එදවස සාහිත්‍ය රස විඳින්නන්, පොත් පුවත්පත් කියවන්නන් හා කවියන් අතර හුරු පුරුදු වූ නමකි නෙල්සන් ගල්හේන යන නාමය. මෙයින් දසක හතරකට පහකට පමණ පෙර මහරගම ධර්මායතනයේ දී මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් හා කහටපිටියේ රාහුල නාහිමියන් ඇතුළු මහ සඟ රුවන ඇසුරු කරමින්, දහම් පොත පතෙහි කිමිදෙමින් ඒ දෙසරණ තුළින් බුදු සරණ ගිය නෙල්සන් ගල්හේනයෝ සමකාලීන සමාජයෙන් නොබැහැරව කවි ලියූහ. ගුරුවරයකු ලෙස සිංහල හා බෞද්ධ දර්ශනය දස දහස් ගණනක් සිසුනට සිසුවියනට ඉගැන්වූහ. සාහිත්‍ය විචාරයෙහි, සිනමා විචාරයෙහි යෙදුණාහ. ගී ලියූහ. බොරලැස්ගමුවේ උපන් ඔහු ඒ නුදුරෙහි වූ ධර්මායතනයේ ඇසුර නිසා දෝ සමකාලීනයන්ගේ අනුගමනයෙහි නොයෙදුණේ හිටිහැටියේම අතුරුදන් වීය. අද ඔහු කොහිද? ඔහු ගැන සොයනවාට වඩා නොසොයා සිටීම මිතුරනට පහසුවෙක් වීද? අඩියක් - ෂොට් එකක් – ඩි්රන්කයක් නැති තැන කිනම් මිතුරු කමෙක්ද? පාන්දරින්, හීන්සැරෙන්, පෑළදොරෙන් පලා ගිය රෑ සෙවණැල්ලක් මෙන් නෙල්සන් ගල්හේනයෝද අමතක වූවා සේ ය. නැත. අමතක කළා සේය.
ආදි මානවයන්ගේ පටන් කිත්ති කුමරු හෙවත් වලගම්බා යුගයෙනුත්, වීදිය බණ්ඩාර යුගයෙනුත් බිහිකළ මහා ඉතිහාසයක් සඟවා ගෙන සිටින පස්යොදුන් රට තමන්ට සිදුවන අසාධාරණයත්, මදිපුංචිකම්, නොසැලකිලි අකම්පිතව ඉවසා සිටී. එහෙත් සෑම අවස්ථාවක ම රට ගොඩ ගැනීමට හා ගොඩනැඟීමට උර දෙයි. කර දෙයි.
පස්යොදුන් රටට හිරු නැඟෙන පෙදෙසේ සිංහරාජයට ආසන්නව වන ගහනයෙහි වටිනා ඉතිහාසයක් සඟවා ගෙන සිටින කාලශිලා ආරණ්‍ය සේනාසනය බාහිර ලොවෙන් ඈත් වී නොදූෂිතව වඩා හිඳුනා සේය. මේ ආරණ්‍ය සේනාසනයෙහි නාහිමියන් පිළිබඳව නෙල්සන් ගල්හේනයන් ලියූ කුඩා කවි පෙළකින් ආරණ්‍යයක තිබිය යුතු පිවිතුරු බව ගැබ් වී ඇත. ගුණ සුවඳ දැවටී ඇත.

Last edited: