scene aka nam sira! but tv ake yana Chanel aka nam wena akak!adooooo meka sira akak da
200% attha macho. mewa balana ewunta nam deyiyangema pihitai. oke marena ewun keli 7kata kapala welaluwath negitala enawa.




යකඩ පැය දෙක
අම්බානක බඩගින්නෙ උන්නු මන් කෑම එකත් බෙදන් ගිහින් ට්වී එක ලගින් වාඩි උනා බත් කටවල් දෙක තුනක් කෑවා කියමුකො පරිසරේ මහා අමුත්තක් මට දැනෙන්න ගත්තා හැමදේම මාර නිශ්ශබ්ධයි හැමෝම මහා උනන්දුවකින් ට්වී එක බලනවා මාත් පිගානෙන් ඇස් අහ්ක් කරල ට්වි එක බලුවා හත් දෙය්යනේ එතන යමර වලියක්....... විනඩි 15ක් විතර මන් එක බලන් උන්නා කියලා වැඩක් නෑ පොඩි උන්ට එහෙම බලන්න කියාපු දේවල් අක්කලා නන්ගිලා නැන්දලා මිනි මරාගන්නවා මිනි මරන්න පැලෑන් කරනවා පවුල් කොටවනවා ඒ අතරේ සහයොගයෙන් කරන් එක දෙයක් නම් දැක්කා එක මිනිහා සහයොගයෙන් ගෑනු දෙතුන් දෙනෙක් එක්ක පවුල් කනවා දැක්කා හත් දෙය්යනේ අල්ලපු ගෙදර පොඩි එකී කට උල් කොරගෙන පුදුමාකාර අසාවකින් ඒ ටික දිහා බලන් ඉන්නවා අනගතේදී එකිට සෙට් වෙන කොල්ලට දෙයියන්ගෙම පිහිටයි කියලා මට හිතුනා අනාගතේ කෙසේ වෙතත් මෙවා බලලා මෙකී හෙටම මෙවා කරලා බලන්ඩ ට්‍රයි කොරයිද මන්දා හිටුකො උම්බලගෙ අම්මට කියලා ඉල්ලලා දෙන්නම් විබාගේ කට උඩ තියන් බලන එවා කියල හිතන් මන් පොඩි එකීගෙ අම්මව හෙව්වා මල හත් ඉලව්වයි පොඩි එකීගේ අම්මා කන දෙපැත්තේ ඇස් දෙක තියාගෙන ටීවී එක බලනවා ආයේ ඉතින් කාට කියන්නද අන්කල්ටත් දෙය්යන්ගෙ පිහිටයි කියලා හිතන් මම බත් එක කන්ඩ පටන් ගත්තා එ අතරෙ ට්ව් එකේ ඇඩ් එකක් යනවා ඔබගේ බලවත් ඉල්ලීම පිට යකඩ පැය 2 තවත් පැය 2ක් දීර්ග කලා කියලා අපේ තාත්තා මහා හය්යෙන් හුල්ලනවා අහුනා ඇය් දෙය්යනේ ඊයෙත් කනකොට 11යි දැන් හැම ගෙදරකම බත් ඉදෙන්නේ රෑ 12 පහු වෙලා මොනා කරන්නද ඕන හත් ඉ;ලව්වක් කියලා ආයෙම ටිවී එක බැලුවා දෙය් හමුදුරුවන් පල්ලා මන් මේ කියන්නේ බොරුවක් නම් අල්ලපු ගෙදර පොඩි එකී ලිස්සලා වැටෙන්න ඕන මන් මෙ කතාව මීට අවුරුදු ගානකට කලින් බලද්දී මැරුනු එකෙක් මෙන්න ඉන්නවා කකා හිටපු බත් ගුලියත් නොමග ගියා පුටුව බදාගෙන මම කහින්ඩ පටන් ගත්තා දෙය්යනේ ගෙදර උන්ට වගේ වගක් නෑ මට දැන් ගොක්කොලත් පේනවා මරු විකාරෙන් එහා පුටුවෙ හිටපු පොඩි එකිට පයින් එකක් ගැහුවා පොඩි එකී කාලී අම්මා වගෙ මන් දිහා බලලා මොකද කියලා අහුවා බුදු නන්ගියේ බත් කට නොමග ගියා වතුර එකක් ගෙනෙන් මන් බොහොම අමෘවෙන් එකිට කිව්වා පොඩ්ඩක් ඉන්නවකො තව විනඩි 5කින් කතාව ඉවරයි ඊට පස්සෙ ගෙන්නම් මෙකි කියපි අනේ යකෝ තව විනඩි 5ක් ගියොත් මගෙ කතාවත් ඉවරයි ගුටි නොක වතුර එකක් ගෙනෙපිය මන් කැහැ කැහැ කිව්වා මොනවදෝ හුටු හුටු ගගා මෙකි ගිහින් වතුර එකක් ගෙනවා යන්තම් එක බීල ජීවිතෙ අරක්ශා කර ගත්තා එත් මට මහා ප්‍රශ්නෙ මු මැරිලත් ආයේ අවේ කොහොමද කියලා එකම විසදුම පොඩි එකීගෙන් අහන එක ඕන සපත්තුවක් කියලා මන් කතාවට බැස්සා මේ ඔයි අරු මරුනා නේ දැන් කොහොමද අයේම අවේ මන් පොඩි එකීගෙන් ඇහුවා පොඩී එකී නෝන්ඩි හිනාවක් දාල මට මෙහෙම කිව්වා අය්යෝ ඔය 4 වෙනි පාර මීට කලින් තුන් පාරක් මරුනා මට දෙවැනි වතාවටත් බත් කට නොමග ගියා..........


