හැබැයි මෙහෙමයි මේ දවස්වල නම් ඔය වගේ ආරක්ෂා කර ගත යුතුම සාහිත්‍යධරයන්ට ලේඛකයන්ට මෙතෙක් කලක් ඇහැක්වත් ඇරල ඉන්නවද මලාද කියල නොබලපු පිරිස් බුරුතු පිටින් ගිහින් නොතිබුනු ලෙන්ගතුකමකින් ගරු බුහුමන්ද, පදවි, නම්බු නාමද, අරවද මේවද පිරුණු පැකේජ් ගොඩාරියක් පුදකරමින් ඉන්නවා ගජ රාමෙට..
රට කරවන්නන් විසින් රැක ගත යුතු වටිනා කලාකරුවන් හා වියත් ලේඛකයින් කොයි තරම් වල පල්ලට ගියාද වතුර උගුරක් පොවන්න සහනයක් ලබා දෙන්න රාජ්‍ය අනුග්‍රහයක් නැතුව..
හැබැයි මැරුනාම ඔහුගේ හෝ ඇයගේ මිනිය කලා භවනෙට ගෙනල්ලා රාජ්‍ය ගෞරව පුදලා දේශපාලුවන්ගේ මූණත් තහඩු පුවත්පතේ ඉදිරියෙන් දාගන්න උප්පරවැට්ටි කෝටියයි..
අගනා නිර්මානයක්..කථා කල යුතුම නිමිත්තක්..ජනතා ඇස් ඇරවීමක්..
දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය...