MAKING OF RUWANWELISEYA - රැවන්වැලිසෑය ගොඩනැගීම

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    MAKING OF RUWANWELISEYA - රැවන්වැලිසෑය ගොඩනැගීම

    රැවන්වැලිසෑය ගොඩනැගීම

    ***********************************************

    ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යමත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි. මෙම ස්ථූපය සොලොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.


    ruwanweli_seya.jpg

    පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,

    යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.

    යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.

    යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.

    යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.

    යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.

    යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.

    යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.


    suwanweliseya2.jpeg


    පසළොස්වක පොහොය දිනය
    ================

    image-F356_4BBC2B34.jpg


    දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී. වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධාගමට අනුව ඉතා පූජනීය පසළොස්වක පොහොය දිනයක් ලෙස සැලකේ.ඒ මන්ද යත්,

    සුමේධ තවුසා දීපංකර බුදුරජාණන් වහන්සේ හමුවේ, ඒකාන්ත ලෙසම බුදුවන බවට නියත විවරණ ලැබීම.

    මෛත්‍රී බෝධිසත්ව ගෞතමයන් වහන්සේ (බෝධිසත්ව ගෞතමයන් වහන්සේගේ පෙර ආත්ම භාවයකි. )තුසිත දිව්‍ය ලෝකයේ සිට මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්ධිය ලැබීම.

    බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩම කිරීම.

    බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක් වැඩම කිරීම.

    සම්බුද්ධ පරිණිර්වානය.

    විජය කුමාරයාගේ ලංකාප්‍රාප්තිය.

    දේවානම්පියතිස්ස රජතුමාගේ රාජාභිෂේකය යන මංගල කරුණු වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක සිදුවූ නිසාය.


    අඩිතාලම
    ----------


    එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.

    භූමිය සමතලා කරන ලදී.

    එය රියන් හතක ගැඹුරට සාරන ලදී.

    එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.

    ගල් මිටියෙන් කඩන ලදී.

    ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.

    එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී.

    ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.

    එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.

    රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. ඉන්පසු ඔහු අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන් වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත, ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන, සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා, ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන් තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන් මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස් එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.

    image-02FD_4BBC2A38.jpg


    ස්ථූපයට ආශීර්වාද කරන ලදී
    ================​

    සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.
    ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන් ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන් වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන් ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී තත්වයටත් පත් විය.



    බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා
    ==========================​


    76322073d2214262f5ff1daa99bd7e96.jpeg


    image-5CA0_4BBC33E1.jpg


    image-2468_4BBC33E1.jpg


    මහා සෑය ඉදි කරවීය
    ============


    image-F01B_4BBC377F.jpg


    අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.


    මහා රජු
    ======​

    image-9324_4BBC366B.jpg


    image-8033_4BBC3520.jpg


    From Wikipedia,http://en.wikipedia.org/wiki/Ruwanweliseya
     
    Last edited:

    hasiwarna

    Member
    Oct 29, 2007
    2,017
    50
    0
    හංදියේ
    යාළුවා ... ඔබට බොහෝම පින්.... මන් ගාවත් පොඩි තොරතුරක් තියෙනවා මේකෙම දාන්නද? කැමතිනම් දන්වන්න...
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    යාළුවා ... ඔබට බොහෝම පින්.... මන් ගාවත් පොඩි තොරතුරක් තියෙනවා මේකෙම දාන්නද? කැමතිනම් දන්වන්න...

    තීයෙන හැමදේම දාන්න . . .මෙක හැමොටම විවුර්ත ත්‍රෙඩ් එකක්.
     
    • Like
    Reactions: rasithcham