Part 2 සෙන්පෝක කථාවස්තුව

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Part 2 සෙන්පෝක කථාවස්තුව

    සෙන්පෝක කථාවස්තුව-2 කොටස


    ඉනික්බිති අසූකෙළක් ඇමැත්තෝ එක්වැ ඒ ඒ තන්හි වන්දි භට්ටයන් රැස්කරවාපියා රජ්ජුවෝ වණන්නාහු,මේ වනාහි එසේ මෙසේ රජ කෙනෙකුන් නොවන්නේය,මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝය,මූගේ කීර්තිය උතුරුකුරු දිවයින දක්වාම පතළය,ඌ තුමූ අපහැම නසන්නට යෙදුණා වූ භ්‍රෂ්ටශීලී කිරුබාහරයාගෙන් රට වැස්සා ගළවාපීය,මේ කරණකොටගෙන අද පටන් සත් දිනක් සියළු රටවැසියෝ සැණකෙළි කොටැපිය යුත්තේය.ඉදින් නොකරන්නාහු නම් රජද්‍රෝහීන් යැයි සම්මත කොටැපීය.


    රට වැස්සෝද එවක් පටන් සැණකෙළි කෙළින්නාහුය.අයෙක් ඒ ඒ තන්හි මඟ දෙපස මාහැඟි සල්පිල් කරවා හුළුකැන් ආදිය පිසැ මඟියන්ට දෙවා පියන්නාහ.අයෙක් අනර්ඝ කැවුම් හා රා සැළි පුරා ගෙනවුත් තබ්බවා අනුනුත් කවාපියා තෙමේමත් සංතර්පණය වන්නාහ.මේ යනාදී වශයෙන් සැණකෙළි කෙළින්නාහු ඉනුත් නොනැවතී මහත් කොටැ එළුසන් කොක්සන් ආදිය දෙන්නටද පටන්ගත්හ.


    මේ මහත් ඝෝෂිතයෙන් චඤ්චල වූ රජ්ජුරුවෝ සිතන්නාහු,වන්නාටය,කිරුබාහරයා මා මරාපියන්නට පැමිණ ඇති සැටියෙකි.මෙවිට මාගේ දිවි නැතැයි හඬා වලප්නට පටන්ගත්හ.මෙවිට වාසල අධෝමුඛාචාර්ය ඌරුවංශයා පැමිණ රජ්ජුරුවන් අස්වසන්නට නොයෙකුත් චාටු බස් දොඩාපීහ.


    ‘‘නොබව මැනව මහරජ,සෙන්පෝකයා විසින් කිරුබාහරයා මරාපියන ලද්දේය.හුදෙක් එසේ වී නමුදු නුඹ වහන්සේගේ අභීත සේනාධිනායකත්වය නොතිබෙන්නට කිරුබාහරයා මරාපියන්නට නොහැක්කැයි මහජනයා ඔදවැඩී ගියාහු දැන් වීථිවලැ සැණකෙළි කෙළිති.මුඹ වහන්සේගේ ගුණ කඳම වණන්නාහුය.ඉදින් මා කියන්නක් නොගන්නේ වී නම් සී මැදුරු කවුළුව හැරපියා බලනු මැනවයි“ඌ තුමූ රජ්ජුරුවෝ නම්මාගත්හ.


    මෙවිට රජ්ජුරුවෝ සිතන්නාහු“කොළ ඌරුවංශයා කියන්නක් විශ්වාසයට ගත නොඇක්ක.එසේ වී නමුදු මෙවක් ඌ තුමූ තරවැ බුහුටිවමැ කියාපීය.වන්නාටය සී මැදුරු කවුළුව හරවාපියමියි“සිතා පිරික්සා බලා අදහාගෙන සමණය වුණාහුය.
    එසේ වී නමුදු“කොළ,මට තනිවැ කොටැපියන්නට තිබූ දෙය සෙන්පෝකයා කොටැපීය.ඉදින් රට වැස්සෝ මෙපවත් දන්නාහු නම් ඒකාන්තයෙන්ම සෙන්පෝකයා නතුවන්නේය.මේ වනාහි සිතාබැලිය යුත්තෙකැයි“සිත බිඳුවාගත්හ.


    සත් දවසක් ඇවෑමෙන් රජතෙමේ මහ වාසල රැස්කරවා සෙන්පෝකයාද කැඳැවූහ.රජ්ජුරුවෝ සෙන්පෝකයා විචාරන්නාහු“තොපි වනාහි උත්කෘෂ්ඨයෙක.තෙල දුෂ්ඨ වූ කිරුබාහරයා මරාපියා මා දිවි ගලවාපීය.තට කුමන වරයක් අවැසිදැයි කියව,මම්ම මුඹට ප්‍රසාද දෙන්නෙම් වේදැයි“කීහ.


    “මහරජ මුඹ වහන්සේගේ අණින් මාගේ කැමැත්තෙන් භාරගත්තාවූ කර්තව්‍යය ඉෂ්ඨ කෙළෙමි.කිරුබාහරයා හා සටනට වන් කළැ අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ වේරම්භ වාතයක් මෙන් දිවි නොතකා සටන් වැදුණාහුය.ඉන් බොහෝදෙනෙක් නටහ.තවත් බොහෝ දෙනෙක් ඇස් කණ් අත් පා ආදිය අහිමිවැ දුක්ඛිතව වෙසෙන්නාහුය.උන්ගේ යහපත සාධාපියනතෙක් සෙනෙවිරත් ධුරයේ රැඳීම යුක්තවන්නේ නම් යහපතැයි“සෙන්පෝකයා පැවසූහ…….


    Thanks a lot for original writer. :) :)



    Original :- http://palaamalla.wordpress.com/2010/02/14/සෙන්පෝක-කථාවස්තුව-2-කොටස/


    Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862

    Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864

    Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865

    Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869

    Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870

    Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873

    Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875

    Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
     
    Last edited:
    • Like
    Reactions: samithbuddhika
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    එලකිරියවුන්හට ග්‍රහණය සැක සහිත තරම්වූ
    අතිශය නිර්මාණශීලී රචනාවෙකි.
    සහෘදය, නුඹට පින්.

    :)
     

    bokka

    Active member
  • Jul 16, 2006
    2,669
    7
    38
    37
    NZ
    me lankava aurudu 30ka shapa lath yuddayen bera gath ea anadhimath avasathava, avasthavata dayaka vu siyalu denavath ethanin nonavathi eyata jathaka pothak aadha gena liyana unuth, evata athpolasan dena nivatayanuth inna rataka anagathaya gana kumana kathada...

    LAJJA VEYAU YAKUNE LAJJA VEYAU!!!!
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    meewa hoda dheewaldha ban mee thanikara madane.......
    ubalatama hodai[athulayatath tikak deepan hodeeeeee.....]

    මුන්ට හැමදේම මඩනෙ බලාගෙන ගියාම.

    තව ටික දවසකින් කියයිද දන්නේ නෑ බුදුහාමුදුරුවෝ මහා බ්‍රහ්මයටත් මඩ ගැහුවා කියලා.
     
    • Like
    Reactions: urajdrlk

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මුන්ට හැමදේම මඩනෙ බලාගෙන ගියාම.

    තව ටික දවසකින් කියයිද දන්නේ නෑ බුදුහාමුදුරුවෝ මහා බ්‍රහ්මයටත් මඩ ගැහුවා කියලා.

    උඔට එහෙනම් මේක තේ රිලා නැහැ ඒකයි එහෙම කියන්නේ:baffled:

    හැබැයි මේවාට කියන්නේ Professional මඩ :P කියලා
    මේ විදියට මඩ ගැහුවට කමක් නැ
    හොද නිර්මානශිලි ගතියක් තියෙනවානේ:rofl::rofl:

    වෙනදා කරන කුණු කරෝල වගේ මඩ:frown: වලට වඩා හොදයි
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    එලකිරියවුන්හට ග්‍රහණය සැක සහිත තරම්වූ
    අතිශය නිර්මාණශීලී රචනාවෙකි.
    සහෘදය, නුඹට පින්.

    :)

    කාලයකට පස්සේ උඔ ඇත්තක් කියලා තියෙනවා:rofl:

    එලකිරි එකේ ඉන්නවා සෙට් එකක් යම් කිසි දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වන
    ඒ අයගේ නායකයාට වගේම තමයි චන්දේ නැති සෙට් එකක්
    ඒ අයට මේක වැඩියෙන්ම වලංගු වෙනවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එලකිරියවුන්හට ග්‍රහණය සැක සහිත තරම්වූ
    අතිශය නිර්මාණශීලී රචනාවෙකි.
    සහෘදය, නුඹට පින්.

    :)

    මෙහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ, මෙහි මුල් රචකයා වන, මෙම http://palaamalla.wordpress.com/ බ්ලොග් අඩවියේ, කතෘ හටය........!! :yes: :yes: