ඉතා විශ්වාශයෙන් හා කැපවීමෙන් ගොඩාරියක් හිත මිතුරන් පිරිවරාගෙන ආපු දිගු ගමනක ටිකක් නැවතිලා ආපසු හැරී බලන්න මේක තමයි ඔබට ලැබෙන හොඳම අවස්ථාව..
මොනවද මං මුලින්ම එනකොට කලේ...අද මොනවද මං කරන්නේ හා මං අද වෙනකොට මොනවද මගේ පරපුර වඩාත් යහපත් පරපුරක් කිරීම උදෙසා මා තුලින් ලබා දී ඇති දායකත්වය..
ඔන්න ඔය කරුණු ටික ගැන දැඩි අවධානයක් යොමු කිරීමෙන් ඔබටම ඔබ ඉන්නා තැන ගැන සිතේ සියුම් නිරහංකාර ආඩම්බරයක් මතුකරගන්න බෙහෙවින්ම හැකි වෙනවාට කිසිම සැකයක් නෑ.. ඒ මා දකිනා ඔබේ ජයග්‍රාහී 4000 කඩඉම ගැන මගේ තක්සේරුව...
4000 කඩඉම කියන්නේ සංඛ්‍යාවක නාමික අගයක් පමනයි..ඒත් ඒ 4000 කඩඉම තුල සමාජයට දී ඇති ගුණාත්මක අගයයි මා මෙසේ පැසසුමට ලක් කරන්නේ..
නංගී ඔතනින් එහා තිබෙන මාවත කටුක වෙන්න පුලුවන්..ඒත් ජයග්රහනයෙන් විජයග්‍රහනයට පියවර මනිද්දී එවන් බාධක තඹයකට මායිම් නොකිරීමත් ඔබට හරි යයි සිතෙන මාවතේ ඉදිරියටම පිය නැගීමත් තමයි කල යුත්තේ....
ඔබට කිසිදා වැටෙන්නට නොව නැගෙන්නට හැකි අනාගතයකට මගේ සහෝදර සුබ පැතුම්....