හිනා වෙන්න බැරි තරමට - අනුත්තරා ගුවන් විදුලි නාට්‍යයේ තේමා ගීතය
හිනා වෙන්න බැරි තරමට, හඬාගන්න බැරි තරමට //
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා... තැනූ මාලිගා...
කථා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම //
නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා... මැවෙන ගීතිකා...
දෙතොල නම් ගොළුයි... මුව කමල මල් සමයි....
හිතට නෙතට සුවඳ ගෙන තියා...
නුඹ රහසින් ඇවිත්, මගේ ලොවම හීනයක් කළා...
අහස නම් දුරයි... සඳ නේන වග සැබැයි...
සඳට රැයට, තරුවලට හොරා...
නුඹ නොකියා ගිහින්, මගේ පාළු දෙනෙත බොඳ කළා...
හිනා වෙන්න බැරි තරමට, හඬාගන්න බැරි තරමට
කථා කියන තරු දෑසට, ලියා දෙන්න මදි අහසම
නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා... මැවෙන ගීතිකා...
Hinawenna Bari Tharamata - Anuththara Theme Song
http://neshadha.vacau.com/audio/Anuththara%20Theme%20Song.mp3