සුදු පිටි කා සුදුමැළි වෙමු!

සුදු පිටි කා සුදුමැළි වෙමු!

අහෝ ලකි මවුනි!
පෙරදිග ධාන්‍යාගාරය ලෙස බත බුලතින් ස්වයංපෝෂිතව සිටි,මහා යෝධයන් උපන්,විශ්මිත නිර්මාණ ස්ව බුද්ධියෙන් බිහිකල විශ්මිත ජාතියක ඉරණම බලන්න!
:(
අපි වසරකට තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා පමණක්‌ රුපියල් මිලියන 20,000 ක්‌ වැය කරමු. එම විදේශ විනිමයෙන් 50% ක්‌ ඉතිරි කර ගත හොත් නිසරු බිම් අක්‌කර 60,000 ක්‌ ප්‍රයෝජනයට ගත හැකි, ලක්‍ෂයකට සෘජු රැකියා සැපයිය හැකි, විදුලිය මෙගාවොට්‌ 75 ක්‌ නිපදවිය හැකි සහ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 25% ක්‌ සැපිරිය හැකි ප්‍රමාණයට එතනෝල් නිපදවිය හැකි සහ රටේ සීනි අවශ්‍යතාවයෙන් 50% ක්‌ නිපදවිය හැකි සීනි කර්මාන්තශාලා 03 ක්‌ පිහිටුවිය හැකිය. ජාතියක්‌ ලෙස අපට සිදු වී ඇති අභාග්‍ය තේරුම් ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය වේද?(ඒ කියන්නේ සීනි කර්මාන්ත ශාලා 3කින් පමණක් ගත හැකි මෙහහෙවරේ තරමයි)
------------------------------------------------------------------------------------------------
ශ්‍රී ලංකාව ශුද්ධ ආහාර ආනයනය කරන රටකි. ඒ සඳහා අප වසරකට දළ වශයෙන් ඩොලර් බිලියන 1.5 කට අධික විදේශ මුදල් ප්‍රමාණයක්‌ වැය කරයි. ඒ මුදල අප රටේ පාලකයන් පිටරැටියන්ට දස අතේ වැඳ නමස්‌කාර කර ඉල්ලා ගන්නා ණය මුදලට වඩා වැඩිය. අප තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා වසරකට වැය කරන මුදලින් හම්බන්තොට වරායේ වැඩ නිම කළ හැක.එක මාසයක මුදලින් මහවැලිය නිම කල හැකිය. එපමණක්‌ නොවේ. අප නවසීලන්තයට පමණක්‌ නවසීලන්ත ඩොලර් 600 ක්‌ යවා කිරිපිටි ගෙන්වා ගනියි. ඒ මුදල අපේ ගොවියා අතට ලැබෙන්නේ නම් අප රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමට ගතවන්නේ කන්න දෙකක කාලයක්‌ පමණි.
--------------------------------------------------------------------------------------------------
අපේ රටේ මෑත ඉතිහාසය ගත්තද අප ප්‍රධාන වශයෙන් ශාක වර්ග 150 ක්‌ පමණ බහුලව ආහාරයට ගැනීමට හුරු වී සිටි ජාතියකි. නමුත් අද වන විට යම් පමණකට හෝ ප්‍රධාන ආහාර ලෙස ගන්නා ශාක ලයිස්‌තුව 30 දක්‌වා අඩු වී ඇත.
(මේ ලිපියට පාදක කරුනු අන්තර්ජාලයෙනි.නොතේරෙන වචන තිබෙනවාද?)
 

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    අදහස් නම් ඇත්ත. නමුත් ගැටළුව ඇති වෙන්නෙ ඕවා ක්‍රියාත්මක කරන්න යද්දි තමයි.මම නම් හිතන්නෙ නෑ මේ දේවල් කරන්න ඉදිරිපත් වන රටට ආදරේකරන ඇමතිවරුන්ගෙන් යුතු බුද්ධිමත් රජයක් මේ කපේදි ලංකාවෙ බිහිවෛයි කියලා.
    :no::no::(:(
     
    • Like
    Reactions: shammee

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මෙතන ප්‍රධාන ප්‍රශ්නය දේශපාලනය බව ඇත්ත රටේ ගොවියා තමන්ගේ අස්වැන්න විකුණ ගන්න බැරුව එක කන්නයක වහ බොන්නෙත් අනික් කන්නයේදී බලාපොරොත්තු උන අස්වැන්න නොමැති නිසා වහ බොන්නේත් පාලන තන්ත්‍රයේ තියෙන වැරැද්ද නිසායි
    අඩියෙන් අඩිය තිබෙන බාර් වසන ඒත් රෙස්ටුරන් අරින ආණ්ඩුවට ලංකාවේ සෙක්ස් සයිට් නැවැත්තුවා වාගේ පාන් කන එකද එක රැයකින් නවත්තන්න හැකියාවක් නැත්තේ විය නොහැක ඉස්සර අපේ ආච්චිලාගේ සීයලාගේ කාලයේදී පාන් කනවා යනු නින්දා සහගත දෙයක් විය "අපි තුන්වේලම බත් කන්නේ" කියන වදන් ඔවුන්ගේ මුවින් පිට ඌයේ මහත්වූ අභිමානයකිනි ඒත් අද ඒ සියල්ල කන පිට පෙරළිලාය කස්ටිය පාන් කන්නේ පාන්වල තියෙන රහකටද එහෙමත් නැත්තන් හාල් වලින් බතක් උයන්න තියෙන කම්මැලිකමකටද යන්න සැක සහිතය
    සුද්දා විසින් එවන නිවුඩ්ඩ හූරන ලද කිසිම ප්‍රයෝජනයක් නැති පිෂ්ඪය පමණක් තිබෙන තිරිගු පිටි මෙරටට ගෙන්වීම තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුව ඇත

    ඒත් අපේ රටේ ආහාර ආනයනය නැවැත්වීමෙන් පමණක්ම ගැටලුව විසදෙන්නේ නැත දැන් මේ රැකියාවෙන් ලැබෙන ආර්ථික ලාභයක් නැති තරම් ම නිසා කුඹුරු වැඩ කරන ගොවීන් වෙන වෙන රස්සා කිරීමට යොමු වී ඇත එදා මඩ සෝදා ගත් කල රජ කමටත් සුදුසු වූ ගොවියා අද අනුන්ගේ කුලී වැඩක්කර එදාවේල ගැටගහ ගන්න පෙළඹී අවසන්ය
    අද එදා රන්වන් පා‍ටට ගොයමින් පිරුණු කෙත් යායවල් යාය පිටින්ම පුරන් වී ‍කුඹුරු වැඩ අත්හැර දමා ඇත එදා ගොයමින් ලෙල දුන කුඹුරු යායවල් අද වල් වැදී ඇත ඉතින් කුඹුරෙන් ඈත් ව සිටින ගොවියා නැවත කුඹුරට බැස්ස වීමටද ආණ්ඩුවට සෑහෙන දෙයක් කිරීමට සිදුවන බව මෙයින් පෙනේ
     
    • Like
    Reactions: shammee
    අදහස් නම් ඇත්ත. නමුත් ගැටළුව ඇති වෙන්නෙ ඕවා ක්‍රියාත්මක කරන්න යද්දි තමයි.මම නම් හිතන්නෙ නෑ මේ දේවල් කරන්න ඉදිරිපත් වන රටට ආදරේකරන ඇමතිවරුන්ගෙන් යුතු බුද්ධිමත් රජයක් මේ කපේදි ලංකාවෙ බිහිවෛයි කියලා.
    :no::no::(:(
    හෘද ශාක්‍ෂියේ මාලිමාව කියෙව්වද?:rolleyes:
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    heheh :) oye thirigu piti scene eke yaanthan dan tikak hari palanaya wela thiyenewa ... naththan issara ambaneka thirigu piti lankawata awa .... ae unta piti gulima kawanne ...

    sampoorneyenma cntrl wela na eth sahenna pramanayak nathara una .... dan hospital wela leddunta piti ahara laba denewa adui ... issara wage newei ....
    eka hoda pera nimiththak .....

    meka ethin 30 years wela edan kapu ratak ... balamu ... meka goda yannath eda thiyenewa ;)
     

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ඉතින් අපිට තියෙන්නෙ තුන් වේලටම බත් කන්න! මම නං තුන් වේලටම බත්!
    හැමෝම එහෙම කළා නං දේසපාලුවො ඕන නෑ රට පිටි වලින් බේර ගන්න. අපිට ඕනකමක් නැත්තං වෙන රටවල් වල උන්ට කොහේ අමාරුවද ?
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    , විදුලිය මෙගාවොට්‌ 75 ක්‌ නිපදවිය හැකි සහ රටේ පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 25% ක්‌ සැපිරිය හැකි ප්‍රමාණයට එතනෝල් නිපදවිය හැකි සහ රටේ සීනි අවශ්‍යතාවයෙන් 50% ක්‌ නිපදවිය හැකි සීනි කර්මාන්තශාලා 03 ක්‌ පිහිටුවිය හැකිය.
    :eek::eek::eek::eek::eek::eek::baffled:
     
    ඉතින් අපිට තියෙන්නෙ තුන් වේලටම බත් කන්න! මම නං තුන් වේලටම බත්!
    හැමෝම එහෙම කළා නං දේසපාලුවො ඕන නෑ රට පිටි වලින් බේර ගන්න. අපිට ඕනකමක් නැත්තං වෙන රටවල් වල උන්ට කොහේ අමාරුවද ?
    :)ඔයාගෙ අදහසට ස්තුතියි! .බත් අල බතල කමින් හිටි රටක පාන් පිටිවලට ඇබ්බැහි වෙන්නෙ නිකංම නෙවෙයි නේ?අද දක්වාත් පැහැදිලි විසඳුමක් නෑ.මේකට වගකියන්න ඕන පාලකයෝ.මොකද මිනිස්සුන්ට තනියෙන් තිරිඟුපිටි ගේන්න බෑනේ?එනිසා දේශපාලුවොත්-විදේශ අතකොලුත් මේකට සෑහෙන දුරට වගකියන්න වෙනවා.අද පවතින බොහෝ ක්‍රමවේද කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ගැලවෙන්න බැරි විදිහට අටවපු උගුල්.
    අනික් කාරනය,බත් කන්න හෝ විකල්ප ආහාර සුලබ කරන තාක් මේ අධිවේගී සමාජයේ උඩුගම් බලා යන්නත් අමාරුයි නේ?
     
    Eka liyapu ekata ehema 1k thiyenawad danne
    :lol:මම ඒ උත්තරය ලිව්වෙ දේශීය ආර්ථිකයක් ගැන කියවන-අනවශ්‍ය විදේශ ආනයනවලට තරයේ විරුද්ධව ඒ සහෝදර ඇමැති ලියලා තිබුන නිසා.කියන කොට එහෙමයි.කරනකොට කොහොම වෙයිද කියලා බලමු.;)
     

    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    දේශපාලුවෝ රට කාලා ඉවරයි... ඇත්ත වශයෙන් මේ විනාශයට වග කියන්න ඔනේ ‍දේශපාලුවෝ ම විතරක් කියලා මම හිතන්නේ නෑ මොකද අපේ රටේ පාරිබෝගික ජනතාව තිරිගු පිටි ආශ්‍රිත කෑම සදහා අධික ලෙස අබ්බැහි වී සිටිනවා...
     
    දේශපාලුවෝ රට කාලා ඉවරයි... ඇත්ත වශයෙන් මේ විනාශයට වග කියන්න ඔනේ ‍දේශපාලුවෝ ම විතරක් කියලා මම හිතන්නේ නෑ මොකද අපේ රටේ පාරිබෝගික ජනතාව තිරිගු පිටි ආශ්‍රිත කෑම සදහා අධික ලෙස අබ්බැහි වී සිටිනවා...
    වැඩියෙන්ම පාන් පිටි ගිළ දාන්නේ වතුකරයේ දමිළ ජනතාවලු!:dull:
    තුන් වේලම රොටී හෝ පාන්!:eek:
     

    Similar threads