කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රි
අප දන්න පරිදි ලංකාවේ ජෝතීෂය හා එවැනි සංකල්ප තදින් මුල් බැසගෙන ඇත.. ඇතැම්හූ එය අප ආගම,සංස්කෘතිය සමග පටලවා ගැනීම දුකට කාරණයකි. හදි හූනියම්, අංජනම්, කේන්දර ,ලග්න පලාපල ආදිය සම්බන්ධව කරුණු දැක්වීමේදී විද්‍යාවෙන් පැහැදිලි කිරීමට මාද එකඟ නොවෙමි.මෙවැනි දේ අප දැනුම් පද්ධතියට ගෝචර නොවන බැවින් එය අසාර්ථකය. කරුණු එසේ වුවද මා දන්න ඇතැම් අය මේවා විද්‍යාව තුලින් සාධාරණීකරනය කිරීමට උත්සහ දරයි.(ඒවාට පිළිතුරු සහ හේතු නිදහස් වෙලාවක සකස් කොට පල කරන්නෙමි.) මෙවැනි දේ නිසා ජීවිත අසාර්ථක වූ පුද්ගලයන් මිස සාර්ථක වූ අය ගැන මම නොදනිමි.තවද මගේ දැනුමට ගෝචර වන(බොහෝ විට), මා අදහන ආගමට(බුදු දහම) හානියක් නොවන හා සත්‍ය යැයි මට හැඟෙන දේ මම පිළිගනිමි.
මේ ලිපිය කොවුර් සිතුවිලි නැමැති ලිපියෙන් උපුටා ගන්නා ලදුව අන්තර්ජාලය හරහා මා විසින් කොපි කර ගත් එකක් බව මුලින්ම කිව යුතුය..හේතු වාදියෙකු නොවුනත් මා කොවුර්ගේ ඇතැම් අදහස් වලට ගරු කරමි.ඇතැම් අත්භූත සිදුවීම් පවා ඔහු මෝහනය වැනි ප්‍රයෝග යොදාගෙන පැහැදිලි කර ඇති ආකාර ඉතා සිත් ගන්න සුළුය...(මෙය කොවුර්ගේ ලිපියක් නොවේ)
ඒබ්‍රහම්.ටී.කොවුර් ගේ ලිපි කියවීමට ඔබටද හැකි නම් මැනවි.
"කොවුර් ලා නැති බිමේ - තක්කඩි පිණුම් ගසති රිසිසේ
මම (ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවුර්) 1972 වර්ෂයේ දී මදුරාසියට ගියේ "පුනර් ජන්මම්" චිත්‍රපටියේ පෙනී සිටීම සඳහා යි. ඒ අවස්ථාවේ දී ගුයිණ්ඩිෂ ඉන්දියානු තාක්ෂණික විද්‍යායතනයේ කතාවක් පවත්වන්නයැයි මට ආරාධනාවක් ලැබුණා. මගේ දේශනයට පෙර එක් මහාචාර්යවරයෙකු කීවෙ ඉන්දියාවේ මුල් පෙලේ විද්‍යාඥයන් පවා විද්‍යා පරීක්ෂණ කිරීම අතහැර දේව පුත්‍රයන්ගේ අනුගාමික බැතිමතුන් වී ඇත්තේ, ඒ කපටින් සමඟ හවුලට වැඩ කිරීමෙන්, විද්‍යාත්මක කටයුතු වලින් ලැබෙනවාට වඩා වැඩි ආදායමක් උපයා ගත හැකි බැවින් කියා (ප්‍රනාන්දු 2009 :111). ලංකාවේ තත්වය ද මෙයට වඩා වෙනස් වූයේ නැත. ඒ 1972 වර්ෂයේදී ය. අද ඉන් දශක හතරකට ආසන්නවෙමින් පවතී. කොවුර් හා හේතුවාදී සංගමය අති සක්‍රීයව කටයුතු කල එම අවධියේ දී තක්කඩීන්ට අභියෝගයන් පැවතිනි. එම අවධියේ දී ප්‍රසිද්ධ තක්කඩි ෂේප් එකේ ගතමනාව සොයාගත්තා මිස වැඩිය උඩ පැන්නේ නැත. එහෙත් එයින් දශක ගනනාවකට පසු විද්‍යාත්මක දැණුම හා තාක්ෂණික වර්ධනය ගව් ගණනක ඉදිරි පිම්මක් පැන ඇත. එහෙත් තක්කඩියෝ අද "ජාතික පුවත්පත්" වල ෆුල් පේජ් දැන්වීම් පලකරමින් සිටිති. මෙම ලිපිය ලිවීමට තුඩුදුන් ආසන්නතම කාරණය වන්නේ පසුගිය දවසක "ජාතික පුවත්පතක" එවැනි හාස්කමින් ලෙඩ සුවකරන තක්කඩියෙකුගේ ෆුල් පේජ් දැන්වීමක් දැකීමෙනි. ස්වාභාවික විද්‍යාවේ විවිධ ශික්ෂණයන් ඒකාබද්ධව දත කාගෙන පර්යේෂණ කර තවමත් නිශ්චිත ප්‍රතිකාර හදුනා නොගත් ලෙඩරෝග රැසක් සඳහා මෙම තක්කඩීන් ලග විසදුම් තිබේ.
මෙම තත්වයට හේතු වී ඇත්තේ කුමන කාරණයක් ද? මට දැනෙන විධියට නම් අද ලාංකීය සමාජය තුල උතුරා ගලමින් පවතින්නේ විද්‍යා විරෝධයකි. අද පෙර දිනයට වඩා ස්වාභාවික විද්‍යාව පිළිබඳව ඉගෙන ගත්තවුන් අධිස්වාභාවික බලවේග හා සංසිද්ධීන් සඳහා ආසක්ත වී ඇත. මෙයට හේතු කිහිපයක් තිබිය හැක. එකක් නම් ඔවුන් ඇත්තටම ඒ දේ පිළිබඳව විශ්වාස කිරීමය. අනෙක් කාරණය මෙම දේවල් නිවරදි කාරණා නොවන බව දැන දැනම ලාභ ප්‍රයෝජන තකා ඒ වෙනුවෙන් පෙනී සිටීමය. ඉතින් දැන් අපිට සමාජය කනපිට ගැසී පැවතීම නැරඹිය හැක. විද්‍යාඥයන් බණ කියන අතර, පූජකයෝ විද්‍යාවන් ගැන කතා කරති. උණු උනුවේ විද්‍යාඥයන් යමක් සොයා ගත් විට මෙම පූජකයන්ට අනුව මින් බොහෝ කලකට පෙර සිටි ආගමික නායකයෙක් මෙය සොයාගෙන තිබිණි. එසේම සෑම සංසිද්ධියකටම අධිස්වාභාවික හා ආගමික අර්ථයක් ඇතුලත් නොකලහොත් බොහෝ දෙනෙකුට 'නොකෑවා' වැනිය.
ස්වාභාවික විද්‍යාවන් උගත්තවුන් පවා අතිශය දැවැන්ත ලෙස අධිස්වාභාවික බලවේගයන්ට ආසක්ත වෙන්නේ ඇයි. මෙය විසදුම් සෙවිය යුතු ගැටලුවකි. උදාහරණ ලෙස ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙකු වන මාගේ එක් මිත්‍රයෙක් කතරගම දෙවියන්ගේ අති සමීප මිතුරෙකි. ඔහුගෙන් මෙම පරස්පරය ගැන ප්‍රශ්ණ කල විට ඔහුගේ උත්තරය වන්නේ 'ඒවායේත් ඇත්තක් ඇති බවයි'. එසේ නම් මෙය විද්‍යා අධ්‍යාපනයේ ගැටලුවක් ද වන බව පැහැදිලිය. මෙම අධ්‍යාපනය අනුව ඔහුට මෙම අධිස්වාභාවිකත්වය 'ස්වාභාවික' වනවා වන්නට ඇත. මාගේ තවත් මිතුරන් දෙදෙනෙකු මා සමඟ දවස් ගනනක් කෙස් පැලෙන තෙක් වාද කලේ තල්මසා මත්සයෙකු මිස ක්ෂිරපායී සතෙකු නොවන බවය. ඔවුන් දෙදෙනා වානිජ අංශයෙන් අධ්‍යාපනය හදාරණ, ඒ වන විට උපාධි අපේක්ෂකයෝ වූහ. මෙතන තිබූ ගැටලුව වන්නේ සත්ත්ව වර්ගීකරණයේ අති මූලික දැණුම පිළිබඳව ගැටලුවකි. කුමන විෂයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුව ද සාමාන්‍ය පෙළ මට්ටමේ දී ලබාදෙන මෙම දැණුම ඔවුන් වෙත ග්රහනය වී ඇත් ද. තවත් කරුණක් මට මතකයට නැගේ. ඇයද කලමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි. ඇය සිතා සිටියේ කුඩා පණුවත් වැනි සතුන් ඉබේ හටගන්නා බවයි. ස්වයං සිද්ධ ජනනවාදය අසත්‍යකරණයට ලක් කර කෙතෙක් කල්ද? අපි මේ නිග්රහකරන්නේ එම උදාරතර මිනිසුන්ට නොවේද?
විද්‍යාඥයන්, ආගමික පූජකයන් හා කට්ටඩියන් බවට පත්වීමට ලංකාවේ පවතින විද්‍යා විරෝධයේ දෘඩතර බව හේතු වී ඇත. එසේ නොවන්නන් වෙත පැවැත්මක් නැත. මදක් මතක් කර බලන්න. අපි දන්නා 'විද්‍යාඥයින්' බොහෝ දෙනෙකු ආගමික කටයුතු හා කට්ටඩිකම් ගැන දොඩවන්නන් නොවේද? එසේ නොකලහොත් ජනමාධ්‍ය තුල තාරකාවක් බවට පත්විය නොහැක. හේතුවාදීන් (හේතුවාදයේ සීමාකම් පවතින අතර හේතුවාදය ගැනද මා විවේචනාත්මක නමුත්) මෙම 'ජාතික මාධ්‍යයන්ට' වැද්ද නොගනී. ඉතින් ඉතිරි අයට තාරකාවක් වීමේ සිහිනය තිබේනම් පළමුව කල යුත්තේ තක්කඩියෙකු බවට පරිවර්තනය වීමය. තමාගේ මස්තිෂ්කයට නිවරදියයි දැණුනු දෙයට ප්රතිපක්ෂ දෙය වෙනුවෙන් පෙනී සිටීමය. දැන් ඔබට ස්වාභාවික විද්‍යාව (හෝ සමාජීය විද්‍යාවන් ගැන) ආචාර්ය උපාධියක් හෝ ඒ නැතත් විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය කමක් ද - කට්ටඩිකම් වලද, තමාගේ ආගම තුල අනිත් ආගම් වලට වඩා යම් කිසි ඇත්තක් ද ඇතිබව කීමේ හැකියාවද තිබිය යුතුය. ඒ සඳහා සාමාන්‍ය මිනිසුන් නොදන්නා තමා ඉගෙන ගත් විෂයය ක්ෂේත්රයේ සංකල්ප ස්වල්පයක් ද පදමට මිශ්‍ර කල යුතුය. ඒ අනුව බොහෝ විට සාකච්ඡා සඳහා තමන් කැදවීවීමේ ද, (ඒ නැතත් තමාම ලියා දීමේද) අවස්ථාව ඔබට හිමිවේ. ඉතින් මම අර කලින් සඳහන් කල ආචාර්ය හෝ කථිකාචාර්ය නොවන කට්ටඩි තක්කඩීන්ට ද, තක්කඩි බුද්ධිජීවීන්ට ද යෙහෙන් වැජබිය හැක.
"

ඒත් දැන් දැන් තේරෙනවා බොහෝ දේ කිසිම හරයක් නැති ප්‍රපංච කියලා.සමහර සිද්ධ් විග්රහ කරලා තියන හැටි විශ්මිතයි.

ඔව් සහෝ ඒ චරිත හැමදාමත් අපිට මතක් වෙයි. ඒ කරපු සේවය නිසා.