ජපන් හපන් එස් 05

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    1945 අගෝස්තු 06වන දින ජපානයේ හිරෝෂිමා නුවරත්, අගෝස්තු 09 වන දින නාගසාකි නුවරත් අළු දූලි බවට පත්කරමින් ලොව පළමු හා එකම පරමාණු බෝම්බ යුගලය ගෞරවනීය අමෙරිකාව විසින් එල්ල කරනු ලැබිණි.අමෙරිකානු ත්‍රස්තවාදයෙන් දරුණු ලෙස ප්‍රහාරයට ලක්ව, අනාගතයක සුබ සිහින බොඳ කර ගැනීමට ජපානයට සිදුවේ යැයි කිසිවකු එදා සිතුවේ නම් එය වරදක් නොවේ. අන් රටවල මානව හිමිකම් කඩවීම ගැන හැඬූ කිඹුල් කඳුලින් වෙසෙන

    අමෙරිකාව විසින් හෙළන ලද ඉහත පරමාණු බෝම්බ ප්‍රහාර දෙකෙන් මුල් සිව්මස තුළදී පමණක් අහිංසක ජපාන වැසියන් 150, 000 ත් 240, 000 ත් අතර ප්‍රමාණයකගේ ජීවත්වීමේ මානව හිමිකම මිලේච්ඡ ලෙස ඝාතනය කරන ලදී. :(



    ගොඩනැගිලි ඇතුළු දේපල සියල්ල එකම අළු ගොඩක් බවට පරිවර්තනය වී තිබුණි. මිල කළ නොහැකි මිනිස් ජීවිත තැන් තැන් වල පිළිස්සී ගොඩ ගැසී තිබුණි. මිනිය නොහැකි තරම් පිරිසක් බාහිරව ගතටත්, අභ්‍යන්තරව සිතටත් දරුණු ලෙස හිරිහැරවීම් වලට ලක්ව තිබුණි. ජීවත් වු පිරිසගේද බලාපොරොත්තුවේ, විශ්වාසයේ සහ ආත්ම ශක්තියේ කොඳු නාරටිය බිඳී තිබුණි. අවිනිශ්චිතභාවය, අසරණකම වැනි අඳුරු බලවේග වල හැපී ඔවුහු සුණු විසුණු වී සිටියහ.අවාසනාවේ රළු බිත්තියේ ජපනා තදින් හැපුණි.



    හැපුණ ජපනා හපනා වීම ———————————-



    එදා ප්‍රහාරයට ලක්වූ ජපානයමදැයි සැක ඇතිවන තරමටම වර්තමාන ජපානය සංවර්ධනයේ හිණිපෙත්තටම නැඟ ඇත. අමෙරිකා විසින් එදා බිමට සමතලා කරනු ලැබූ නගර ඇතුළුව සමස්ත ජපානය අද ප්‍රතාපවත්, වේගවත් විශ්වසනීය සංවර්ධනයකට හා පැහැබර අනාගතයකට හිමිකම් කියන බව නොරහසකි. ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය, ලෙව පුරා තම වෙළෙඳ බලය පතුරුවා අවසානය. ජපනා හපනා ලෙස අප ව්‍යවහාර කරන්නේ මෙම යෝධ සංවර්ධනය හේතුවෙනි.එසේ නම් දශක හයකට පෙර හැපී බිඳුණු ජපානය අද ලොව පුරා දස්කම් -විස්කම් පෙන්වීමට තරම් බලසම්පන්න වීමට හා නැණ සම්පන්න වීමට සාධක, හේතු හා රහස් සෙවීම වටී. එසේ සෙවීමේදී එක් විශ්මජනක යමක් හමුවේ. එය සංකල්පයකි. එම සංකල්පයෙන් රටක්, ජාතියක් ගොඩනැඟීම අපහසු නොවන බවට උදාහරණ ජපානය විසින් සපයා ඇත. එය ක්‍රියාත්මක කිරීමද කජු කනවා වැනිය. ප්‍රතිඵල කිරි ගහට ඇන්නා වැනිය. එබැවින් මෙම සංකල්පය ලොව පුරා විවිධ ආයතන වල, රටවල භාවිත වේ. නොදන්නා අයට දැනගැනීමටත්, දන්නා අයට වඩා හොඳින් විමර්ශනය කිරීමටත්, පසුව ක්‍රියාවට නැංවීම උදෙසා මෙම සංකල්පය විශ්ලේෂණය කර බලමු.



    සංකල්පය ———
    මෙම විශ්මජනක සංකල්පය හඳුන්වනු ලබන්නේ එස් 5 සංකල්පය ලෙසය. එලෙස හැඳින්වෙන්නේ මෙය ජපන් භාෂාවේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවේද”එස්”අකුරෙන් හැඳින්වෙන ශීර්ෂ 5කින් සමන්විත වීම නිසාවෙනි. විශේෂයෙන්ම මෙය සේවාස්ථාන නිසිපරිදි සංවිධානය කරගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත වන අතර බො‍හෝදෙනෙකු තම පෞද්ගලික නිවෙස් වල පවා මෙම සංකල්පය භාවිත කරයි. තම පරිසරය නිසි පරිදි සංවිධානය කර ගැනීමේ විනයානුකූල ආම්පන්නයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ලෝකයේ ප්‍රසිද්ධ නිෂ්පාදන ආයතන සියල්ලකම පාහේ ඉතා සාර්ථකව මෙම සංකල්පය යොදා ගනී.



    එස් 5 සංකල්පය ඉතාමත් සරල සංකල්පයක් වන අතර ඔබ නොදැනුවත්වම මින් කිහිපයක් හෝ භාවිත කරනු විය හැකිය. නමුත් සැබෑ ප්‍රතිඵලයක් හා විශ්වසනීය වෙනසක් සහිත සුබ අනාගතයකට ප්‍රවිෂ්ට වීමට නම් සංකල්පයේ අඩංගු කරුණු 5 ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම සංකල්පයට ආයතනයක් පමණක් නොව රටක් පවා සංවර්ධනයේ මාවතේ ඉහළටම රැගෙන යාමට අවශ්‍ය අයෝමය ශක්තිය ඇත. එය විශේෂයෙන්ම මෙහි සරල බව මත රඳා පවතී.
     
    • Like
    Reactions: nasam and Hayao

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දියුණුවේ රන් දොරටු විවෘත කරගන්න

    එස් 05 සංකල්පය ————————
    01. තේරීම – Sorting (Seiri) —————————–
    02. සැකසීම – Straighten or set in order (Seiton) ———————
    03. පිරිසුදු කිරීම – Sweeping, Shinning or Systematic Cleaning (Seiso) ————–
    04. ප්‍රමිතිකරණය – Standardizing (Seiketsu) —————————
    05. සංවරය පවත්වා ගැනීම – sustaining the discipline (Shitsuke) —————
    තේරීම
    මෙම කොටසින් අදහස් වන්නේ සියලුම අනවශ්‍ය දෑ ඉවත් කිරීමය. එමගින් කාර්යකෂමතාවය වර්ධනය වේ. මන්ද අනවශ්‍ය දෑ ඉවත් කළවිට ඉතිරිවන්නේ අවශ්‍ය දෑ පමණක් බැවිනි. ඔබේ අවට පරීක්ෂා කර බලන්න. කෙතරම් දෑ අවශ්‍යද? කෙතරම් දෑ අනවශ්‍යද? අනවශ්‍ය දෑ, අවශ්‍ය දෑ සමග මුසුවී පවතින විට අපට අවශ්‍ය දෑ සෙවීමට නම් සියල්ල උඩු යටිකුරු කිරීමට සිදු නොවන්නේද? එසේ නම් එය පාඩුවකි. බලවත් පාඩුවකි.



    අවට ඇති දෑ සියල්ල ලේබල් කර තබන්න. අත්‍යවශ්‍ය දේ, අවශ්‍ය දේ, ඉඳහිට අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ ලෙස සියල්ල ලේබල් කරන්න. එවිට අනවශ්‍ය දෑ ඉවත්කර දැමිය හැකි අතර ඉඳහිට අවශ්‍ය දේ ගබඩා කර තැබිය හැකිය. මෙලෙස කාර්යක්ෂම පරිසරයක් නිර්මාණය කරගන්න.



    සැකසීම



    අනවශ්‍ය දෑ සියල්ල ඉවත් කළ පසු ඉතිරිවන්නේ අවශ්‍ය හා අත්‍යවශ්‍ය දෑ පමණි. නමුත් මේවා නිසි පරිදි සැකසීමට ලක් නොකළහොත් අවශ්‍ය අරමුණු ඉටුනොවේ. එබැවින් සංකල්පයේ දෙවන පියවර වන්නේ සියලුම අවශ්‍ය දෑ පිළිවෙළට තැබීමය. අවශ්‍ය භාණ්ඩය අවශ්‍ය ස්ථානයේ තැබීමෙන් එය අවශ්‍ය විටෙක සොයාගැනීමට සියලුදෙනාටම පහසුවක් වේ. එමගින් අමිල සම්පතක් වන කාලය ඉතිරිවන අතර කාර්යක්ෂමතාවය වර්ධනය වේ. යමක් සොයාගැනීමට එහේ මෙහේ දිවගිය දිනක් සිහියට නඟන්න. එහිදී ඔබ මෙන්ම ඔබ අවට පිරිස ද එලෙසම පීඩාවට ලක්වූවාට සැක නැත. නමුත් ඉහත ක්‍රමය භාවිත කළේ නම් එසේ සිදුවීමට කිසිසේත්ම ඉඩක් නොවේ.



    පිරිසිදු කිරීම —————-
    සියලු අනවශ්‍ය දෑ ඉවත්කොට, අවශ්‍ය දෑ පිළිවෙළට තබා ඇත්නම් යම්තාක් දුරට ඔබ අවට පරිසරය දැනටමත් පිරිසිදු වී ඇත. පිරිසිදු පරිසරයක් මගින් ප්‍රසන්නභාවයක් ඇතිවේ. එය වැඩ කරගෙනයාමට ද පහසුවකි. මානසික සහනය ලැබීමෙන් පීඩාව, මහන්සිය දුරුව යන අතර ප්‍රබෝධමත්ව වැඩකටයුතු කිරීමට අවස්ථාව උදාවේ. මෙහි තිබෙන වැදගත්ම කරුණ නම් පිරිසිදු බව දිගටම පවත්වාගෙන යාමය.



    ප්‍රමිතිකරණය ————–
    සමස්ත පද්ධතියම, නිසි ප්‍රමිතිකරණයට ලක්කිරීම මෙහි අරමුණය. ඉහත කරුණු ත්‍රිත්වයට වඩා අපහසු කරුණක් ලෙස මෙය හැඳින්වීමෙහි වරදක් නැත. වගකීම් බෙදාදීම මගින් මෙය පහසුවෙන් ළඟාකර ගත හැකිය. කවුරුන් විසින් කුමක් කළ යුතුද යන්න මෙමගින් අදහස් කෙරේ.
    සංවරය පවත්වාගැනීම —————————



    ඉහත කරුණු 04න් ලබාගත් සංවරය දිගටම පවත්වාගැනීම මෙහි අරමුණය. එබැවින් මෙය එස් 05 සංකල්පයේ ක්‍රියාවට නැංවීමට අපහසුම කරුණ වේ. නමුත් නිසි අධීක්ෂණයක් හා දිරිගැන්වීමක් මගින් ඉහත සංවරය දිගටම පවත්වා ගැනීමටත්, එමගින් සම්පූර්ණ එස් 05 සංකල්පය අනුගමනයටත් ඉඩ සැලසේ.
    වාසි ———-



    එස් 05 සංකල්පයෙහි වාසි දැනගැනීම පිණිස කිහිපයක් පමණක් සඳහන් කරමි.
    ? චිත්ත ධෛර්යය වර්ධනය.
    ? දියුණු සේවා පරිසරයක් නිර්මාණය වීම
    ? කාර්යක්ෂමතාව වර්ධනය හා කාලය ඉතිරිවීම
    ? වැඩි ඉඩක් නිර්මාණය වීම
    ? ආරක්ෂාව වර්ධනය වීම.
    ? ගැටලු හඳුනාගැනීම වේගවත් වීම හා ගැටලු අවම වීම.
    ? මානසික ආතතිය දුරුවීම.
    ? අන්අය සමග වඩා හොඳ සම්බන්ධතා ඇතිවීම.
    ? පාලනය පහසුවීම.
    ? ජනප්‍රියතාවය.
    ජපානය ඉහත ක්‍රමයේ පිහිටෙන් දශක හයකදී රට ගොඩනඟා ඇත. එබැවින් ශ්‍රී ලංකාවටද එය එතරම්ම අපහසු කටයුත්තක් නොවේ. ඔබට මෙන්ම රටටද වැඩදායක වන මෙම සංකල්පය ක්‍රියාවට නැංවීම ඔබේ වගකීමකි. නිවසෙන් පටන්ගන්න. පසුව ව්‍යාප්ත කරන්න. දියුණුවේ රන් දොරටු විවෘත කරගන්න


    :)
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    japan lernet there lesson ..
    they were there ones to bomb every where 1st..
    Thay even bombed SL when the British was here.. yet the Srilankans died..:(

    & also after bombing they helped to develop there country they didnt let the Rot after that they invested on there country.. Still y do ther have cheep internet? Jap is the only country to have a Direct cable from US to Japan Cz f business deals and all.. :)


    Attack on Pearl Harbor ?

    85qj1.jpg


    73de4.jpg


    66sg9.jpg


    55ms6.jpg


    52ll2.jpg


    37xp9.jpg


    53611772ec5.jpg


    43px1.jpg


    33hl6.jpg


    Original post from
    http://www.elakiri.com/forum/showthread.php?t=263573&highlight=pearl+harbour