ලිංගික රෝග සඟවාගෙන ඉන්න එපා

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ලිංගික රෝග සඟවාගෙන ඉන්න එපා


    වෛද්‍ය චම්පා නෙල්සන්

    ලිංගාශිත රෝග යනු ලිංගික ඇසුර මගින් බෝවන රෝගය මේවා විවිධාකාර වේ. බොහෝ රෝග මගින් රෝග ලක්‌ෂණ ඇති කරන බැවින් හඳුනා ගැනීම පහසුය. නමුත් බොහෝ විට මේවා පිළිබඳව ඇති අඩු අවබෝධය නිසා රෝග ලක්‌ෂණ අඩු වියනතෙක්‌ හඳුනා ගැනීමට අපහසු වේ. මීට හේතුව සාමාන්‍ය ජනතාව තුළ මේවා ගැන ඇති අල්ප වූ දැනුමයි. මීට අමතරව මෙම රෝග ගැන ඇති අනිසි බිය නිසා වෛද්‍යවරයකු මුණ ගැසීමට ඇති අකමැත්තයි. තවද ලිංගාශ්‍රිත රෝග ඇතිවීම සමාජයෙන් කොන් වීමට සහ ලැඡ්ජාවීමට හේතුවක්‌ ලෙස ඇති මතයයි.

    බොහෝ ලිංගිකව බෝවන රෝග ප්‍රතිකාර නොකිරීමෙන් ඒවා තාවකාලිකව යටපත් වී ශරීරයේ අක්‍රිය තත්ත්වයේ පවති. නමුත් මෙවැනි අයගෙන් වෙනත් අයට ලිංගික ඇසුර මගින් මෙම රෝග බෝවීමට පුළුවන. එලෙස මෙම රෝග සඟවා ගැනීමෙන් සිදුවන්නේ තමාට හිතවත් වෙනත් අයට එම රෝගය බෝවීමේ අවදානම ඇතිවීමයි. එබැවින් යම් ඇසුරකින් පසුව තමාට විෂබීජයක්‌ ඇතුල් වීද යන සැකය ඇති වුවහොත් කල යුතු වඩාත්ම සුදුසු දෙය වන්නේ වෛද්‍යවරයකු මුණ ගැසී මේ බව පැවසීමයි. සමහර රෝග පිළිබඳ තොරතුරු එවෙලේම ලබාගත හැකි නමුත් සමහර රෝග පිළිබඳ පරීක්‌ෂා කිරීමට කල්ගත වේ. එබැවින් මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරිමේදී වෛද්‍ය උපදෙස්‌ නිසි ලෙස පිළිsපැදීම අවශ්‍ය වේ.


    ලිංගිකව බෝවන රෝග අතුරින් භයානක රෝගයක්‌ ලෙස සැලකෙන්නේ HIV වෛරසය ආසාදනය වීමෙන් වැළදෙන ඒඩ්ස්‌ නමැති රෝගී තත්ත්වයයි. මෙම වෛරසය ක්‍රම කීපයකින් ශරීර ගත විය හැක. රෝගය ආසාදනය වූ අයකු සමග ලිංගික ඇසුරින් රුධිරය මගින් හෝ ආසාදනය වූ මවකගෙන් තම කුසෙහි සිටින දරුවාට හෝ මව්කිරි දීමේදී මෙම රෝග වෛරසය ශරීර ගත විය හැක.


    මෙම රෝග වෛරසය ශරීර ගත වී මාස 3-6 ක්‌ පමණ ගත වූ පසු රුධිර පරික්‌ෂණයක්‌ මගින් වෛරසය ශරීර ගත වී ඇති බව තහවුරු කර ගත හැක. මෙවැනි සැකයක්‌ ඇත්නම් එම රුධිර පරීක්‌ෂණය කරවාගෙන වෛද්‍යවරයකු මුණ ගැසීමෙන් ප්‍රතිකාර ආරම්භ කිරිමේ අවස්‌ථාව උදාවේ. මෙලෙස මුල් අවධියේදීම ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් ලබාගත හැකි වාසි ඇත. එනම් ඒඩ්ස්‌ රෝගී තත්ත්වය ඇතිවීම පමා කිරීමට අවස්‌ථාව ලැබේ. තවද රෝගය ශරීර ගත වූ පසු ගැබ් ගැනීමෙන් තම දරුවාට රෝගි තත්ත්වය ඇතිවීමේ අවදානම ඇත. එබැවින් ගැබ් ගැනීම වලක්‌වාලීම සඳහා සුදුසු පියවර ගත යුතුය. ගැබිනි මවකට HIV වෛරසය ආසාදන වී ඇත්නම් වඩාත් යෝග්‍ය දෙය වන්නේ දරුවාට මව් කිරි නොදී සිටීමය. මේ මගින් බොහෝ දුරට දරුවාට HIV වෛරසය ඇතුළු විම මඟහරවා ගත හැක. මේ සියල්ල කළ හැක්‌කේ මවට මේ පිළිබඳ අවබෝධයක්‌ ඇත්නම් පමණි. නමුත් මෙම රෝග තත්ත්වය නිසා සමාජයෙන් කොන්වීමේ අවදානමක්‌ ඇත්නම් රෝගීන් ඒ පිළිබඳ වසන් කිරීමට මිස එළිs කිරීමට කැමති වන්නේ නැත. එසේ කිරීමෙන් රෝගය රෝගියා සමග සමාජය තුළ සැඟවී යයි නමුත් වෛරසය ව්‍යාප්ත වීම වැඩි වේ. එබැවින් සමාජයේ ආරක්‌ෂාව පිණිස මොවුන් කොන් කිරීම නවතා ඔවුන්ට නිසි පිළිසරණ ලබා දිය යුතුය. අනෙක්‌ වැදගත්ම කරුණ වන්නේ ඉහත සඳහන් කළ අයුරින් මිස වෙනත් කිසිම ඇසුරකින් HIV වෛරසය බෝවන්නේ නැත.


    කැස්‌ස , උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ඇති අය ඇසුරු කිරීමේදී අප ප්‍රවේශම් විය යුතුය.


    මීට හේතුව එම රෝග කාරක වාතය හරහා අපට බෝවිය හැකි බැවිනි. නමුත් HIV ආසාදිත පුද්ගලයකු සමග ලිංගික ඇසුරකින් හැර වෙනත් කිසිම ඇසුරකින් එම වෛරස ආසාදනය සිදුවිය නොහැක.


    තවද තමාට විශ්වාසවන්ත සහකරුවකු හැර වෙනත් අයෙකු සමග ලිංගිකව ඇසුරෙහි යෙදේ නම් කොන්ඩම් භාවිතා කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග බෝවීම වළකාගත හැක. මෙය කාන්තාවන් සඳහා ද සුදුසු ආරක්‌ෂා වීමේ ක්‍රමයකි. මේ සඳහා කාන්තාවන් සඳහාම විශේෂිත වූ කොන්ඩම් වර්ගද ඇත.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    n49207209247_6731.jpg






    Stop Sex B4 Marriage
    :angry::angry: