තාත්තයි_පුතයි♥
අවුරුදු සමයේ ගම රට බලා යන දහසක් දෙනා අතර එක්තරා දුම්රිය පලකට පැමිනි පියකු හා පුතෙකු කෙරෙහි වැඩි දෙනාගෙ අවදානය යොමු විය
පියා මහලු වයසේ වූ අතර පුත්‍රයා ගේ වයස අවුරුදු 25ක් පමන විය.
ඊලගට පැමිනි දුම්රියේ ආසනයක් ලබා ගැනීමට ඔවුන් සමත් විය
පුත්‍රයා කෙරෙන් විද්‍යමාන වූයේ අවුරුදු 5ක 6ක දරුවෙකුගේ හැසිරීමකි.දුමරියට් නැගගත් සැනින් ඔහු ජනේලය අසල අසුනක් ලබා ගත් අතර මහල්ලට සිදුවන්නේ සෙනග අතර තෙරපෙමින් ඊට යාබද අසුනේ ගමන් කරන්නටය.
"තාත්තේ.... තාත්තේ........ ගස් ඔක්කොම පිටිපස්සට දුවනව වගේ නේද?" ටික දුරක් යන විට තරුණයා කැ ගසයි.
"ඔව් පුතේ එහෙම තමයි පේන්නෙ" මහල්ල වැඩි අමුත්තකින් තොරව පිලිතුරු දුන්නේය.
තව ටිකක් දුර යනවිට අහස දෙස බලන තරුණයා "තාත්තේ වලාකුලු පාවෙනවා ඒත් එක්කම කුරුල්ලොත් ඉගිලෙනවා" යැයි පවසයි.මහල්ලාද තරුණයාගේ කීම අනුමත කරමින් සිනාසෙයි.
මේ දෙදෙනාට පිටුපස ආසනයේ ගමන් කරන තරුණ අඹුසැමි යුවලක් පියාගේ හා පුතාගේ සංවාදය දෙස කන් යොමාගෙන සිටී.ඔවුනට මෙය මහත් ප්‍රෙහේලිකාවකි.
ජනේලයෙන් පිටතට අතදමා සුලග සමග දුහුවිල්ල ස්පර්ශ කරමින් සතුටු වන ඔහු ඉන්පසුදක්නට ලැබේ.ඔහු වට පිටවන සෑම දෙයක් ගැනම පියාට විස්තර කරයි.නැතහොත් ඔහුට පෙනෙනවාදැයි අසයි.පිටුපස අසුනේ යුවල අතර කුසුකුසුවකි "එපා අනේ... එහෙම කියන්න....."බිරිද පවසයි."නෑ ... නෑ අපි වැරැද්දක් නෙවෙයිනේ කියන්නේ" සැමියා දැඩි ස්ථාවරයක පසුවෙයි.
"අනේ මන්දා,ඔයාට ඕනි දෙයක් කියන්න"
සැමියා ඉදිරි අසුනේ සිටින මහල්ල අමතයි."ලොකු උන්නැහේ..... නරකද මේ හාදයව මානසික වෙදෙක්ට පෙන්නුවනම්....මෙයාගෙ හැසිරීම පොඩි දරුවෙකුගේ වගේනේ"
මහල්ලා සිනාසෙයි.
"ඔව් මහත්තයෝ අපි මේ ඉස්පිරිතාලෙ ඉදන් එන ගමන්.පුතාව අපි දිගටම වෙදුන්ට පෙන්නුවා.
අවුරුදු 25කට පස්සෙ අද තමයි එයාට පලමු වතාවට ලෝකය දකින්න ඇස් ලැබුනේ"

උපදේශය: සියල්ල දැන ගන්නාතුරු නිගමනයකට නොඑලබෙන්න
රිවිර පුවත්පතින් උපුටා ගන්නාලදි
Last edited: