Part 2 සෙන්පෝක කථාවස්තුව
ඉනික්බිති අසූකෙළක් ඇමැත්තෝ එක්වැ ඒ ඒ තන්හි වන්දි භට්ටයන් රැස්කරවාපියා රජ්ජුවෝ වණන්නාහු,මේ වනාහි එසේ මෙසේ රජ කෙනෙකුන් නොවන්නේය,මැදමුලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝය,මූගේ කීර්තිය උතුරුකුරු දිවයින දක්වාම පතළය,ඌ තුමූ අපහැම නසන්නට යෙදුණා වූ භ්‍රෂ්ටශීලී කිරුබාහරයාගෙන් රට වැස්සා ගළවාපීය,මේ කරණකොටගෙන අද පටන් සත් දිනක් සියළු රටවැසියෝ සැණකෙළි කොටැපිය යුත්තේය.ඉදින් නොකරන්නාහු නම් රජද්‍රෝහීන් යැයි සම්මත කොටැපීය.
රට වැස්සෝද එවක් පටන් සැණකෙළි කෙළින්නාහුය.අයෙක් ඒ ඒ තන්හි මඟ දෙපස මාහැඟි සල්පිල් කරවා හුළුකැන් ආදිය පිසැ මඟියන්ට දෙවා පියන්නාහ.අයෙක් අනර්ඝ කැවුම් හා රා සැළි පුරා ගෙනවුත් තබ්බවා අනුනුත් කවාපියා තෙමේමත් සංතර්පණය වන්නාහ.මේ යනාදී වශයෙන් සැණකෙළි කෙළින්නාහු ඉනුත් නොනැවතී මහත් කොටැ එළුසන් කොක්සන් ආදිය දෙන්නටද පටන්ගත්හ.
මේ මහත් ඝෝෂිතයෙන් චඤ්චල වූ රජ්ජුරුවෝ සිතන්නාහු,වන්නාටය,කිරුබාහරයා මා මරාපියන්නට පැමිණ ඇති සැටියෙකි.මෙවිට මාගේ දිවි නැතැයි හඬා වලප්නට පටන්ගත්හ.මෙවිට වාසල අධෝමුඛාචාර්ය ඌරුවංශයා පැමිණ රජ්ජුරුවන් අස්වසන්නට නොයෙකුත් චාටු බස් දොඩාපීහ.
‘‘නොබව මැනව මහරජ,සෙන්පෝකයා විසින් කිරුබාහරයා මරාපියන ලද්දේය.හුදෙක් එසේ වී නමුදු නුඹ වහන්සේගේ අභීත සේනාධිනායකත්වය නොතිබෙන්නට කිරුබාහරයා මරාපියන්නට නොහැක්කැයි මහජනයා ඔදවැඩී ගියාහු දැන් වීථිවලැ සැණකෙළි කෙළිති.මුඹ වහන්සේගේ ගුණ කඳම වණන්නාහුය.ඉදින් මා කියන්නක් නොගන්නේ වී නම් සී මැදුරු කවුළුව හැරපියා බලනු මැනවයි“ඌ තුමූ රජ්ජුරුවෝ නම්මාගත්හ.
මෙවිට රජ්ජුරුවෝ සිතන්නාහු“කොළ ඌරුවංශයා කියන්නක් විශ්වාසයට ගත නොඇක්ක.එසේ වී නමුදු මෙවක් ඌ තුමූ තරවැ බුහුටිවමැ කියාපීය.වන්නාටය සී මැදුරු කවුළුව හරවාපියමියි“සිතා පිරික්සා බලා අදහාගෙන සමණය වුණාහුය.
එසේ වී නමුදු“කොළ,මට තනිවැ කොටැපියන්නට තිබූ දෙය සෙන්පෝකයා කොටැපීය.ඉදින් රට වැස්සෝ මෙපවත් දන්නාහු නම් ඒකාන්තයෙන්ම සෙන්පෝකයා නතුවන්නේය.මේ වනාහි සිතාබැලිය යුත්තෙකැයි“සිත බිඳුවාගත්හ.
සත් දවසක් ඇවෑමෙන් රජතෙමේ මහ වාසල රැස්කරවා සෙන්පෝකයාද කැඳැවූහ.රජ්ජුරුවෝ සෙන්පෝකයා විචාරන්නාහු“තොපි වනාහි උත්කෘෂ්ඨයෙක.තෙල දුෂ්ඨ වූ කිරුබාහරයා මරාපියා මා දිවි ගලවාපීය.තට කුමන වරයක් අවැසිදැයි කියව,මම්ම මුඹට ප්‍රසාද දෙන්නෙම් වේදැයි“කීහ.
“මහරජ මුඹ වහන්සේගේ අණින් මාගේ කැමැත්තෙන් භාරගත්තාවූ කර්තව්‍යය ඉෂ්ඨ කෙළෙමි.කිරුබාහරයා හා සටනට වන් කළැ අටළොස් අක්ෂෞහිණියක් සෙනඟ වේරම්භ වාතයක් මෙන් දිවි නොතකා සටන් වැදුණාහුය.ඉන් බොහෝදෙනෙක් නටහ.තවත් බොහෝ දෙනෙක් ඇස් කණ් අත් පා ආදිය අහිමිවැ දුක්ඛිතව වෙසෙන්නාහුය.උන්ගේ යහපත සාධාපියනතෙක් සෙනෙවිරත් ධුරයේ රැඳීම යුක්තවන්නේ නම් යහපතැයි“සෙන්පෝකයා පැවසූහ…….
Thanks a lot for original writer.
Original :- http://palaamalla.wordpress.com/2010/02/14/සෙන්පෝක-කථාවස්තුව-2-කොටස/
Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862
Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864
Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865
Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869
Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870
Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873
Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875
Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
සෙන්පෝක කථාවස්තුව-2 කොටස

Last edited:

කියලා 
වලට වඩා හොදයි