ජාතිකවාදීන් බොහෝ දෙනෙකු උත්සුක වන්නේ පාලන බලය ලබා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ය. මේ කාලයේ ඇති ප්‍රධාන ප්‍රශ්නය එය නො වේ.
ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ආණ්ඩුවක් ලබා ගෙන පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න ය.
2009ට පෙර ලංකාවේ ප්‍රමුඛ ප්‍රශ්නය වූයේ ත්‍රස්තවාදයයි. මෙය අතිශය දුෂ්කර වුව ද යම් තරමකින් සංයුක්ත ප්‍රශ්නයකි. දකුණේ බෝම්බ ප්‍රහාර ආදිය වලක්වාගෙන උතුරේ කොටි සංවිධානය සමඟ ගැටී ඍජුව හමුදා මෙහෙයුම් මඟින් ඔවුන් පරාජයට පත් කොට මුලින් උපුටා දැමීම මඟින් මෙය ඍජුව බැලූ බැල්මට ඕනෑ ම අයකුට පෙනෙන සේ අවසන් කළ හැකි ය. මෙහි පියවර සියල්ලන්ට ඇහැට පෙනේ ඇඟට දැනේ..
මෙය ප්‍රායෝගිකව කළ හැකි යැයි විශ්වාස කළේ හා කීවේ ජාතිකවාදීන් පමණක් ය යන්න ඇත්ත ය. එය අසීරු නමුත් සංයුක්තය, ඍජු ය. අවුරුදු 30ක් මෙය ඇදීයාමට එක් හේතුවක් වන්නේ ද දේශපාලනිකව හිඟන්නාගේ තුවාලයක් වීම ය. තුවාලය සංයුක්ත ය, දරිද්‍රතාව ඊට වියුක්ත ය.
2009න් පසු නැවත ඉදිරියට එන ප්‍රශ්න සමූහය වියුක්ත ය. මෙය කෙටියෙන් ප්‍රකාශ වන වචන දෙක නම් "රට හැදීම" ය. රට හැදීම යනු කිසි නිශ්චිත අර්ථයක් නැති හිස් වචන දෙකකි. එයින් කියැවෙන්නේ කුමක් ද යන්න ගැන කිසිවකුට නිශ්චිත අදහසක් නැත. කුමක් වූ විට රට හැදේ ද කියා කවුරුවත් දන්නේ නැත. කෙසේ නමුත් ඊට ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික අංශ ඉහල නැංවීමක් ගැන දළ අදහසක් ඇත.
ප්‍රශ්නය වන්නේ මේ දේවල් වියුක්ත වීම ය. ආර්ථිකය ආදිය වියුක්ත ය. උදාහරණයක් ලෙස සල්ලි අච්චු ගැසීම වචනය මිස ඉන් කුමක් කියැවේ දැයි සාමාන්‍ය ජනයාට තේරෙන්නේ නැත. අනික් අතට ඒ නිසා උද්ධමනය වැඩි වෙන්නේ කෙසේ දැයි කියා කිව හැක්කේ වියුක්තව මිස සංයුක්තව නො වේ. (බටහිර ආර්ථික විද්‍යාවට පවා හරියට ම පැහැදිලි කිරීම අපහසු ය, අදාල ප්‍රවාදවල එන නියමයන්ගේ සර්වසාම්‍ය-tautological-ලක්ෂණ ඇත.) පොලී අනුපාත කෙසේ බලපායි ද ආදී දෑ වියුක්ත ය. මේ ආදී වශයෙන් ඇහැට නොපෙනෙන සාමාන්‍ය මිනිසුන්ට ග්‍රහණය නො වෙන දේ සමඟ ඔට්ටු වීමට සිදු වේ..
අනික් අතට මහා විශ්වකර්ම ලෙස ලංකාව එකවර ජර්මන්, ඇමරිකන් හෝ සිංගප්පූරු ආර්ථිකයකට පරිවර්තනය කළ ද එය ඇසට පෙනේ දැයි සිතීම අපහසු ය. මේවායේ ද දුප්පතුන් ඇත. ගෙවල් දොරවල් නැති මිනිසුන් ඇත. මෙහි ද එවැන්නක් වනු ඇති අතර කොපමණ ආර්ථික වර්ධනයක් යැයි කීව ද අතේ සල්ලි නැතයි කියනු ඇත. අනෙක් අතට මිනිසුන් ස්වභාවයෙන්ම අතෘප්තිකර ය. ආර්ථික වර්ධනය පැමිණෙනු ඇත්තේ සාමාජයීය ප්‍රශ්න ද සමඟිනි.
අනෙක් අතට ණය ගැනීම හා ණය වීම වැනි දෑ පිළිබඳව වියුක්තව තේරුම්ගත යුතු කාරණා එසේ තේරුම් ගැනෙන්නේ නැත. සාමාන්‍ය මිනිස්සුන්ට ණය ගැනීම යනු සල්ලි නැතිවිට අමාරුවේ වැටුණු විට කරනා, ඉන්පසු අමාරුවෙන් ගෙවනා කෙනෙකි. පොදු ජන සාහිත්‍යයේ හා කට වහරේ සිටිනා එක් දුෂ්ටයකු වන්නේ "පොලී මුදලාලි" ය.
2009න් පසු මහින්ද රාජපක්ෂ ද ඇතුළු කිසිවකුට සාර්ථක ආණ්ඩුවක් ගෙන යාමට හැකි වූයේ නැත. මහින්ද රාජපක්ෂගේ දෙවන වාරය එළැඹුණේ පළමු වාරයේ ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය අවසන් කොට ඉතා දැඩි උණුසුමක් සහිතව ය. (එය කයිවාරු නිසා නොව පළමුවාරයේ වැඩ නිසා ය.) මහින්දගේ සංවර්ධනය ඇහට පේන යටිතල පහසුකම් මාර්ග කුළුණු ආදිය වී තිබිය දී පවා, මැදි ආදායම් රටකට එසවෙද්දී පවා ඒ සංයුක්ත ග්‍රහණය කර ගැනීම සාර්ථකත්වයට ප්‍රමාණවත් වූයේ නැත. එය එහි උපරිමය ය. අනික් කිසි ආණ්ඩුවක් ඒ තරමට හෝ සාර්ථක වූයේ නැත.
ඇහැට නොපෙනෙන වියුක්ත පසුබිමක් ඇති ප්‍රශ්න විසඳීම තීරණාත්මක ය.
ආර්ථික අර්බුදය (රාජ්‍ය මූල්‍ය අර්බුදය) මුල්වරට ගිනිපුපුරු දැල්වූයේ 2018 කිට්ටු කාලයේ ය. ඒ බව පමණක් නොව 2020 ගණන්වල ආණ්ඩුවක් ගන්නා ඕනෑ ම කණ්ඩායමක් බරපතල අර්බුදයකට පත්වෙන බවට ඉවක් මෙන් ම අනතුරු ඇඟවීම් ද ලැබී තිබුණු.
මෛත්‍රීපාල විසින් මහින්ද අගමැති ලෙස පත්කිරීමේ අසාර්ථක බල පෙරළිය පිළිබඳ මුලින් තරයේ විරුද්ධ වූ පොහොට්ටුව (ඇත්තෙන් ම බැසිල් පාර්ශ්වය: ඔවුන් සිටියේ මෛත්‍රීපාල සමඟ හවුල් නොවී ඊළඟ ආණ්ඩුවක් ගත යුතු ය යන ස්ථාවරයේ ය)ඊට එකඟ වන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රශ්නය සමඟ 2020 ගණන්වල ආණ්ඩුවක් අරගෙන කිරීමට නොහැකි වේ ය යන අදහස ඒත්තු යෑම තුළ ය. (පාර්ලමේන්තුව විසිරවීමට යෑමේ දෝෂයෙන් එය කඩා වැටුණි). කෙසේ හෝ මංගල සමරවීරට IMF සහය, බදු පැනවීම් හා මිල සූත්‍ර හරහා තාවකාලිකව තත්ත්වය කළමනාකරණය කිරීමට සමත් වූ අතර තරමක් ඒ ගැන බිය යටපත් වීම සිදුවූ අතර ආර්ථිකය හැකිළවීමේ අතුරුප්‍රතිඵලවලට විරුද්ධ ප්‍රවණතාව ගෝඨාභයගේ කඳවුර වටා ගොනු විය. අනෙක් අතට නැවත වතාවක් ජාතික ආරක්ෂාව ඉස්මතු වූ අතර විශාල බලයකින් ආණ්ඩුවක් පිහිටවිය හැකි බවත්, විද්වතුන් වෘත්තිකයන් ඇසුරු කරමින් ආර්ථිකය ප්‍රසාරණය කෙරෙන වැඩපිළිවෙළක් හරහා සිංගප්පූරු මට්ටමේ සංවර්ධනයක් පොරොන්දු විය. (2018 දී දැන සිටි 2020 ගණන්වල ගන්නා ආණ්ඩුවක් වැටෙනු ඇත යන අදහසේ දිගට ම සිටියේ ඒ කඳවුරේ ඉතා සුළුතරයක් පමණි.)
ගෝඨාභයගේ ආණ්ඩුව කඩා වැටීම භෞතික කඩා වැටීමකි. එය කෙසේත් සිදුවන්නට තිබුණ ද එක් පසෙකින් බදු අඩුකොට අනෙක් පසෙන් කොවිඩ් වසංගතය ආ ගමන් කඩිකුලප්පුවෙන් සියල්ල නැවැත්වීම ද වැනි ජනප්‍රිය මෝඩ පියවර ගැනීමේ වගකීම ඔවුන්ට ඇත. කිසිදු මධ්‍යගත පාලනයක් නැතිව ආණ්ඩුවේ කණ්ඩායම් ඉබාගාතේ හැසිරුණු අතර වසංගත මර්දනය (අනෙක් අතට ව්‍යාජ දෘෂ්ටිවාදී වසංගතයකි) මිලිටරි ප්‍රශ්නයක් ලෙස ගැනීම වැනි බරපතල වැරදි සිදුකරන ලදී. (කාබනික පොහොර වැනි දේ කෙරුණේ සියල්ල කඩාවැටුණාට පසු ය. ඇත්ත කතාව ඒ වෙලාවේ පොහොර ගෙන ඒමට සල්ලි තිබුණේ නැති බව ය.)
ගෝඨාභයගේ කඳවුර "භෞතික වශයෙන් ම" කඩාවැටීම පිළිගත යුත්තකි. අනෙක් ආණ්ඩුවල කඩා වැටීම අදහස් හා ප්‍රචාරය මත තරමක් බැඳී ඇත.
ප්‍රශ්නය නම් සාම්ප්‍රදායික ජාතිකවාදී කඳවුර හෝ ඊනියා "ජනතාව" හෝ විරුද්ධ වූ මහා දෙයක් ගෝඨාභය කළේ ද යන්න ය. මිනිසුන්ගෙන් බැනුම් අසන හොරකම් වංචා ආදිය ගෝඨාභයගේ කාලයට වඩා මහින්දගේ දෙවන කාලයට සම්බන්ධ දේවල් ය. ගෝඨාභය පත්වූයේ ඒ කාලයේ සිදුවූවා යැයි කියන දේට එක්තරා ආකාරයකට ජනතාවගේ ප්‍රතිරෝධය තුනී වීමක් පෙන්නුම් කරමිනි.
ගෝඨාභය අලුතින් හදාගත් වැරදි සියල්ල කෙරුණේ ජනතාවගේ විසිල් හා ඔල්වරසන් මධ්‍යයේ ය. බදු අඩු කරනවාට අකැමැති කවුද? මහ බැංකුවේ ලොකු පඩි ගන්න නිලධාරින් බැනුම් අහගෙන රෑට ලයිට් දමාගෙන වැඩ කරනවාට අකැමැති කවුද? රට සම්පූර්ණයෙන් ම වසා ආර්ථිකය කුඩු පට්ටම් කරගෙන හෝ "කොරෝනා නම් බිහිසුණු වසංගතයෙන්" "සියල්ලට වඩා වටිනා මිනිස් ජීවිත" බේරා ගැනීමට අකැමැති කවුද?
බැසිල්ගේ පාර්ලමේන්තු ආගමනය සිදුවූයේ කොරෝනාවට මුවාවෙනි. ඔහු විසින් බැසිලිකා නොවන කණ්ඩායම් කපා දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය. මේ සමඟ අභ්‍යන්තර ආතති ඇති විය.
පාර්ලමේන්තු ජාතිකවාදීන් නැගෙනහිර ජැටියට හා කෙළවරපිටිය බලාගාර ගනුදෙනුවට එරෙහිව මහා පොරයක් කළේ ආර්ථිකය, තාක්ෂණය හෝ අදාළ වෙළෙඳපොළ ගැන කිසි අදහසකින්, අවබෝධයකින් තොරව අයාලේ ගිය විරෝධයක් ලෙස ය. මේ පරණ ඉව දැඩිව ගැනීමෙන් කළ අර්බුද ය.
බැසිල්ගේ ක්‍රියාකලාපයත් පාර්ලමේන්තු ජාතිකවාදීන්ගේ අපරිණතකමත් නිසා රාජ්‍ය මූල්‍ය ප්‍රශ්නය පවා ඔවුන් සැලකුවේ බැසිල්ගෙන් ලැබුණු "කැපිල්ලක්" ලෙස ය.
බැසිල් යනු ජාතිකත්වයට විරුද්ධවාදියකු බව සැබෑ ය. ඔහු පරාජය කළ යුතු ය. නමුත් සියලු වගකීම් ඔහුට ම ලිවීම යනු බොළඳ ලෙස හිත සනසා ගැනීමකි. බැසිල්ගේ අවුල් වියවුල් තරමට ම පාර්ලමේන්තු ජාතිකවාදීන් ද වියවුල් ය. ආර්ථික අර්බුදය ගැන නොසිතා වැඩ කළ ගෝඨාභයගේ ඇස් යම් තරමකට හෝ ඇරී එතක් සිටි "කොරෝනා මිලිටරි යුද්ධ මෙහෙයුම" ලිහිල් කිරීමට කටයුතු කරන විට එරෙහිව ලියුම් ගසා ජනතාවාදීන් වන්නට ගියේ පාර්ලමේන්තු ජාතිකවාදීන් ය.
(ඩොලරයේ ප්‍රශ්නය වැනි දේ බලාගන්නවා යැයි බැසිල් කියා සිටි බවත් ඔහු කී දේ නොකළ බවත් එනිසා අර්බුදයට ගිය බවත් යනුවෙන් ප්‍රචලිත කතාවක් තරමක් ජාතිකවාදීන් සමහරක් අතර ඇත. මේවා මා සලකන්නේ ජාතිකවාදීන්ගේ "බබා පාර්ට්" ලෙස ය. බැසිල්ට විරුද්ධ නම් විශ්වාස කළ නොහැකි නම් බැසිල් ඩොලරය හදා දෙතැයි බලා සිටියා කීම තරම් මෝඩ වැඩක් තවත් තිබේ ද? බැසිල් නොහිටියා නම් "ඩොලරය හදාගන්නා විදිහ" ජාතිකවාදීන් දන්නවා ද? මේ ගැලවිල්ලට කියන "බබා පාර්ට්" අමතක කළ යුතු ය. පාර්ලමේන්තු ජාතිකවාදීන්ගේ වියවුල බාරගත යුතු ය.)
මේ කිසිවක් පොදුජනතාවට එතරම් දැනුණේ නැත. පොඩි ආතතියක් ඇති වූවා පමණි.
සියල්ල උඩු යටිකුරු වූයේ ආර්ථිකය භෞතිකව ම කඩාවැටීමෙන් පසු ය. ඉන්පසුව යට ගොස් තිබූ ජනතාව හුරේ දැමූ ඒවා ද ඇතුළු සියල්ල ම ආණ්ඩුවේ වැරදි ලෙස ඉස්මතු වී උඩට ආවේ ය.
කෙසේ නමුත් භෞතික වැටීමෙන් පසු ඇසීමට වැදගත් ප්‍රශ්නයක් පවතී.
ජාතිකවාදීන් නැවත ආණ්ඩුවක් ගතහොත් ඒ ගන්නේ කුමකට ද? එය ව්‍යසනයකින් අවසන් නොවනු ඇත්තේ ඇයි?
අඩු වැඩි වශයෙන් ජාතිකවාදීන්ගේ වත්මන් ඉවේ තිබෙන දේවල් ගෝඨාභයගේ ආණ්ඩුවට මෙන් ම ජවිපේට පවා සමගාමී ය. එසේ තිබිය දී නැවත ආණ්ඩුවක් ගන්නේ ඇයි? එය පුපුරා නොයනු ඇත්තේ ඇයි?
ගෝඨාභයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වූ බව වැනි කතා කියා ප්‍රශ්නයෙන් පැන යා නො හැකි ය. ගෝඨාභයට ජාත්‍යන්තරය ඔළුව අතගාවියැයි ජාතිකවාදීන් බලාපොරොත්තු වූවා ද? ජාතිකවාදීන්ගේ ආණ්ඩුවක් ආවොත් ජාත්‍යන්තරය එයම නොකරනු ඇත්තේ ඇයි? එසේ කළහොත් පුපුරා නොයනු ඇත්තේ ඇයි? නිදහසට කරුණුවලින් ඇත්ත ප්‍රශ්නයට පිළිතුරු නොලැබේ..
රජයක් ගන්නේ කුමකට ද? එය පවත්වා ගත හැක්කේ කෙසේ ද? ඉන් විසඳන්නේ කුමක් ද? එය පෙන්වන්නේ කුමක් ද? යන්න විසඳා නොගෙන පාලන බලය අතට නොගත යුතු ය. පුපුරායම් කීපයකට නිරාවරණය වීම සුබදායක නො වේ.
බලය ගන්නේ කෙසේ ද යන්න දෙවැනියට විසඳාගත යුත්තකි. අවාසනාවට බොහෝ දෙනාට ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ දෙවැන්නයි..
ජනාධිපතිවරණයට දිලිත් ජයවීර ඉල්ලන බවට කසු කුසුව තිබූ මුල් කාලයේ මට කිහිප වරක් දිලිත් හමු විය.
දිලිත්ගෙන් මම ඇහුවේ ආණ්ඩුව ගත් නමුත් කරගෙන යන්නේ කෙසේ ද යන්නයි. දිලිත්ගේ පිළිතුර වූයේ "මේ කාලේ මිනිස්සු හිතන්නේ ඍණාත්මකව.. අපි ධනාත්මකව හිතලා අපිට බලය ගන්න ඕනේ.. අරන් ධනාත්මකව හිතලා කරද්දී ඕන දෙයක් කරන්න පුළුවන් කියා ය."
මෙය එතරම් ඒත්තු යන පිළිතුරක් නො වේ. මෙය ව්‍යවසායක පිළිතුරකි. ව්‍යවසායකයෝ තමන් යටතේ වැඩකරන සේවකයන්ගෙන් සිතාගත නොහැකි ප්‍රමාණයේ මහා පරිමාණ වැඩ ඉල්ලති. මේවායින් සමහරක් කළ හැකි ය. සමහරක් කළ නො හැකි ය. ව්‍යවසායකයා ධනාත්මක චින්තනය ගැන දේශනා දී සේවකයන් ලවා ඒවා කරගැනීමට බැලීම හරි ය. එවිට සේවකයන් ද බැරි යැයි හිතූ දේ මොන දහං ගැටයක් හෝ දමා කිරීමට උත්සාහ කරති. සමහර ඒවා හරියනු ඇත. සමහර ඒවා හරි නොයනු ඇත. ව්‍යවසායකයා එවිට එම සේවකයන් ඉවත් කිරීම, ව්‍යාපෘති නවතා දැමීම ආදී දේ කරනු ඇත.
99%ක් ආරම්භක ව්‍යාපාර අසාර්ථක වී සාර්ථක වන්නේ 1%කි.. එය ව්‍යාපාර ලෝකයට සෑහේ..
අවාසනාවකට රටක් හා රටක දේශපාලනය යනු ව්‍යවසායක් නො වේ. ගෝඨා මෙන් බලයට පැමිණ "ටූල්ස්" ඉල්ලා සිටිය නොහැකි ය.
පාලනය ගෙන යන්නේ කෙසේ දැයි තීරණය කරගැති නොහැකි තාක් පාලන බලය නොගෙන සිටීම ම හොඳ ය.
- තමළු