Me Mage EK eke 13 weni kawiya....
meka tikak wenasma widiyata liwwe....
samahrawita kawiyak nowennath ati....
kiyawala hondada narakada kiyala kiyanna....
(special thanks for gangi akki(G2H) for typing this for me.....
Wenasak unata wenasa hodai wage.digatama liyanna good luck![]()
ඇත්තටම මේක කවියක් නෙවෙයි නිසදෙසක්.
කවියකට උරැම පාද හතරයි.
අපූරැ නිර්මාණයක්.
තෙරක් නොපෙනෙන මහා විශ්වයේ තෙරක් නොපෙනෙන අවිනිශ්චිත සිතුවිලි සමුදායක්...
අපූරුවට සිතුවිලි ගොනු කර ගෙන තිබුනත් අර ඔබ කිව් අන්දමට යොදාගෙන ඇති ආකෘතිමය සැකිල්ල හා පිලිවෙල ගැන ටිකක් ඉදිරියේදී විමසා බැලුවොත් හොඳයි කියන තැනයි මං ඉන්නේ...
නැත්නම් මේ තරම් අපුරු පදවැල් සමුච්චයක භාවමය ප්‍රකාශය ඉස්මතු නොවී ඔබට හා ඔබෙන් පිට කරන්නට ඔබ වෙහෙස ගත් නිමිත්තට අසාධාරණයක් වුනා වෙන්න පුළුවන්..ලස්සන ps work එක හා ගත් වෙහෙසට උපරිමය ඉටු නොකලා වෙන්න පුලුවන්...
අනිත් කරූණ ඔබ අනිත් නිර්මානකරුවන්ගෙන් විචාර තම නිර්මානයට බලාපොරොත්තු වෙන අයුරින්ම ඒ අයත් ඔබේ විචාර පෙරලා බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්..එය නිර්මානකරුවෙක්ගේ හිත ඉල්ලන දෙයක් ඔබ අපෙන් ඉල්ලලා තියෙනවා වගේ..එහෙනම් ඔබත් එය ඔබට විවේක තිබෙන අවස්ථාවන්හිදී අනිත් නිර්මානකරුවන් වෙත ලබා දෙනවා ඇතැයි උදක්ම සිතමි..
මං ඔබේ නිර්මාන කීපයක්ම ඉතා ඉහලින් රස විඳ ඇත්තෙමි.. ඔබේ කුසලතාවය ඉහල මට්ටමක තිබෙන නිසා නිතර නිර්මාන සතස අභ්‍යාසයෙන් එය තව තවත් ඔප මට්ටම් කර ගන්න..
දිගටම ලියන්න ....ඔබට ජය සහෝදරයා....
ලස්සනයි සහෝ ගොඩාක්..
මම හරි ආසයි මේකට හරියට ජිවිතය වගේ තේරුම් ගන්න අමාරුයි ඒත් සුන්දරයි.
දිගටම ලියමු සහෝ.
අපූරු නිර්මාණයක් සහෝදරයා.....මම ඔබේ නිර්මාණය කියවලා තියෙන කෙනෙක්..ඔබ තුල තිබෙන දක්ශතාවය දන්න කෙනෙක්..මේ ඔබේ උපරිමය නොවේ....ලියන්න...ඔබේ නිර්මාණ ඉතා විශිෂ්ඨයි