Part 8 ර ද පස හා පවුල් ගස
මෙසමයෙහි මියුලු නුවරැ දක්ෂිණ භාගයට වන්නට නොහොත් භික්තර ගඟෙන් එතෙර කොටසෙහි එක්තරා අභව්‍ය සිදුවිමක් වෙමින් පැවැත්තේය.
ඒ කෙසේදයත් නුවරැ දක්ෂිණ භාගයේ මධ්‍ය මූල ප්‍රදේශයටැ වන්නට එක්තරා පසක් හෙවත් පාෂාණමය ද්‍රව්‍යයක් මිහිපිටැ පහළැවීය.එය කෙසේ පහළැ වූහුදැයි ඉදින් කිසි කෙනෙකුන් නොදන්නා මුත් මී ගවයකුගේ වසුරු පිඬෙකින් එයට මුළපිරුණාහු යැයි දනන් තුඬ තුඩ පැවැත්තේය.
මෙය කෙසේ නම් පසක්ද යත් එමැ පොළොවෙහි පයැ ගසන්නා වූ සියළු රටැවැසියා භයඞ්කර ගිනිජාලාවෙකින් දවාපියන්නාහ.එනයින් මේ වනාහි රටැවැස්සා දවාපියන පස නොහොත් ර ද පසැයි මහාජනයා අතරැ පතළ වූහයි දතයුතුය.
ඉදින් මෙය වූ කලී අතිශයින්මැ මුස්පේන්තු පසෙකැ.එහි අබැටක පමණ වූ දෙයක් වගාකොටැපියන්නට නොඇක්ක.ඉතාම නිස්සාරැ වූත් ඇට්ටකුණා වූත් පසෙකැ.
එහෙත් බ්‍රහ්මදත්ත රජ සමයෙහි මෙම පසෙහි එක්තරා වෘක්ෂයෙක් වර්ධනය වන්නටැ විය.එය කෙසේනම් වෘක්ෂයෙක්ද යත් භයඞකර අටු දුඹුළු වලින්දැ නොඑක් බෙණැ ගුහා ආදීන්ගෙන් දැ අවටැ මහාජනයා රීරිමාංශ උරාපියා ගතහැකි දැවැන්ත අක් මුල් පද්ධතියෙකින්දැ ගැවැසීගත්තේය.කිසි කෙනෙකුට මෙම වෘක්ෂයේ සෙවණ පැතිය නොඇක්ක.ඉදින් කිසිවෙක් ගියැපීනම් උන්ගේ රීරි මාංශැ උරාපියන්නාහ.මෙනයින් බියකරු වූ වෘක්ෂය වනාහි පවුල් වෘක්ෂය යයි දනන් අතරැ පතළේය.
කල් යල් බලාපියා මෙම ගසැ වැඩිවියැ පැමිණුනාහු එහි ඵල ත්‍රිත්වයක් අටගත්තේය.ඒ වනාහි දරු ඵල නොවැ සහෝදර ඵල යැයි දතයුතුය.
මේ එක් එක් ඵලයැ මූකුරා යෑමෙන් සහෝදර ත්‍රිත්වයක් නොහොත් සමාගමයෙක් බිහිවූ විරූය.
ඉදින් මේ සමාගමයැ වනාහි අප මහරජාණන්ට අසලැ වූවාහු රජ්ජුරුවෝත් උන්ගේමැ බසට අවනත වූහ.
මුන්ගෙන් දෙටු මළණුවෝ වනාහි වැඩියක් කථා බහෙක් නැති එකෙකැ.ඌ තුමූ ඡත්‍රමාල යැයි දන්නාහුය.මැදි මළණවෝ වනාහි රජ්ජුරුවෝ පොබකළ තැනැත්තෝල.ඌගේ නුවණැ රටැවැසියා තුඬැ තුඬැද පතළහ.රට වැස්සෝ ඌ දුටුතැන “අන්න පොබය” යයි පහන්සංවේගීවැ ආමන්ත්‍රණය කොටැ පියන්නාහුය.එවිටැ මැදි මළණුවෝ පෙරළා පහන්සිතින්මැ රට වැස්සන් විචාරන්නාහු”තොපගේ මෑණියන්දෑ වරු නිරෝගීවමැ වසන්නාහුදැයි”විමසති.
බටු මළණුවෝ වනාහි අතිශය කෙළතොල්ලහ.ඌ වනාහි භක්ෂිශීල නමි.ඌ ඇමවිටමැ අත්ලස් ගන්නාහ.ඉදින් යමෙක් රජ්ජුරුවන් හා ගණුදෙනුවක් කොටැපියනු රිසියෙන් වාසලැ ආපී නම් බටු මළණුවෝ වහ වහා ඌ තුමූ සමුවී මෙසේ බෙණෙන්නාහ.
“කොළ මා කියන්නක් අසව.රජ්ජුරුවෝ වනාහි මෙවිටැ අන්තඃපුරයෙහි කනර් අලී නම් වෙසඟන සමඟැ රති කෙළියෙන් පසුවන්නාහුය.ඉදින් උන්ගේ රති කෙළියටැ බාධා පමුණුවාපී නම් ඌ තුමූ කිපෙන්නාහ.එවිටැ තොපගේ ගණුනෙදෙනුවැ කට නොඇක්ක.හුදෙක් එපමණක් නොවැ තොපගේ අසුවල් අවයවයැ මිරිකාපියා පුසිකොටැපින්නටදැ ඉඩ ඇතැ.එතෙකුදු වුව උන් නොකිපෙන පරිද්දෙන් තගේ කර්තව්‍යය කොටැ දීපියන්නට මට ඇක්ක.තොප රජ්ජුරුවන් හා සමඟැ කොටැපියන ගණුදෙනුවෙන් මෙවිචරකැ පමණ අත්ලස් මටැ දෙවාපියව.මම්මැ තොපගේ අර්ථසාධනය කොටැ දෙන්නෙම් වේදැයි”බණන්නාහුය.
Thanks a lot for original writer.
Original :- http://palaamalla.wordpress.com/2010/02/18/ර-ද-පස-හා-පවුල්-ගස/
Part 1 :- http://www.elakiri.com/forum/showthread.php?t=483862
Part 2 :- http://www.elakiri.com/forum/showthread.php?t=483864
Part 3 :- http://www.elakiri.com/forum/showthread.php?t=483865
Part 4 :- http://www.elakiri.com/forum/showthread.php?t=483869
Part 5 :- http://www.elakiri.com/forum/showthread.php?t=483870
Part 6 :- http://www.elakiri.com/forum/showthread.php?t=483873
Part 7 :- http://www.elakiri.com/forum/showthread.php?t=483875
Part 8 :- http://www.elakiri.com/forum/showthread.php?t=483877
ර ද පස හා පවුල් ගස

Last edited: