ඵුස්සදේව යෝධයා........
දුටුගැමුණු රජතුමා සතු හමුදාවේ ජය සක් හඩ සහ දක්ෂතම දුනුවායා වන ඵුස්සදේව යෝධයා ගැන අපට අමුතුවෙන් කියන්න උවමනා නැත. නමුත් ඔහු පිළිබද නොදන්නා අයද සිටිතැයි යන හැගීම ඇතිවීම කණගාටුදායකය. කෙසේ වුවද කෙටි හැදින්වීමක් පහත දැක්වේ.
සිතුල්පවුව අසල ගමක උත්පල නම් ප්රභූවරයෙක් ඔහුගේ පියා විය.. කුඩා කල පටන්ම කැපී පෙනෙන චරිතයක් වූ ඔහු දිනක් විහාරයේදී වෙනත් කෙනෙකුට පිබීමට නොහැකිව තිබුනු හක් ගෙඩියක් ගෙන පිම්බා.එම හඩට අසල සිටි අය කම්පනයෙන් බිම ඇද වැටුනාලු.ඔහුගේ පියා පුතාගේ හැකියාවන් දැන දුනු ශිල්පය තම පුතුට මැනවින් ප්‍රගුන කළා. ඔහු දුනු ශිල්පයේ අති දක්ශයෙක් වුණා.ශබ්දය ආ දිශාව අනුව හී විදීමටත්,විදුලි එළියෙන්(lightning) ඉලක්කයටහී විදීමටත් ඔහු අති දක්ශයෙක් වුණා. ඔහුගේ දක්ශකම දැන කාවන්තිස්ස රජතුමා තම හමුදාවට බඳවා ගත්තා. දුටු ගැමුණු රජතුමා සමග එළාරට විරුද්ධව කල සටනේදී ඔහු විශාල සේවයක් කළ බව සදහන් වෙනවා.ඔහුගේ ජය සක් හඩින් සතුරන් බිම ඇද වැටුනාලු.එළාර රජුගේ භල්ලුක නම් ද්‍රවිඩ නායකයා මැරිලා තියෙන්නේ ඵුස්සදේව යෝදයාගේ හී පහරින්ලු. යුද්ධයේදී දුටුගැමුනු රජතුමා ළගින්ම සිට සටන් කළ සෙනෙවියා ලෙස ඵුස්සදේව යෝදයා හදුන්වන්න පුලුවන්.
"
Phussadeva
According to the Mahãvamsa (chapter 23, verse 82-89) Phussadeva was born the son of Uppala in a village named Gavita near the Cittalapabbata temple. As a young boy visiting the temple Phussadeva is said to have been able to blow conch shells so loud they sounded like thunder, thus being named Ummadaphussadeva. Subsequently Phussadeva became a renowned archer who never missed his mark."
මේ සෙනෙවියාගේ දේහය මිහිදන් කල ස්ථානය අදටත් සංඛපාල නම් ගමේ (මම නම් දැක්කේ අම්පාර යන අතරතුර රත්නපුරයට ආසන්න ගම්ක් කියල විතරයි දන්නේ) ගල් තලාවක දකින්න තියෙනවා. ස්මාරකය පසු කාලීනව ඉදිරපු බවක් තමයි දකින්න ලැබෙන්නෙ. ඊට කලින් එතන ඒ විදියෙ දෙයක් තියෙන්න ඇති.
නමුත් මෙම සොහොන වටා ඇති ගල් තලා වටා දේශපාලුවන් විසින් තම ප්රචාරක කටයුතු සදහා මැනවින් යොදාගෙන ඇති බව පෙනෙන්නට තිබේ.
කුමන පක්ෂයක වුවද මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැක.
මාර්ගයට ඉතා ආසන්නයේ ඇති මෙම ස්ථානයේ අදාල ගෝල බාලයන් විසින් අදාල කාර්යය සදහා ගෙනෙන ලද දේ වල ඉතිරිය එම ස්ථානයේම දැකිය හැක.
මා කියන්නේ අප මෙම ස්ථාන වලට වන්දනා මාන කළ යුතු බවක් නොව අඩු තරමේ මෙවැනි වීරයන්ට ගරු කිරීමටවත් දැනගත යුතු බවයි. අදාල දේශපාලුවන් හෝ ඔවුන්ගේ ගෝල බාලයන්මේ මේ බව දැනගත යුතුය, නැතිනම් අඩු තරමේ මෙවැනි තකතීරු මුග්ධයන් ලවා වැඩ කරවා නොගැනීමට තරම් දේශපාලුවන් බුද්ධිමත් විය යුතුය.
කුමන පක්ෂක කෙනෙකු උනත් තම ප්රචාරක කටයුතු කිරීමේදී අඩු තරමේ මෙවැනි වීරයන්ට, අපේ උරුමයන්ට හානියක් වන පරිදි කටයුතු කිරීමෙන් වැලකිය යුතුය.. කෙසේ වුවද ඇතැම්හූ ඉතාමත් ආදර්ශමත් අයුරින් තම ප්රචාරක කටයුතු කළ බවත් කිව යුතුමය.
තමන්ගේ රටේ උරුමය ගැනවත් දන්නේ නැති උන් පාර්ලිමේන්තුවට කුමකටද.
අදාළ දේශපාලුවන් කවුරුන්දැයි කියාවත් මම නොදන්නා අතර දේශපාලනය ගැන මා තුල උනන්දුවක් නොමැති බවත් සැළකුව මැනවි.

Last edited:

anyway nice post bro 