි.

    v654cn.jpg


    නාගදීප විහාරය..

    2i9pgci.jpg


    eg7jhs.jpg


    34f0l1e.jpg


    නාගදීප කෝවිල..

    20hulck.jpg


    නාගදීප ජැටිය..

    o107dg.jpg


    නාගදීපයට යෑමට පෙර විශේෂ කරුණු,
    1.දූපතේ ජලය පානයට නැත, බෝතල් ගැනීමටද නැත. ජලය රැගෙන යන්න.
    2.සනීපාරක්ෂක පහසුකම්ද අඩුවක් පවතී.
    3.දූපතේ රාත්‍රී නාවාතැනක් අවශ්‍යනම් පවතී.
    4.රාත්‍රීයේදී වැලි පොළඟුන් බහුල බැවින් ආලෝකයක් නැතිව දූපතේ රාත්‍රී ගමන අනතුරුදායකවේ.
    5.බෙල්ලන්, වාලම්පුරි, සිප්පි අඩු මිලට විකිණීමට ඇත.
    6.තල් රා සොයාගැනීමට අපහසු නැත.



    පසුව දඹකොළ පටුන....
    සුන්දර වෙරළකි, නෑම සඳහා බෙහෙත් පොකුණ නම් ස්ථානයක් ඇත.

    2z9mbn6.jpg


    16kxv7t.jpg


    2dlj1q1.jpg




    යාපනය නගරය....
    දැන් ඉතාම දියුණුය. ජනාකීර්ණවේ. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගැනීමට ඇත.
    තල හකුරු, කොට්ට කිලංගු මිලදී ගැනීමට අමතක නොකරන්න.

    2ujnlvt.jpg


    11toewg.jpg


    යාපනයට ආවේණික මෙය ඦායාරූපගත කිරීම පරිස්සමින් කරන්න..

    344y07l.jpg


    යාපනයේ නවාතැන් පහසුකම් බහුලවේ. නිවසක් දිනකට රු 3000-රු 10000 දක්වා මිලවේ.
    කාමර රු 1000ක් පමණ වේ.
    කඩ වලින් ආහාර ගත් විට ජලය ලෙස ඔබ ගෙන ගිය ජලය හෝ බෝතල් ජලය භාවිතාකරන්න.



    නල්ලූර් කෝවිල....
    ලංකාවේ විශාලම කෝවිල මෙය වේ. පිරිමින් උඩුකය නිරුවතින් ඇතුළුවිය යුතුය.

    2wox9cm.jpg


    කෝවිල ඇතුලේ ඡායාරූප ගැනීම තහනම්වේ. මේවා විශේෂ අවසරයකින් ලබාගත්තේය.

    2ufzltt.jpg


    2en21wm.jpg



    ගමනේ විශේෂ ස්ථාන සියල්ලම පාහේ මෙහි මම ඇතුලත් කර ඇත.
    අලිමංකඩින් පසු dialog වලට පමණක් signal ඇත, යාපනය නගරයේදී dialog, mobitel signal ඇත.

     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තව දෙයක් කියන්න ඕනේ... අරක්කු බෝතලයක් කොළඹ ගානමයි...! :P
    යාපනය තැපැල් කාර්යාලය හරියෙ බාර් එකක් තියනවා(පොඩ්ඩක් නගරය පැත්තට චූටි දුරක් යන්න ඔනෙ, බස් නැවතුම්පොළ පැත්තට නෙමෙයි)
     

    Matti PuuSa

    Member
    Dec 10, 2009
    2,026
    43
    0
    nan , July enge poren. weeedu periya manie thnaee? 3000.. solawela elelaie.. wanakkam Jafna :baffled:

    adi enadiee rakam solaku siriku ... nanana nanan nananannaaa nanana nanananaaaa polmiera bonnna bonna aaasiee
     
    Last edited:
    Jan 5, 2010
    879
    22
    0
    vvvvvvvvv

    කොටි ඉන්න කාලෙත් ඔහොමම තමා.. හැබැයි යාපනේට ඇතුල් වෙද්දි වාහන/වතුර/කෑම/රත්ත්‍රන් බඩු/ෆෝන්/සල්ලි වලට එල්.ටී.ටී.ඊ එකෙන් බද්දක් ගත්තා... ඒ වගේම හොදට සැළකුවා.. කන්න බොන්න හොද තැන් කියල දුන්නා.... සර්පයො ඉන්නවා කියලා කිව්වා.. එදා තමා මම තේරුම් ගත්තෙ කොටි කියන්නෙත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු කියලා... තෑන්ක්ස් මිගාරක්
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    කොටි ඉන්න කාලෙත් ඔහොමම තමා.. හැබැයි යාපනේට ඇතුල් වෙද්දි වාහන/වතුර/කෑම/රත්ත්‍රන් බඩු/ෆෝන්/සල්ලි වලට එල්.ටී.ටී.ඊ එකෙන් බද්දක් ගත්තා... ඒ වගේම හොදට සැළකුවා.. කන්න බොන්න හොද තැන් කියල දුන්නා.... සර්පයො ඉන්නවා කියලා කිව්වා.. එදා තමා මම තේරුම් ගත්තෙ කොටි කියන්නෙත් අපි වගේම සාමාන්‍ය මිනිස්සු කියලා... තෑන්ක්ස් මිගාරක්

    Eka Atta....:):):)

    I'm thinking about going back again in june . BTW are they(Army) still checking us?