බදුල්ල නගරය - Badulla

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඌව පලාතේ අගනගරය වන බදුල්ල ශ්‍රි ලංකා‍වෙ පිහිටා ඇත. නුවරට ගිණිකොණ දෙසින් පිහිටා ඇති බදුල්ල සිසාරා බදුලු ඔය විහිදී පවතී. මුහුදු මට්ටමේ සිට මීටර 680ක උසින් පිහිටි මෙය තේවතු වලින්ද වටවී පවතියි. මෙම නගරය නමුනුකුල කඳු වැටියෙන් වටවී පැවතීම විශේෂ ලක්ෂණයකි. නමුණුකුල කඳු වැටියේ මුදුන මුහුදු මට්ටමේ සිට මිටර 2016ක උසින් පවතියි. බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ට යටත් වීමට පෙර මෙම නගරය පාලනය කරන ලද්දේ සිංහල රජවරැන් විසින්ය.‍ පසුව ‍මෙම නගරය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයවාදීන්ගේ පාලන මධ්‍යස්ථානයක් බවට පත් විය. බ්‍රිතාන්‍යයන් විසින් නිපදවන ලද උඩරට දුම්රිය මාර්ගය අවසන් වන්නේ මෙම නගරයෙනි. මෙහි අරමුණ වනුයේ කොලඹ ප්‍රදේශයට වැවිලි නිශ්පාදන ප්‍රවාහනය කිරීමයි.

    බදුල්ල සිට කොලඹ දෙසට මධ්‍යම කඳුකර බැවුමේ සිට කිලෝමිටර් 230ක දුර ප්‍රමාණයක් පවතියි. බදුල්ලේ සිට නුවර, කොලඹ, ගාල්ල දෙසට මාර්ග කිහිපයක් පවතියි. කොලඹ සිට බදුල්ලට රත්නපුර, බලන්ගොඩ, හපුතලේ, බණ්ඩාරවෙල සහ හාලිඇල හරහා ගමන්කල හැක. මෙම ගමන සදහා පැය 5-6 පමණ ගතවෙයි. නුවර සිට බදුල්ල දෙසට දිවෙන මාර්ග දෙකක් පවතියි. එම මාර්ග දෙක වන්නේ රජමාවත හරහා හෝ නුවරඑළිය හරහායි. ගාල්ල සිට බදුල්ලට ගමන් කිරීම සදහා වඩාත් සුදුසුම මාර්ගය වන්නේ මාතර, හමබන්තොට, වැල්ලවාය, දෙමෝදර සහ හාලිඇල හරහායි. බදුල්ල දෙසට දිවෙන සැම මාර්ගයක්ම දර්ශනීය වන අතර මනා භුගෝලීය වෙනසක්ද දැක ගත හැක. බදුල්ල සහ එහි අවට පිහිටි දෑ විදේශිකයන් සදහා මනා තෝතැන්නක් වෙයි. හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය සහ නකලස් කඳු වැටිය බදුල්ලේ සිට සැතපුම් කිහිපයක් දුරින් පිහිටා ඇත.

    උරුමය

    මුතියංගන රජමහා විහාරය, දෝව පන්සල, බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ බදුලු පුරවරයට ලැබී ඇති දායාදයන්ය. මුතියංගන රජමහා විහාරය බදුලු නගරයේද, දෝව පෞරාණික පන්සල බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේද, බෝගොඩ පෞරාණික පන්සල සහ දාගැබ හාලිඇල නගරයට ආසන්නවද පිහිටා ඇත.

    පෞරාණික රාවණ බෞද්ධ පන්සල ඇල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙය රාවණ දිය ඇල්ල නැරඹීමට එන විදේශිකයන් අතර ප්‍රසිද්ධය.

    මුතියංගන රජමහා විහාරය

    418888525_dd95f93fcc_o.jpg


    2135375526_e715e5cf95_b.jpg


    2134598511_54239b904c_b.jpg


    3534039158_1e98bf3896_o.jpg


    4114254993_767c6d231c_o.jpg


    බෝගොඩ පෞරාණික පන්සල

    3312782659_66bcaf2349_o.jpg


    2132116253_280b4a523b_b.jpg


    2132118207_eeb8c9f752_b.jpg


    2132095693_ae1a9edd2d_b.jpg


    2132090071_b899b76e1b_b.jpg


    බදුල්ල නගරය

    3424443190_fc38ec103d_b.jpg


    15215434_2ee5573c4d_o.jpg


    2135389546_4dcc40df4e_b.jpg


    15217508_9d1968220c_o.jpg


    1505759963_946bf116d5_o.gif


    3312782655_e4d6aa07c4_o.jpg


    3453333834_6a00e9f6cf_o.jpg


    Add rep if you like this post
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Thanks machan mama last year eke giya hamathanama yanna bari una so aye yanna ona namunukula udata ehema watema lassanata penawa aye giyoth eheth yaman lassanai karumeta mage laga cam ekak thibune na.rep+ added