෴♥ මීනු ♥෴ යොවුන් ආදර කතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]

    දින කිහිපයක අවෑමෙන් මම අම්මා සමඟ විදෙස් ගත වීමට තීරණය කළෙමි. ඒ ඇසූ රුවන් මල්ලී හැසිරුණේ පිස්සෙක් වගේය. දුලාජ් අයියා ද කිහිප විටක් පැමිණ මා නවතාලීමට උත්සාහ දැරීය. නමුත් මා තීරණය වෙනස් නොකළෙමි. නැන්දාත්, මාමාත් තමන්ගේ දරුවකු තරම් සෙනෙහසින් මා රැක බලා ගත්තද මට සැමදා ඔවුනට බරක් විය නොහැක. අඩුම තරමේ දුලාජ් අයියා යම් දිනයක විවාහ වනතෙක්වත් මම ඉන් පිටව සිටිය යුතුය. ඉතින් මම කඳුළු සලමින් නික්ම යෑමට සූදානම් විමි.[/FONT]


    [FONT=&quot]මේ දින කිහිපය තුළ අම්මා මාව රැගෙන යාමට අවශ්‍ය ලියකියවිලි සූදානම් කිරීමට වෙහෙසුනාය. ඇගේ සිතැඟි යම්තාක් දුරකට හඳුනාගත හැකි වූ නිසා මම ඇයට ටිකෙන් ටික ළං විමි.[/FONT]

    [FONT=&quot]“දෝණි.. මල්ලි කොහෙද ගියෙ..?”[/FONT]

    [FONT=&quot]මා ඇඳුම් අසුරද්දී නැන්දා කාමරයට පැමිණ විමසුවාය. මම පුදුමයෙන් මෙන් ඈ දෙස බැලිමි.[/FONT]

    [FONT=&quot]“එයා යන තැනක් මට කිව්වෙ නෑ නැන්දා..”[/FONT]

    [FONT=&quot]මම අඩියට දෙකට පඩිපෙල බැද මිදුලට ගියද මල්ලීගේ බයිසිකලය පවා අතුරුදන්ව තිබුණි.[/FONT]

    [FONT=&quot]“ඔයා යන එකට කොල්ලා අප්සට්.”[/FONT]

    [FONT=&quot]නැන්දාගේ දෑස් කඳුළු පිරී දිලිසෙද්දී ඇයද දුකින් වග මා වටහා ගතිමි. මවක් නොඋන් කාල සීමාවේදී මවක් ලෙස ආදරෙන් මා බලා ගත්තේ ඇයයි. මගේ ලෙඩට දුකට ළඟ උන්නේ ඇයයි. කොටින්ම ඈ රුවන් මල්ලීටත් වඩා සෙනෙහසක් මට දැක්විය. එයට ගරු කිරීමක් වශයෙන් මම ඇගේ දෙපා මුල වැඳ වැටුණෙමි.[/FONT]

    [FONT=&quot]“නැගිටින්න රත්තරනේ.. නැගිටින්න.”[/FONT]

    [FONT=&quot]ඇගේ කඳුළු පිටාර ගලද්දී මම ඒ උණුසුමට තුරුළු විමි. ඇය දුක දරාගන්න බැරිව මෙන් මොහොතින් මා අතැර කුස්සිය දෙසට පා නැගීය. මම ද නිකමට මෙන් මල්ලීගේ කාමරයට එබී බැලුවෙමි.[/FONT]

    [FONT=&quot]එය වෙනදා තිබූ පිලිවෙල ගතිය දක්නට නොවීය. ඇඳුම් එහා මෙහා ඇද දමා තිබූ අතර මේසය මත කුරුටු ගාන ලද කඩදාසි විසිර තිබුණි. මම ඔහුගේ ඇඳුම් නමා දමා මේසය අස්පස් කිරීමට සූදානම් වුණෙමි. එහි තිබූ කොළ බොහෝමයක කවි ලියා ඇති බව දුටු මා ඉන් කිහිපයක් කියවා බැලුවෙමි.[/FONT]

    [FONT=&quot]හිරු බැස ගොස් සඳ කැන් එන වෙලාවට[/FONT]
    [FONT=&quot]සඳේ තනිය මකනව තාරකා කැට[/FONT]
    [FONT=&quot]මා හැරදා නුඹ දුරකට ගිය කලට[/FONT]
    [FONT=&quot]කිසිවෙක් නොමැත මාගේ තනි නොතනියට[/FONT]

    [FONT=&quot]කිසිම දිනක සිතුවේ නෑ තනි වෙන්න[/FONT]
    [FONT=&quot]නුඹ සිතුවේ ඇයි මා හැර දුර යන්න[/FONT]
    [FONT=&quot]මාව මෙහෙම අඬවන්නට දුක නැද්ද[/FONT]
    [FONT=&quot]තව දුරටත් බෑ මේ දුක වාවන්න[/FONT]

    [FONT=&quot]මේ කවි මල්ලී ඔහු ආදරය කරන කෙනාට ලියන්නට ඇතැයි සිතා උන්නද එයි ඇතැම් පද පේලි මා විදෙස්ගත වීම හා සම්බන්ධ යැයි මට මඳකට සිතුණි. කාට ලීවද මල්ලිගේ සිතේ විශාල දුකක් සැඟව ඇති බව වටහා ගැනීමට අපහසු නොවේ.[/FONT]

    [FONT=&quot]මම ඔහුට දුරකථනයෙන් ඇමතීමට උත්සාහ කළ ද ඔහු දුරකථනය ක්‍රියා විරහිත කර දමා තිබුණි.[/FONT]

    [FONT=&quot]“දෝණි ඔයා මේ ගමන යන්නෙ කැමැත්තෙන් නේද..?”[/FONT]

    [FONT=&quot]අප පිටව යෑමට සූදානම් වෙමින් උන් සවස් යාමයේ නැන්දා කාමරයට පැමිණ විමසුවාය. මම දුක්බර ලෙස ඒ මුහුණ දෙස බැලුවෙමි.[/FONT]

    [FONT=&quot]“ඔයා හිත හදාගන්නකල් අම්මා ළඟ ඉන්න. ඒත් ඕන ප්‍රශ්නයක් උන වෙලාවට අපේ ළගට එන්න. මේ ගෙදර දොරවල් ඔයාට තුන්සිය හැටපස් දවසෙම ඇරිලා තියෙන්නෙ.”[/FONT]

    [FONT=&quot]“මං නැන්දලව දාලා කැමැත්තෙන් යනවා නෙමෙයි නැන්දා. ඒත් මට මේ හැම දේකින්ම ඈත්වෙලා හිත හදාගන්න ඕනෙ.”[/FONT]

    [FONT=&quot]“මං දන්නවා දෝණි දුකෙන් ඉන්නෙ ඇයි කියලා. දුලාජ් පුතත් දැන් දවස් දෙකක් වැඩට ගිහින් නෑලු. කමක් නෑ. දූ කෙලින් තීරණයක් ගන්න එක ගැන අපිටත් සතුටුයි.”[/FONT]

    [FONT=&quot]දුලාජ් අයියගේ හා මගේ කතාව නැන්දා නොදන්නවා යැයි සිතා උන්නද ඈ බොහෝ තතු දැනගෙන ඇතුවා සේය. ඉතින් මා නැන්දාගෙන් දෑස් සඟවා ගතිමි.[/FONT]

    [FONT=&quot]“හරි දූ.. ඕවා දැන් හිතන්න එපා.. ඉක්මනට ලෑස්ති වෙන්න. තව පැය එකහමාරකින් එයාර්පෝට් එකට යන්නත් ඕනි.”[/FONT]

    [FONT=&quot]“මල්ලී තාම ආවෙ නෑ නේද..?”[/FONT]

    [FONT=&quot]“ඔයා යන්න කලින් එයි. කොල්ලට ඔයාව දකින්නෙ නැතුව ඉන්න බෑ..”[/FONT]

    [FONT=&quot]එසේ කී නැන්දා යමක් වසන් කර යන්න ගියේය. මම ඒ ඔස්සේ සිතමින් සිත වෙහෙස කළෙමි. නමුත් මට පහැදිලි නිගමනයකට ඒමට නොහැකි විය.[/FONT]

    [FONT=&quot]ඇඳුම් සියල්ල සූදානම් කර සාලයට ගෙන ගොස් තැබූ මා නැවත වරක් මා උන් උඩුමහලේ ඒ පුංචි කාමරයට පිවිසියෙමි. එහි මගෙ සුවඳ තව දුරටත් රැඳී ඇත. නොබලා ඉන්නවා යැයි සිතට පොරොන්දු දුන්නද දුලාජ් අයියාගේ බැල්කනිය දෙස නොබලා සිටීමට මට නොහැකි විය. ඉතින් මා සෙමින් සැදැල්ලට පිවිසියෙමි. මා බොහෝ ආදරය කළ කඩවසම් දුලාජ් අයියා පිස්සෙකු සේ අවුල් වූ හිසින් යුතුව එහා ඉම බැල්කනියට වී අරමුණකින් තොරව බලා උන්නේය. සිත දැඩි කරගත් මා ආපසු හැරුණෙමි.[/FONT]

    [FONT=&quot]“මේ ළමයා කොහෙ ගිහින්ද රූපිකා.. නංගිලාට යන්නත් පරක්කු වෙනවා..”[/FONT]

    [FONT=&quot]අම්මාත් සූදානම් වී අහවර වූ විට මාමා ඔරලෝසුව දෙස බලා කේන්තියෙන් කීවේය. මම ද රුවන් බල්ලීගේ රුව දකින අටියෙන් ගේට්ටුව දෙස බලා උන්නෙමි.[/FONT]

    [FONT=&quot]“චූටි පුතා ෆෝන් එක ඕෆ් කරලා දාලා.”[/FONT]

    [FONT=&quot]නැන්දාද බලාපොරොත්තු කඩ වූ හඬින් කියද්දී ලොකු මාමා වෑන් රථයට නැග එය පණ ගන්වා ගත්තේය.[/FONT]

    [FONT=&quot]“එයා එන වෙලාවක එන්නෙ නැතෑ.. අපි යමු.. කට්ටියම නගින්න.. ”[/FONT]

    [FONT=&quot]පළමුව මාමාත්.. දෙවනුව නැන්දාත් රියට නැගගත්තද මම තවත් මොහොතක් පමා විමි.[/FONT]

    [FONT=&quot]“දෝණි.. එයාව බලන් හිටියොත් අද යන්න වෙන්නෙ නෑ.. නගින්න..”[/FONT]

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [FONT=&quot]මාමා තරමක් උස් හඬින් කියද්දී මම ද රථය දෙසට පා එනවූයෙමි. එකෙනහිම දූවිලි අවුස්සමින් ඇදී ආ මල්ලීගේ මෝටර් සයිකලය මිදුලේ නතර විය. ඔහු පිටව ගොස් තිබුණේ හෙල්මටය පවා නොමැතිව වග මම දුටුවෙමි.[/FONT]

    [FONT=&quot]“අක්කා.. ඔයා යනවද රත්තරං..? මේ මල්ලිව දාලා යනවද..?”[/FONT]

    [FONT=&quot]ඒ ඇස් ලොවි ගෙඩි තරමට රතු වී ඉදිමී තිබුණි. නිවසේ නොඉඳ පටතට ගිය ඔහු ඇති තරම් හඬා වැළපුණ බවට සාධක ඒ මගින් ඕනෑවටත් වඩා පෙනෙන්නට විය.[/FONT]

    [FONT=&quot]“චූටි පුතා හොදටම පරක්කු වෙලා.. යනවා නම් ඉක්මනට නගින්න..”[/FONT]

    [FONT=&quot]මාමාගේ හඬේ කෝපයක් ගැබ්ව තිබුණ ද මල්ලී එයට සැලුනේ නැත. ඔහු මගේ ළගට පැමිණ මගේ දොත තදකර අල්ලා ගනිද්දී අම්මාත්, නැන්දාත් නැවත රථයෙන් බැස අප වෙත පැමිණියාය.[/FONT]

    [FONT=&quot]“පුතා.. දැන් ඕවා කියන්න එපා.. අක්කට යන්න දෙන්න..”[/FONT]

    [FONT=&quot]නැන්දා මල්ලීගේ පිටට අත තබා කියද්දී ඹහුගේ දෑසින් කඳුළු පිටාර ගලනවා මම දුටුවෙමි.[/FONT]

    [FONT=&quot]“නෑ අම්මා, අක්කා දැන ගන්න ඕනෙ, මේ මල්ලි එයාට පණ ඇරලා ආදරේ ඛලා කියලා.. එයා දැනගන්න ඕනි..”[/FONT]

    [FONT=&quot]“මල්ලී......?”[/FONT]

    [FONT=&quot]මගේ දෑස් අබියස විදුලියක් කෙටුවා වැනි හැඟීමක් ඇති වූ හෙයින් මම නැන්දාව තදින් අල්ලා ගතිමි.[/FONT]

    [FONT=&quot]“ඔව් අක්කා.. ඔයාට තේරුණේ නැද්ද මං ඔයාට ආදරේ කරපු තරම. ඔයාව පරිස්සම් කරපු තරම. මට ඔයා නැතුව ඉන්න බෑ සුදු අක්කෙ. මාව දාලා යන්න එපා. මං මැරෙයි.”[/FONT]

    [FONT=&quot]“අනේ නැන්දා...?”[/FONT]

    [FONT=&quot]මම මහ හඬින් හඬමින් බිම ඉඳගනිද්දී මාමාද රථය නවතා අප වෙත පැමිණියේය.[/FONT]

    [FONT=&quot]“චූටි පුතා.. මොකක්ද මේකෙ තේරුම..? ඔයා මෙච්චර කල් අක්කට ආදරේ කළාද..?”[/FONT]

    [FONT=&quot]“ඔව් තාත්තෙ ඔව්.. අක්කට තමයි.. මොකක්ද ඒකෙ ඇති වැරැද්ද.. මං අක්කට වඩා අවුරුද්දයි මාස දෙකක් බාල එකද..?”[/FONT]

    [FONT=&quot]ඔහු බොහෝ දේ කීවේය. නමුත් ඒ කිසිවක් හරිහැටි වටහාගත නොහැකි වූ මා සිතින් අතීතයට පියමං කළෙමි.[/FONT]

    [FONT=&quot]මල්ලී මුලින්ම කාමරයට කඩා වැදී හඬා වැටුණේ දුලාජ් අයියා මට මකනයක දවටා පණිවුඩයක් එවූ දිනයේය. එසේම ඔහුගේ පෙම්වතිය ගැන කතා කළ හැම විටම ඔහු එය මගහැරියේ දැන් පරක්කු වැඩියි යැයි කියමිනි. ඉතින් මා එකින් එක වටහා ගතිමි.[/FONT]

    [FONT=&quot]මගේ තනියට ගමන් බිමන් යෑමට ආ හැටි, මගේ පාළුවට පොත් ගෙනත් දුන් හැටි, මා අඩනා විට ළගට වී හිස අතගාමින් උන් හැටි අමතක කළ හැකි නොවේ. වෙනකක් තබා මා රෝහල්ගතව උන් දිනවල මාව වැසිකිළියට පවා රැගෙන ගියේ මල්ලීය. ඉතිං ඒ සිතේ මා ගැන වූ ආදරය වටහා ගත නොහැකි වීම මගේ අතින් සිදුව ඇති බරපතළ වරදකි.[/FONT]

    [FONT=&quot]නමුත් මගේ සිතේ ඔහු ගැන තිබුණේ බාල සොහොයුරෙකු පිළිබදව ඇතිවන්නා වූ අනුපමේය සෙනෙහසක් මිස පෙම්වතෙකු ලෙස ඇති ආදරයක් නොවේ. ගැටලුව එතනය. හිස තදට රිදුම් දෙද්දි මම මාමාගේ අත අල්ලා උන් තැනින් නැගිට ගත්තෙමි.[/FONT]

    [FONT=&quot]“දෝණි.. හොඳටම පරක්කුයි පුතේ..”[/FONT]

    [FONT=&quot]මා කල්පනා කරන තෙක් මඳක් නැවතිල්ලේ උන් මාමා නැවත රියට නැගුනි. මල්ලී බලා හිඳ්දී අප තිදෙනාද ඒ දෙසට පිය නැගිමු..[/FONT]

    [FONT=&quot]“ඔයාට මේ රුවන් මල්ලි වගේ දුලාජ්වත්, පැහැසරවත්, වෙන කෙනෙක්වත් ආදරේ කරන එකක් නෑ මිනූ අක්කා. තේරුම් ගන්න. ඔයාට වඩා බාල එක ඇරෙන්න මගේ වෙන වරදක් නෑ. මට පුළුවන් ඔයාව මලක් වගේ බලාගන්න. ඒත් ඔයා ගියොත් ඔයාට කවදාවත් මල්ලි කෙනෙක් නැතිවෙයි.”[/FONT]

    [FONT=&quot]ඔහු තෝන්තුවෙන් මෙන් කියවද්දී දුලාජ් අයියාද ගේට්ටුවෙන් ඇතුළු විය. ඔහු මල්ලී දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලද්දී මම බොහෝ තැති ගැනිමි. මා පත්ව උන් අසරණ බව තේරුම් ගත් රූපිකා නැන්දා මාව වෑන් රථයට නංවා ගත්තේය. ඒ දුටු මල්ලී බොහෝ කලබල වුණි.[/FONT]

    [FONT=&quot]“මාව එපානං කමක් නෑ අක්කෙ. ඒත් මගේ ඇස් දෙකට පේන්න හරි දුලාජ් අයියා ළගට වෙලා ඉන්න. මට ඒ ඇති.”[/FONT]

    [FONT=&quot]අනේ.. ඒ ඇසි මගේ කඳුළු අලුත් විය. ආදරය යනු අයිතිකර ගැනීමම නොවේ. යන්න මල්ලී දිනක් කියූ අයුරු මට සිහියට නැගුණි.[/FONT]

    [FONT=&quot]“මම යන්නෙ නෑ මාමා.. අම්මව ගිහින් ඇරලවන්න..”[/FONT]

    [FONT=&quot]මම රථයෙන් මගේ ගමන් මලු දෙක බිමට බා ගතිමි. ඒ දුටු අම්මා බොහෝ කලබල විය.[/FONT]

    [FONT=&quot]“මට තාත්තා නැති වුණා වගේ මල්ලිවත් නැති කරගන්න බෑ.. අම්මා ඔයා යන්න..”[/FONT]

    [FONT=&quot]නැන්දාගේ දෑසේ මඳහසක් ඇඳෙද්දී මම දුලාජ් අයියා දෙස ද වරක් බලා මල්ලී වෙත දිව ගියෙමි. ඔහු ක්ෂණිකව නැගිට මා ඔහුගේ තුරුලට ගත්තේය.[/FONT]

    [FONT=&quot]“මේ විශ්වාසෙ මං මැරෙනකං කඩකරන්නෙ නෑ සුදූ.. සත්තයි..”[/FONT]

    [FONT=&quot]මල්ලී මගේ නළලත හාදුවක් සටහන් කරද්දී දුලාජ් අයියාගේ දෑසින් කඳුළක් ගලා ගියේය.[/FONT]

    [FONT=&quot]“දෝණි..”[/FONT]

    [FONT=&quot]“අම්මා...”[/FONT]

    [FONT=&quot]අප දෙදෙනාට ළං වූ අම්මා රුවන් මල්ලීගේ හා මගේ දෑත එක් අතකට ගත්තාය. අපි පුදුමයෙන් මෙන් ඈ දෙස බැලීමු..[/FONT]

    [FONT=&quot]“ඔය දෙන්නම කළුතර ගෙදරට ආසයිනෙ. ආ...”[/FONT]

    [FONT=&quot]කළුතර නිවසේ ප්‍රධාන යතුරු කැරැල්ල හා තවත් දිග ලියුම් කවරයක් ඈ අපට දෙද්දී මල්ලීත් මමත් එකවිටම ඇගේ දෙපා මුල වැඳ වැටුණෙමු.[/FONT]

    [FONT=&quot]ඉතින් මා ජීවිතය ඇරඹිය යුතු කාලයයි. අම්මා රැගත් රිය ගේට්ටුවෙන් පිටව යද්දී දුලාජ් අයියාද යන්න ගියේය. සැනසුම් සුසුමක් හෙළූ මම මල්ලීගේ පපුවට බරව නිවසට පා නැගුවෙමි.[/FONT]


    End.gif
     
    • Like
    Reactions: Freeway90

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    පට්ට කතාව මචන්....හෑමදාම උබගේ කතාවලට අන්තිම හරියෙදි ඈස් වලට කදුලු එනවා මචෝ.......උබට පට්ට හෑකියාවක් තියෙන්නේ.....හෑමදාම ලියමු මචෝ පොඩි කතා තමයි හොද මේ වගේ.....මට මෑසෙජ් එකක් දාපන් අනිත් දවසේ........:):):):):):)
     

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    NIyamai ban...iyei adai kiyewwa.....kadulu enawa yanawa....patta storya..mewa ubada ban liyanne..super!!! rep+++++
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද තමයි මචන් කියවලා ඉවරවුනේ වෙනදා වගේම ලස්සන කතාවක්.අර යව්ව්න සමින්දගේ කතාවක් උබ නැවෑත්තුවා නේද දෙවෙනි කොටස දාන්නේ නෑතිව පුලුවන් නම් ඒකත් දාපන්.ඒකත් පට්ට කතාවක්. You must spread some Reputation around before giving it to crazybuddy again.