කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ වේළුපිල්ලෙයි ප්‍රභාකරන් කුඩා කාලයේ පදිංචිව සිටි වැල්වැටිතුරෙයිහි ආලඩිලේන් හි පිහිටි නිවස කඩා විනාශ කර ඇති බව මාධ්‍ය මගින් වාර්තා කර තිබූ අතර, එම කඩා දැමූ නිවස කැමරා ඇසට හසු කර ගැනීමට ලංකාටෲත් පාඨකයෙකුට හැකිව ඇත. මේ එම ඡායාරූපයි.
ප්‍රභාකරන්ගේ ක්‍රියාදාමය හෝ ඔවුන්ගේ ඊනියා ඊළම් සිහිනය අප මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර, මෙවැනි ජාතිවාදී ක්‍රියාකාරකම්ද එළෙසින්ම ප්‍රතික්ෂේප කරමු. මන්ද යත් දෙමළ ජනතාව දිනා ගැනීමට, ජාතික සමගිය ඇති කිරීමට මෙවැනි කටයුතු බාධාවක් බැවිනි. ඉතිහාසයේ දුටුගැමුණූ රජු එළාර රජු මරා දැමූ අවස්ථාවේදී එළාගේ අනුගාමිකයින් ලෙස සිටි දෙමළ ජනතාව දිනා ගැනීමට එළාර වෙනුවෙන් ස්මාරකයක් ඉදිකර, එය අසලින් යන සියලුදෙනා එම ස්මාරකයට ගරු කළ යුතු බවට නීතියක්ද පැනෙව්වේය.
නමුත් අවසනාවක තරම, අපගේ ජාතිවාදීන් සිය ඊනියා ජාතික සමගිය නම් වූ දේශපාලන තේමා පාඨය දෙමළ ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට පමණක් සීමා කර, සිදු කරන මෙවැනි ක්‍රියාකාරකම්වලින් ජාතික සමගිය ගොඩනැගීමට නොහැකි බව ලංකාටෲත් අප අවධාරණය කරමු.

.....එයා එයාගෙ ජාතිය වෙනුවෙන් අවංකවම කටයුතු කලා නං කවදාවත් දෙමල අයට දුක් දෙන්නෙ නෑ
...මම දන්න ඉතිහාසයෙන් එලාර කියන්නෙ සාධාරණ පාලකයෙක්...ඒක නිසා වෙන්න ඕන දුටුගැමුනු රජතුමා එලාර මතක් කරල ස්මාරකයකුත් හදල තියෙන්නෙ.මගෙ අදහස නං එලාර,ප්‍රබාට සමාන කරන්න බෑ