යක්ෂයෝ.!!! - 4

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
දවස සාහිත්‍ය රස විඳින්නන්, පොත් පුවත්පත් කියවන්නන් හා කවියන් අතර හුරු පුරුදු වූ නමකි නෙල්සන් ගල්හේන යන නාමය. මෙයින් දසක හතරකට පහකට පමණ පෙර මහරගම ධර්මායතනයේ දී මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් හා කහටපිටියේ රාහුල නාහිමියන් ඇතුළු මහ සඟ රුවන ඇසුරු කරමින්, දහම් පොත පතෙහි කිමිදෙමින් ඒ දෙසරණ තුළින් බුදු සරණ ගිය නෙල්සන් ගල්හේනයෝ සමකාලීන සමාජයෙන් නොබැහැරව කවි ලියූහ. ගුරුවරයකු ලෙස සිංහල හා බෞද්ධ දර්ශනය දස දහස් ගණනක් සිසුනට සිසුවියනට ඉගැන්වූහ. සාහිත්‍ය විචාරයෙහි, සිනමා විචාරයෙහි යෙදුණාහ. ගී ලියූහ. බොරලැස්ගමුවේ උපන් ඔහු ඒ නුදුරෙහි වූ ධර්මායතනයේ ඇසුර නිසා දෝ සමකාලීනයන්ගේ අනුගමනයෙහි නොයෙදුණේ හිටිහැටියේම අතුරුදන් වීය. අද ඔහු කොහිද? ඔහු ගැන සොයනවාට වඩා නොසොයා සිටීම මිතුරනට පහසුවෙක් වීද? අඩියක් - ෂොට් එකක් – ඩි‍්‍රන්කයක් නැති තැන කිනම් මිතුරු කමෙක්ද? පාන්දරින්, හීන්සැරෙන්, පෑළදොරෙන් පලා ගිය රෑ සෙවණැල්ලක් මෙන් නෙල්සන් ගල්හේනයෝද අමතක වූවා සේ ය. නැත. අමතක කළා සේය.
ආදි මානවයන්ගේ පටන් කිත්ති කුමරු හෙවත් වලගම්බා යුගයෙනුත්, වීදිය බණ්ඩාර යුගයෙනුත් බිහිකළ මහා ඉතිහාසයක් සඟවා ගෙන සිටින පස්යොදුන් රට තමන්ට සිදුවන අසාධාරණයත්, මදිපුංචිකම්, නොසැලකිලි අකම්පිතව ඉවසා සිටී. එහෙත් සෑම අවස්ථාවක ම රට ගොඩ ගැනීමට හා ගොඩනැඟීමට උර දෙයි. කර දෙයි.
පස්යොදුන් රටට හිරු නැඟෙන පෙදෙසේ සිංහරාජයට ආසන්නව වන ගහනයෙහි වටිනා ඉතිහාසයක් සඟවා ගෙන සිටින කාලශිලා ආරණ්‍ය සේනාසනය බාහිර ලොවෙන් ඈත් වී නොදූෂිතව වඩා හිඳුනා සේය. මේ ආරණ්‍ය සේනාසනයෙහි නාහිමියන් පිළිබඳව නෙල්සන් ගල්හේනයන් ලියූ කුඩා කවි පෙළකින් ආරණ්‍යයක තිබිය යුතු පිවිතුරු බව ගැබ් වී ඇත. ගුණ සුවඳ දැවටී ඇත.
 
Last edited:

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
පනස් වසකින් මෙපිට කළුගල මහ වෙහෙර
පිටත ගමකට, නුවරකට
කිසි දා නොවැඩි දෑය උන්දෑ


කාහටත් එක ලෙසින
දයා කරුණා පාමින
දුටු ඇසූ දන මන
පහන් කරවන දෑය උන්දෑ


උපතින් සියවස් සපුරන
බුදුපුත් තනතුර සුරකින
සිල් සුවඳ සපිරුණ
ගුණ සුමුගුවෙකි උන්දෑ


රටේ යුද බිය ඇති බැව්
රට නොපිටට හැරුණු බැව්
ලක් මව හඬන බැව්
එකිසිත්, නොදන්නා දෑය උන්දෑ


දේශපාලන තොරතුරු
නායක පදවි තනතුරු
වාහිනී – පැජරෝ - වෙබ් අඩවි
නොහඳුනන දෑය උන්දෑ


තවමත් හැම උදෑසන
හිරු බැස යන සැඳෑ දින
නිවනට යොමු කළ නෙතින
බවුන් පිරිරනුදෑය උන්දෑ


මගෙ මෙයහ දිවියෙහි
දෙවැනි උපතෙහි පියවන
බෙන්තර කොණ්ඩඤ්ඤ
නම් ලද ඇදුරුපාණෝය උන්දෑ
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
බොරලැස්ගමුවේ සුනාග නමින් නෙල්සන් ගල්හේන කවියාණෝ, විචාරකයාණෝ, ඇදුරාණෝ පැවිදි වූහ. ඒ ඔහුගේ දෙවැනි ජන්ම යයි. එහෙත් ජන්මෙට වඩා පුරුද්ද ලොකු යැයි කතාවක් ද වේ.
පස්යොදුන් රට දකුණු පසට වන්නට වලල්ලාවිට දේව ශිලා නම් සුප‍්‍රසිද්ධ ගල්ලෙනක් වෙයි. මේ ගල්ලෙන හා බැඳුණු ගුප්ත කතා කීපයක් වෙයි. ඉන් ප‍්‍රධාන වන්නේ මේ ගල්ලෙන ආශි‍්‍රතව බලගතු යක්ෂණියක් බලය පතුරා සිටින බවය. අතීතයේ සිට ම මේ ගල්ලෙනේ යෝගී භික්ෂූන් වහන්සේ භාවනාවේ යෙදුණු බවත් තනිව වාසය කරන කිසිවෙකුට එහි වසන්නට මෙම යක්ෂණිය ඉඩ නොදුන් බවත් කියැවේ.
ගල්ලෙනේ තනිව වාසය කළ භික්ෂූන් වහන්සේ ගේ භාවනාවට බාධා පමුණුවමින් භයංකර ශබ්ද ඇති කොට උන්වහන්සේ ඉවත් කරන්නට මේ යක්ෂණිය කි‍්‍රයා කොට ඇත. එවැනි ශබ්දවලට භය නොවූ භික්‍ෂූන් වහන්සේ නමක් වී නම් උන් වහන්සේ ඉදිරියේ භයංකර රූපයෙන් පෙනී සිට භාවනා කඩා කප්පල් කොට පලවා හැරිය බව ද කියැවේ. තවත් සමහර භික්ෂූන් වහන්සේ රෝගාබාධවලින් පීඩාවට පත්ව ගල්ලෙන අත හැර ගිය බව ද කියැවේ. තවත් සමහර භික්ෂූන් වහන්සේ ඉදිරිපිට විවිධ ලාලිත්‍යයෙන් යුත් යෞවනියන්ගේ වේශයෙන් පෙනී සිට භාවනාව කඩා කප්පල් කොට ස්ථානය අතහැර දමා යන්නට කටයුතු සලස්වා ඇත.
දේවශිලා ලෙන් වාසී යෝගී භික්ෂුන්ට සිව්පසයෙන් උපස්ථාන කළ එම වනවාසය අවට දායකයින්ට මෙය මහත් ප‍්‍රශ්නයක් වීය. කොහෙන් හෝ භික්ෂුන් වහන්සේ නමක් සොයා වඩමවා ගෙන පැමිණිය ද උන් වහන්සේ මාසයකට වඩා එහි වාසය නොකළහ. සමහර භික්ෂුන් වහන්සේ කිසිවෙකුට නොකියා ම අත හැර ගියහ.
මේ තත්ත්වය දායකයකු මගින් අපේ බොරලැස්ගමුවේ සුනාග හිමියන්ට ද දැන ගන්නට ලැබිණි. කාලශිලාවේ ගල්ලෙනක වැඩ විසූ සුනාග හිමියන්ගේ ජන්ම ගතියට වඩා පුරුද්ද ඉස්මතු වූයේ ය. මෙහි පවතින තත්ත්වය පිරික්සන්නට විචාරන්නට සිතක් පහළ වීය.
“හොඳයි ඔය තරම් බලගතු යක්ෂණියන් සිටී නම් මම ඇවිත් බලන්නම්” යැයි ආරාධනයකට අනුව ම දේව ශිලාවට වැඩ ම කළහ.
සුනාග හිමියෝ දේව ශිලාවට වැඩම කළ දා සිට ම අත් දැකීමෙන් ම තමන්ට සුදුසු යැයි පිළිගෙන තිබූ ආරක්ෂක පිරිත් සූත‍්‍ර දේශනා කළහ. උන් වහන්සේගේ භාවනාවට බාධා එළඹුණේ නැත.
එහෙත් මේ අතර යළිත් ජන්ම ගතියට වඩා පුරුද්ද ඉස්මතු වූයේ ය. සසරින් ගෙනා සාහිත රුචිකත්වය මතු වූයේය. ගැමි සුන්දර සිතුවිලි ගොඩ නැඟෙන්නට වීය. උන් වහන්සේ වහාම සිහිය මෙහෙයවා නුවණින් විමසා බැලූහ.
අගනුවරට සමීපව නාගරික පරිසරයක සමාජශීලි සමාජයක රූබර යෞවනියන් හිඟයක් නොවූ ප‍්‍රදේශයක ජීවත් වූ මා කල්‍යාණ මිත‍්‍ර ඇසුරෙන් ද ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් ද සසර දිගු කැර ගන්නවාට වඩා කෙටි කැර ගනිමියි මාගමුන් ඇසුරෙන් මිදී බ‍්‍රහ්ම චර්යාව අනුගමනය කරමින් පැවිදි වූයෙමි. භාවනාවෙන් සමාධියට හුරු කළ සිතට මේ ආගන්තුක වූ සිතුවිලි එන්නේ කෙසේ දැයි නුවණින් ම විමසා බැලූහ.
තම සිත්හි ගොඩ නැඟෙන සුන්දර සිතුවිලි දෙස සතියෙන් ම (සිහියෙන් ම) විමසා බලා “හො¼ඳයි වරෙන්කෝ” යි, පිළිගත්තේය. පර පණ නහනු සඳහා ආයුධ තනන්නට සුදුසු ලොහො තහඩුවක් ලද ආචාරියෙකු එයින් ගොවිතැන් කරන්නට සුදුසු උදැල්ලක් සාදන්නා සේ තම ජන්ම ගතිය ද පුරුද්ද ද යහපතට ම හරවා පෑන අතට ගත්හ.
කෝසල මල්ලිකා දේවිය නාලජංග බමුණාට පැවසූ දෙයක් සිහියට නැගූහ.
“ඒව මේතං බ‍්‍රාහ්මණ, ඒව මේතං බ‍්‍රාහ්මණ, පිය ජාතිකාහි ඛෝ බ‍්‍රාහ්මණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා පියප්ප භාවිකාති”
“බමුණා එය එසේ ම ය. බමුණා එය එසේ ම ය. එහි වෙනසක් නැත්තේ ම ය. පි‍්‍රය වස්තු‍්‍ර නිසා ම දුක් දොම්නස් හැඬුම් වැළපුම් ඇති වන්නේ ය”
මේ ධර්ම පාඨය පදනම් කොට ගෙන සුනාග හිමියෝ සුන්දර කතා වස්තු තුනක් ගොඩ නැගූහ. “බිසෝ පට බැඳි මල් කෙල්ල කෝසල මල්ලිකා”, කුසිනාරා රාජකුමාරි බන්ධුල මල්ලිකා”, සහ “නිවන් දුටු ගණිකාවෝ” නමින් වටිනා ධර්ම සාහිත්‍ය ග‍්‍රන්ථ තුනක් ලියා පළ කළහ. එදා නෙල්සන් ගල්හේනයන් ගේ සුලලිත බස් වහර පැවිදි භාවයේ ශික්ෂණයෙන් පෙළ ගස්වා නව ධර්ම සාහිත්‍යයක් ගොඩ නැගූහ. මේ පොත් කියවන කෙනෙකුට නන්ද කුමාරයන්ට දෙවඟනන් පෙන්වා තථාගතයන් වහන්සේ කළ සම්‍යත් උපාය සිහිපත් වනු නොඅනුමාන ය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
සුනාග හිමියෝ ගල්ලෙනට අරක් ගත් යක්ෂණියට බිය වූයේ නැත. මාර පාක්ෂික සිතුවිලි ධර්ම මාර්ගික සාහිත්‍යයකට යොදා ගත්හ. මේ පොත් පාඨක සිත් සමාරාධනයෙහි සමත් වේ.
ඒ කෙසේ වුව ද යක්ෂයින් ගෙන් යක්ෂණියන් ගෙන් ආරක්ෂා වුව ද මිනිසුන් ගෙන් ආරක්ෂා වීම පහසු නොවේ. පසු ගිය භීෂණ සමයෙක උන් වහන්සේට ද තම ජීවිතය ආරක්ෂා කැර ගැනීම ප‍්‍රශ්නයක් වූයේය. උන්වහන්සේ දේවශිලා ලෙනෙහි විසීමත් උන් වහන්සේගේ කැප කර දායකයෝ මේ වන පියසට පිවිසීමත් එක්තරා පිරිසකට හිරිහැරයක් වූවා සේ වීය. ඒ තරුණ කණ්ඩායමකි. දැහැමි දින චරියාවකින් භාවනාවෙන් සිත සමාහිත ව හුදකලාව විසූ සුනාග හිමියන්ගේ ආගමනය මේ පිරිසගේ නීති විරෝධී කටයුතුවලට බාධාවක් සේ සිතූහ. මේ පාළු ගල්ලෙන තුළ හුදකලා වූ චීවරධාරියකු මරා දැම්මාට සාක්කි කියන්නට කෙනෙකු නැත.
එදින සුනාග හිමියන්ගේ සිතට අමුත්තක් දැනුණේ ය. දේව ශිලා ලෙනට මඳක් නුදුරින් මඳක් ඉහළින් පිහිටි කුඩා ගල්ලෙනකි. එහි කිසිවකුට හිටගෙන හෝ හිඳ ගෙන සිටින්නට ඉඩකඩක් නොවීය. එහෙත් දිග ඇදී නිදන්නට තරම් ඉඩක් වීය. එතැනට වැඩම කළ සුනාග හිමියෝ ඒ කුඩා ලෙන මඳක් පවිත‍්‍ර කළහ. එදින රාති‍්‍රයේ උන් වහන්සේ වැඩ සිටි දේව ශිලා ලෙනට ඈතින් පැමිණෙන කණාමැදිරි එළියක් වැනි එළියක් දුටහ. හෙමින් සීරුවේ ලෙනෙන් පිටතට ආ සුනාග හිමියෝ සුපුරුදු ලන්තෑරුම දල්වා තිබිය දී එය නොගෙන ම අඳුරේ දහවල පවිත‍්‍ර කළ කුඩා ගල් ලෙනට රිංගා සැතපුනාහ. දැන් උන් වහන්සේට දේව ශිලාව මැනවින් පෙනේ. ආයුධ ගත් අත් ඇතිව තරුණයින් කීප දෙනෙක් දේව ශිලාව වට කළහ. ලන්තෑරුම දැල් වෙයි. එහෙත් සුනාග හිමියෝ නැත. “අපට හිරිහැරයක් වූ මේ ශ‍්‍රමණයා දැන් පැමිණේ ය දැන් පැමිණේ යැ”යි සෑහෙන වේලාවක් රැකවල් ලා සිටි තරුණයෝ යන්නට ගියහ. දැන් පාන්දර ජාමය යි.
සුනාග හිමියෝ භීෂකයන් ඉවත්ව ගිය බව සැක හැර දැන දේවශිලා කුටියට වැඩම කළහ. තමන්ට වටිනා පොත්පත් කීපය සැහැල්ලුවක බහා උරයෙහි එල්ලා ගත්හ. වමතින් පාත‍්‍රය ද දකුණතින් කුඩය ද ගෙන දේව ශිලාවෙන් පිට වී ගියාහ. යකුන් ගෙන් බේරුණත් මිනිසුන් ගෙන් බේරී ජීවත්වීම ඒ තරම් පහසු නැතැ යි උන් වහන්සේ අදත් පවසති. දැන් උන් වහන්සේ වෙනත් ප‍්‍රදේශයක නිහඬව අප‍්‍රසිද්ධව වැඩ වාසය කරන්නාහ.

“ධම්මෝ හවේ රක්ඛතී ධම්මචාරී”