කර්මය යනු කුමක්ද?

කර්මය යනු කුමක්ද?

කර්මය

‍ලෝකය විවිධයි විෂමයි.ලෝකයේ වාසය කරන සත්වයන් අතර උස් පහත් බවක් දක්නට තියනව. ලෝකයේ සිටින සත්වයන් අතරින් එක සමාන වූ අය දක්නට ලැබෙන්නෙ නැහැ රෑපයෙන් සමාන වුනත් චරිත වශයෙන් ගත්විට ඒ අය වෙනස්. මේ වෙනසට හේතු රාශියක් ඇතත් ප්‍රධාන වශයෙන් මෙවැනි වෙනස්වීම් වලට හේතුව කර්මය කියලයි බුදු දහමෙ සඳහන් වෙන්නෙ.

තමන්ගේ උස් පහත් බවට හේතුවත් තමන් මයි. තමාව මවන්නේත් තමාමයි. තමාව නසාගන්නෙත් තමාමයි. දෙව්ලොව මවා ගන්නෙත් නිරය මවා ගන්නෙත් තමන්මයි. තමාගේ මැවුම් කරැවාත් ගැලවුම් කරැවාත් තමාමයි. තම තමන්ගේ ක්‍රියානුකූලව හෙවත් කර්මානුරෑපව තම තමාගේ වෙනස තම තමන්ම ඇතිකර ගන්නව. සර්ව බලධාරී දෙවි කෙනෙක් වෙනුවට බොහෝ බල දරමින්, යුක්ති සහගත තත්වයන් හසුරවමින්, පාලනය කරමින්, පවතින්නාවූ කුසල අකුසල කර්ම සමූහයක් එක් එක් සත්වයාට අදෘෂ්‍යමානව බල පවත්වනව. ඇසට නොපෙනෙන නිසා සමහර අය මෙවැන්නක් ඇතැයි කියා පිළිගැනීමක් නැහැ. කාන්දමක ඇති චුම්භක ශක්තිය නොපෙනෙනව වගේම අප තුල තියන කර්ම ශක්තියත් අපට දෘෂ්‍යමාන වෙන්නෙ නැහැ. ඒක මිනිස් චින්තනයට ගෝචරවන්නෙ නැති දෙයක්. ඒකයි බුදු රජාණන් වහන්සේ කියුවෙ කර්ම විෂය අචින්ත්‍යයි කියල.

කර්මය යනු?

කම්ම නැතහොත් කර්ම යන්නෙන් "කිරීම"යන අර්ථය තමයි ලැබෙන්නෙ. බුදුන් වහන්සේ චේතනාව කර්මය වන බව දේශනා කලා (චේතනාහං භික්කවේ කම්මං වදාමි) හුදෙක් චේතනාව පමණක් නෙමෙයි එය සමඟ එකට යෙදුන සියළුම චෛතසිකයන් කර්මය ලෙස සැලකිය යුතු වුනත් චේතනාවම අහිසංස්කරණයේදී එනම් පිළියෙල කිරීමේදී ප්‍රධාන වන බැවින් එයම කර්මය යැයි දෙශනා කළා. මෙම සියළු කරැණු සැලකීමෙන් පසු චේතනාත්මකව කරන දේවල් කර්මය යනුවෙන් අර්ථ දක්වාගත හැකිවෙනව. මෙහිදී චේතනාත්මකව කයෙන්ම යමක් සිදු කළ යුතු යයි අදහස් කරන්නෙ නැහැ. චේතනාත්මකව සිතින් ද දේවල් කරන්න පුළුවන්. පටලවා ගැනීමෙන් තොරව නුවණින්ම මෙය අවබෝධ කරගත යුත්තක්.

කර්මවල ඵලය විපාක ලෙස හඳුන්වනව. ගොඩක් දෙනෙක් විපාකයට කර්මය (කරැමය) කියන්න පෙළඹිලා ඉන්නව ඒක වැරදි අදහසක්. කර්මය අඹ ඇටය වගේ විපාකය අඹ ගෙඩිය වගේ. අකුසල කර්ම කුසල කර්ම කියල කර්මය කොටස් දෙකකට වෙන් කරනව. කුසලාකුසල පිළිබඳ හේතු ඵල ධර්මය "කර්මය" කියල අර්ථ දක්වන්නත් පුළුවන්. තමන්ගේ අකුසල කර්මවල විපාකයන් උත්සාහයෙන් වෙනස් කරන්න පුළුවන්. එහෙම වෙනස් කරන්න බැරිනම් කරල තිය‍න දේවල් වල හැටියට කවදාවත් අපිට නිවන් දකින්න බැරි වෙනව.

කර්මයට මුලක් තිබේද?

ලෝකයේ තියන අනෙකුත් ධර්ම ස්‍වභාවයන් වගේම කර්මයටත් මුලක්, පටන්ගැන්මක් තිබිය නොහැකියි. උදාහරණයක් ලෙස විදුලි බලය ගුරැත්වාකර්ශණ බලය ආදී බලයන් මෙතැන් සිට නැතිනම් මේ කාලයේ සිට පටන් ගත්ත කියල කාටවත් කියන්න බැහැ. විදුලි බලය වගේ දේවල් විද්‍යාවෙන් සොයාගත්ත වෙන්න පුළුවන් ඒත් සොයා ගන්න කලිනුත් ඒව විශ්වයේ පැවතුනු දේවල්, කර්මයත් ඒවගෙයි. "හේතු ඵල" ධර්මයක මුල් හේතුව සෙවිය නොහැකියි. හේතුව- ඵලයද, ඵලය - හේතුවද වන්නාවූ චක්‍රාකාර වූ ක්‍රියාවලියක පටන්ගැනීම කොතැනකදැයි සෙවිමට නොහැකි වීම මෙයට හේතුවයි.

කර්මය කරන තැනැත්තෙක් සිටීද?

විසුද්ධිමාර්ගයේ සඳහන් වන ආකාරයට කර්මය කරන තැනැත්තෙක් නැහැ. විපාකය විඳින්නෙක්ද නැහැ. ආත්මයක් පුද්ගලයෙක් නොමැති පංචස්කන්ධ ධර්මයන් පමණක් පවතිනව. පරමාර්ථ වශයෙන් බැලී‍මේදී මිනිසෙක් සත්වයෙක් දෙවියෙක් කියා කෙනෙක් නැහැ. එය සම්මුති මාත්‍රයක් පමණයි. මිනිසා,දෙවියා, සත්වයා, යනු කිසියම් ක්‍රියාවලියකට,ගොඩනැංවීමකට කියන්නාවු ‍නමක්. ගඩොල් බදාම උළු ආදියෙන් යුත් යම් ගොඩනැංවීමකට නිවසක් කියල කියනව නමුත් වෙන් වෙන් වශයෙන් ගත් විට එතන නිවසක් නැහැ සත්වයාත් ඒ වගේ. චේතනා නැමති සිතේ හටගන්න චෛතසිකය කර්ම රැස් කරනව. වේදනා නැමති චෛතසිකය සැප දුක විඳිනව. මෙතනදී කළේ සරල විස්තරයක් දීර්ඝව ගැඹුරට මේ ගැන දැනගන්න කැමති කෙනෙකුට අභිධර්මය හැදෑරීමෙන් වැඩි විස්තර ලබාගන්න පුළුවන්.

කර්මය පවතින්නේ කොහේද?

කර්මය පවතින තැනක් නැහැ. නමුත් සම්මුති වශයෙන් පංචස්කන්ධය ඇසුරැකරගෙන පවතීයයි පවසන්න පුළුවන්. විපාක දෙන්න හේතු සකස් වුන ගමන් විපාක දෙනව උදාහරණයකින් කියනවනම් සුළං හෝ ගින්න රැස්වී තිබෙන ස්ථානයක් නැහැ එහෙත් නිසි පරිදි හේතු සම්පාදනය වුනහම ගින්න සුළඟ ඇතිවෙනව.

කර්මය හා කර්ම පථය යනු කුමක්ද?

ක්‍රියාව කර්මය ලෙස හඳුන්වනව. දුගතියකට හෝ සුගතියකට යාමට හේතුවන ක්‍රියාව කර්ම පථය ලෙස හඳුන්වනව. සතෙක්ව මරන්න හිතාගෙන තුවක්කුවක් රැගෙන සතා පිටුපස යාම කර්මයක් (ක්‍රියාවක්) සතාට වෙඩිතබා මැරෑවිට එය කර්ම පථයක් වෙනව.

හැම දේම කර්මයෙන්ම සිදු වේද ?

සියළු දේවල් කර්මයෙන් විස්තර කරන්න බැහැ ඒවාට හේතුවන ධර්මතා පහක් තියනව ඒවා නියාම ධර්ම ලෙස හඳුන්වනව. කර්මය එම නියාම ධර්මවලින් එකක් පමණයි. උණ තිබෙන පළාතකට ගිය විට පරිස්සම් නොවුනහොත් උණ හැදෙන්න පුළුවන් මේක කර්මය හින්ද සිදුවුනා කියල කියන්න බැහැ. ඒවගේම දරැවන්ට දෙමව්පියන්ගෙ ආරයෙන් ලැබෙන රැසපුව වැනි දේවල් කර්ම නියාමය නිසා නොව බීජ නියාමය නිසා ලැබෙන දෙයක්.

කර්මය හා ඉරණම කියන්නෙ එකක් නෙමෙයි. ගින්නට අත දැමීමට අපට නිදහස තියනව. අත දැමූ විට පිළිස්සෙන්නේ ඉරණම හේතුවෙන් නොවේ. එවලේ කළ එම ක්‍රියාව හේතුවෙන්. කර්ම කිරීමට හෝ නොකිරීමට අපට නිදහස තියනව. ඒත් ඉඩ ලැබුන ගමන් විපාක විඳින්න සිදුවන බව අමතක නොකළ යුතුයි.
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
බොහොම වටින දෙයක්. ගොඩක් පින්. බෞද්ද ගොඩ දෙනෙක් කර්මය පිලිගත්තට විස්තර කරන්න දන්නෙ නැහැ. මේක අපි හැමෝටම බොහොම වැදගත් වෙනවා...
 
මම මේ ටික කියන්නෙ හරිම කණගාටුවෙන්.මේ තරම් වටින ලිපියකට පවා අත්වෙන ඉරණම පේනවානේ?
අපේම අය පිස්සො වගේ ඕනම තැනකට ගිහින් මාතෘකාවට අහලකින්වත් නොයන විලම්බීත දාන එකේ ප්‍රථිපල තමයි මේ
:(
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මුලින්ම ඔබතුමාට බොහෝම පින් කාලෙකින් ධර්මයට සම්බන්ධ වටිනා නූලක් ආරම්භ කලාට :)

තොත්තබබා;7462937 said:
කර්මය

හැම දේම කර්මයෙන්ම සිදු වේද ?

සියළු දේවල් කර්මයෙන් විස්තර කරන්න බැහැ ඒවාට හේතුවන ධර්මතා පහක් තියනව ඒවා නියාම ධර්ම ලෙස හඳුන්වනව. කර්මය එම නියාම ධර්මවලින් එකක් පමණයි. උණ තිබෙන පළාතකට ගිය විට පරිස්සම් නොවුනහොත් උණ හැදෙන්න පුළුවන් මේක කර්මය හින්ද සිදුවුනා කියල කියන්න බැහැ. ඒවගේම දරැවන්ට දෙමව්පියන්ගෙ ආරයෙන් ලැබෙන රැසපුව වැනි දේවල් කර්ම නියාමය නිසා නොව බීජ නියාමය නිසා ලැබෙන දෙයක්.


මේ නියාම ධර්මවලින් සිදුවනවා කියන එක පසුව එකතු වූ ආචාර්‍යවාදයක්. සියල්ල කර්මයෙන් වෙනවා කියනවට වඩා සියල්ලටම කර්මය මූලික වෙනවා කිව්වොත් නිවැරිදියි. උපමාවක කියන්නම්,

හිතන්න අපිට ගහක් කපා ගන්න ඕන කියලා. ඉතින් අපි ඒක කරන්න පොරවක් අරගෙන ගහ කපාගන්නවා. ගහ කපන කෙනාගෙ දක්‍ෂතාවයට අනුව ඒ ගහ කාටවත් අනතුරක් නොවී කපාගන්නවා. දැන් හිතන්න ඒ පොරවම අරගෙන අදක්‍ෂයෙක් ගහ කපනවා දැන් මොකද වෙන්නෙ, ගහ වැටෙන්න ඕන පැත්තට නෙමෙයි අනික් අයටත් අනතුරක් වෙලා තමයි නවතින්නෙ.. ඉතින් ගහ කපන්න පොරව මුල් උනා නමුත් ගහ කපපු කෙනාගෙ දක්‍ෂ අදක්‍ෂභාවය අනුව ප්‍රතිඵලය වෙනස් වුණා. කර්මයත් ඔයවගේ පුද්ගලයා ක්‍රියාව කරන ආකාරය අනුව ප්‍රතිඵලය වෙනස් වෙනවා.. ඒක නිසයි කිව්වෙ සියල්ලටම කර්මය පලි නැහැ කියන එක. ඒ වුනාට කර්මය මුල්වෙනවා. (පොරව නැත්නම් ගහ කපන්න බැහැ වගේ)

පාලි:
"කම්මස්ස කෝම්හි, කම්මදායාදො, කම්මයොනි, කම්මබන්ධු, කම්ම පටිසරණො යං කම්මං කරිස්සාමි, කල්‍යාණං වා පාපකා වා තස්ස දායාදො භවිස්සාමේති"

අදහස:
කර්මය මුල්කරගෙන, කර්මය දායාද කරගෙන, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන, කර්මය හා බැඳී, කර්මය පිළිසරණ කරගෙන, යම් කිසි කර්මයක් කරන්නේද එය යහපත් හෝ අයහපත් එයම දායද කරගෙන මෙම පැවත්ම යයි
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඇත්තටම බොහොම හොද කරුණු ටිකක් . හැබැයි ඉතින් සමහර විට කොහෙන් හරි බුරු ගොනෙක් මේක මැදට පැනල උම්බෑ ගඳ පටන් ගනීද දන්නා . කුරණේ තියන්නේ මෙහෙම නෙමෙයි කියල
 
නියාම ධර්ම


කිසිවකු විසින් පාලනය නොකරන මේ විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන් වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය "අකාලික" ධර්මයකි. වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ නෙහැකි වෙයි එනම් "අතක්කාවචර" ධර්මයකි.

මෙම විශ්වයේ පවතින නීති රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතු‍වෙන් සිදුවීම් අර්ථ දක්වා ගැනීම‍ට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති මතාන්තර ඇතිවිය. වර්තමානයේදීද ‍අර්ථ දක්වා ගැනීමට අපහසු සිදු වී‍ම් වාසනාව දෛවය කරැමය වැනි වචන වලින් නම් කර අමතක කර දැමීමට මිනිසා පෙළඹී සිටියි. නමුත් හැම සිදුවීමක්ම කර්මයට හෝ වාසනාවට සිදු නොවේ. සිදුවීම් ආකාර පහකට සිදුවන බව බුදුන් වහන්සේ පවසන ලදී. එනම් කර්මය දෛවය වාසනාව අපට බලපානුයේ සිදුවන සිදුවීම් වලින් ‍පහෙන් එක් කොටසක් (1/5) ලෙසටය. මෙම ආකාර පහ නියාම ධර්ම ලෙස හඳුන්වන අතර ඒවා පහත ආකා‍ර වෙයි.


1.සෘතු නියාම

භෞතික හා රසායනික ක්‍රියා යම් යම් නීතීන් මත ක්‍රියා කරනු ලැබේ. වැස්ස, සුළඟ, ශීත,උෂ්ණ ආදී කාලගුණික දේවල් මෙන්ම වතුර පහලට ගැලීම, ගුරැත්වා කර්ශනය, ආකාශ වස්තූන්ගේ රිද්මයානුකූල චලනය, විදුලි බලය, න්‍යෂ්ටික බලය ආදී අජීව ද්‍රව්‍ය තුළ පවතින සෑම බලයක් ම මෙම නියාමයෙන් විස්තර ‍කෙරේ.


2.බීජ නියාම

ශාක වල විවිධත්වය, වර්ගය, බෝවීම, ප්‍රමාණය හැඩය ආදී සියළුම විශේෂීය වූ ගති ලක්‍ෂණ පවත්වා ගන්නාවූ නීතීන් සමුදාය බීජ නියාම නම් වෙයි. කුඩා නුග බීජයක ඇති විශාල නුග ගසක් ඇති කරලීමේ ශක්තිය බී‍ජය (හේතුව) දෙස බැලීමෙන් දැකගත නොහැකි වෙයි. නමුත් එය පොළවේ සිටුවීමෙන් පසුව සිදුවන කිසියම් වූ ක්‍රියාවලියක් හේතුකොට ගෙන ලැබෙන මහ ගස (ඵලය) අපට දැකගත හැකිවෙයි. මෙසේ එම ගස සම්බන්ධ හේතුව හා ඵලය අතර ක්‍රියාවලිය විස්තර කරනුයේ මෙම බීජ නියාමය මගිනි.


3.චිත්ත නියාම

සිත එයටම විශේෂවූ නීති පද්ධතියක් මත ක්‍රියා කරයි. අනවරත ප්‍රවාහයක් ලෙස නොසිඳී පවත්වා ගැනීමේ හැකියාව සිතේ ඇති එක්තරා නීතියකි. අභිධර්මය පිළිබඳව හැදෑරීම මගින් මේ පිළිබඳව කිසියම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. දැනීම පිළිබඳව (consciousness) හැඟිමක් ඇති කරනුයේ සිතෙනි. වර්තමාන විද්‍යාවට අනුව විස්තර කළ නොහැකි ටෙලිපති ආදී ක්‍රමවේදයන්ද මෙයින් විස්තර කරනු ලැබේ.


4.කම්ම නියාමය

හිතාමතා යම් ක්‍රියාවක් සිදුකළ විට එයට අනුරෑපව විපාකයන් ලබාදීම මෙම නියාමය නිසා සිදුවෙයි. චේතනාවක් නොමැතිව සිදු වන ක්‍රියාවන් මේ යටතට නොගනී. ඉතා සංකීර්ණ වූ මෙම විෂය මිනිස් චින්තනය ඉක්මවා පවතින්නකි. කර්ම විෂය සිතා නිමාවක් දැකිය නොහැකි වුවත් කර්මය හා කර්ම විපාක පිළිබඳ දැනීමක් ඇතිකරගැනීම ප්‍රයෝජනවත් විය හැකියි. කම්ම විභංග ආදී සූත්‍ර වලින් බුදුන් වහන්සේගේ මේ සම්බන්ධ ඉගැන්වීම් දැනගත හැකි වෙයි.


5.ධම්ම නියාමය

මහා පින් ඇති අයගේ පහළවීම නිසා සිදුවන භූචලන, බුදුවරැ දෙනමක් ‍එකවර පහල නොවීම, ශීලය නිසා සමාධිය ඇතිවීම, සෝවාන් පුද්ගලයා අපායාදී නරකාදියේ නූපදීම සහ ඉපදීම ආත්ම හතකට සීමාවීම ආදී ධර්මතාවයන් මේ යටතේ විස්තර කෙරේ ධර්ම නියාමයන්ද තේරැම් ගැනීමට දුෂ්කරය.


දහම් සෙවණ

 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මම මේ ටික කියන්නෙ හරිම කණගාටුවෙන්.මේ තරම් වටින ලිපියකට පවා අත්වෙන ඉරණම පේනවානේ?
    අපේම අය පිස්සො වගේ ඕනම තැනකට ගිහින් මාතෘකාවට අහලකින්වත් නොයන විලම්බීත දාන එකේ ප්‍රථිපල තමයි මේ
    :(

    Whay what happened??:shocked:
     
    [FONT=&quot]මේ නියාම ධර්මවලින් සිදුවනවා කියන එක පසුව එකතු වූ ආචාර්‍යවාදයක්.[/FONT]
    [FONT=&quot]යාළුවා ඔබ මෙය පසුව එකතුවුවක් යැයි කීමට පදනමවුයේ කුමක්ද[/FONT]? [FONT=&quot]මොන හේතුවක් මතද කියා අපට පැහැදිලිකර දිය හැකිද[/FONT]?

    [FONT=&quot]සියල්ල කර්මයෙන් වෙනවා කියනවට වඩා සියල්ලටම කර්මය මූලික වෙනවා කිව්වොත්[/FONT] [FONT=&quot]නිවැරිදියි. උපමාවක කියන්නම්[/FONT],

    [FONT=&quot]හිතන්න අපිට ගහක් කපා ගන්න ඕන කියලා. ඉතින් අපි ඒක කරන්න පොරවක් අරගෙන ගහ[/FONT] [FONT=&quot]කපාගන්නවා. ගහ කපන කෙනාගෙ දක්‍ෂතාවයට අනුව ඒ ගහ කාටවත් අනතුරක් නොවී[/FONT] [FONT=&quot]කපාගන්නවා. දැන් හිතන්න ඒ පොරවම අරගෙන අදක්‍ෂයෙක් ගහ කපනවා දැන් මොකද[/FONT] [FONT=&quot]වෙන්නෙ[/FONT], [FONT=&quot]ගහ වැටෙන්න ඕන පැත්තට නෙමෙයි අනික් අයටත් අනතුරක් වෙලා තමයි[/FONT] [FONT=&quot]නවතින්නෙ.. ඉතින් ගහ කපන්න පොරව මුල් උනා නමුත් ගහ කපපු කෙනාගෙ දක්‍ෂ[/FONT] [FONT=&quot]අදක්‍ෂභාවය අනුව ප්‍රතිඵලය වෙනස් වුණා. කර්මයත් ඔයවගේ පුද්ගලයා ක්‍රියාව[/FONT] [FONT=&quot]කරන ආකාරය අනුව ප්‍රතිඵලය වෙනස් වෙනවා.. ඒක නිසයි කිව්වෙ සියල්ලටම කර්මය[/FONT] [FONT=&quot]පලි නැහැ කියන එක. ඒ වුනාට කර්මය මුල්වෙනවා. (පොරව නැත්නම් ගහ කපන්න බැහැ[/FONT] [FONT=&quot]වගේ)[/FONT]

    [FONT=&quot]සියල්ලටම කර්මය මූලිකවන බව ඇත්ත නමුත් සිදුවන සියල්ලම කර්මය නිසාමයි කිව[/FONT][FONT=&quot]නොහැක.[/FONT]
    [FONT=&quot]ඔබගේ උපමාවෙන්ම කර ඇත්තේ කර්මය පිළිබද පැහැදිලි කිරීමකි[/FONT]. [FONT=&quot] කර්මය යනු චිත්ත සන්තානයෙහි ඇතිවෙන ධර්ම කොට්ඨාශයකි [/FONT].
    [FONT=&quot]සියල්ලම සිදුවන්නේ කර්මය නිසා නොවනබව[/FONT][FONT=&quot]නියාම ධර්ම පිළිබදව හොදින් අධ්‍යනය කලහොත් ඔබට මෙය හොදින් පැහැදිලි වනු ඇත[/FONT].


    [FONT=&quot]පාලි:[/FONT]
    "[FONT=&quot]කම්මස්ස කෝම්හි[/FONT], [FONT=&quot]කම්මදායාදො[/FONT], [FONT=&quot]කම්මයොනි[/FONT], [FONT=&quot]කම්මබන්ධු[/FONT], [FONT=&quot]කම්ම පටිසරණො යං කම්මං[/FONT] [FONT=&quot]කරිස්සාමි[/FONT], [FONT=&quot]කල්‍යාණං වා පාපකා වා තස්ස දායාදො භවිස්සාමේති"[/FONT]

    [FONT=&quot]අදහස:[/FONT]
    [FONT=&quot]කර්මය මුල්කරගෙන[/FONT], [FONT=&quot]කර්මය දායාද කරගෙන[/FONT], [FONT=&quot]කර්මය උප්පත්ති ස්ථානය කරගෙන[/FONT], [FONT=&quot]කර්මය[/FONT] [FONT=&quot]හා බැඳී[/FONT], [FONT=&quot]කර්මය පිළිසරණ කරගෙන[/FONT], [FONT=&quot]යම් කිසි කර්මයක් කරන්නේද එය යහපත් හෝ[/FONT] [FONT=&quot]අයහපත් එයම දායද කරගෙන මෙම පැවත්ම යයි [/FONT]

    [FONT=&quot]ඔව් යළුවා මෙතනදි කර්මය චිත්ත පරම්පරාවත් සමග බැදී පවතින ආකාරය හොදින් පැහැදිලි කරදෙනවා.[/FONT][FONT=&quot]


    [/FONT]
     

    virus.

    Banned
    May 15, 2010
    29
    2
    0
    තොත්තබබා;7478030 said:
    [FONT=&quot]යාළුවා ඔබ මෙය පසුව එකතුවුවක් යැයි කීමට පදනමවුයේ කුමක්ද[/FONT]? [FONT=&quot]මොන හේතුවක් මතද කියා අපට පැහැදිලිකර දිය හැකිද[/FONT]?



    [FONT=&quot]සියල්ලටම කර්මය මූලිකවන බව ඇත්ත නමුත් සිදුවන සියල්ලම කර්මය නිසාමයි කිව[/FONT][FONT=&quot]නොහැක.[/FONT]
    [FONT=&quot]ඔබගේ උපමාවෙන්ම කර ඇත්තේ කර්මය පිළිබද පැහැදිලි කිරීමකි[/FONT]. [FONT=&quot] කර්මය යනු චිත්ත සන්තානයෙහි ඇතිවෙන ධර්ම කොට්ඨාශයකි [/FONT].
    [FONT=&quot]සියල්ලම සිදුවන්නේ කර්මය නිසා නොවනබව[/FONT][FONT=&quot]නියාම ධර්ම පිළිබදව හොදින් අධ්‍යනය කලහොත් ඔබට මෙය හොදින් පැහැදිලි වනු ඇත[/FONT].




    [FONT=&quot]ඔව් යළුවා මෙතනදි [/FONT]ගැහැණියෙක්‌ [FONT=&quot]සමග බැදී පවතින ආකාරය හොදින් පැහැදිලි කරදෙනවා.[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    :shocked::shocked::shocked::shocked::angry::angry::angry::angry::angry:
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    තොත්තබබා;7478030 said:
    [FONT=&quot]යාළුවා ඔබ මෙය පසුව එකතුවුවක් යැයි කීමට පදනමවුයේ කුමක්ද[/FONT]? [FONT=&quot]මොන හේතුවක් මතද කියා අපට පැහැදිලිකර දිය හැකිද[/FONT]?

    මේකයි හේතුව.. පටිච්චසමුපන්නව හිතන්න.. "අවිද්‍යා පච්චයා සංඛාරා" .. ආදි වශයෙන් ඉතින් අර මම කිව්ව පොරව (කර්මය) ... පාවිච්චි කරන කෙනා (ගස් කපන්නා) අනුවයි ඔය නියාම ධර්ම වුණත් ගොඩනැගෙන්නෙ.. සංඛාර කිව්වේ.. සිත කය වචනය මුල් කරගෙන් කරන ක්‍රියා (කර්ම) .. ඉතින් ඒකයි මම කිව්වේ පසුව එකතුවුණ දෙයක් කියළා.
     
    මේකයි හේතුව.. පටිච්චසමුපන්නව හිතන්න.. "අවිද්‍යා පච්චයා සංඛාරා" .. ආදි වශයෙන් ඉතින් අර මම කිව්ව පොරව (කර්මය) ... පාවිච්චි කරන කෙනා (ගස් කපන්නා) අනුවයි ඔය නියාම ධර්ම වුණත් ගොඩනැගෙන්නෙ..

    [FONT=&quot]පටිච්චසමුපන්නව හිතුවොත් පැහැදිලි වෙන්නේ [/FONT] [FONT=&quot]අවිද්‍යා[/FONT], [FONT=&quot]තෘෂ්ණා සංඛ්‍යාත සංසාර චක්‍රයේ මූලධර්මයයි[/FONT].[FONT=&quot] එනම් නියාම ධර්ම වශයෙන් ගතහොත් කර්ම නියාමයයි[/FONT].

    සංඛාර කිව්වේ.. සිත කය වචනය මුල් කරගෙන් කරන ක්‍රියා (කර්ම) .. ඉතින් ඒකයි මම කිව්වේ පසුව එකතුවුණ දෙයක් කියළා.

    [FONT=&quot]කායික[/FONT],[FONT=&quot] වාචසිය [/FONT],[FONT=&quot]මානසිකවු විවිධාකර ක්‍රියාවන් සිදුකරන්නාවු චේතනා ප්‍රධානකොට ඇති චෛතසික ධර්ම සමුහය සංස්කාර යනුවෙන් හදුන්වයි. මෙහිදී වේදනා හා සංඥා චෛතසික දෙක වෙන් වෙන් ස්කන්ධ වශයෙන් ගන්නානිසා චේතනාව සහිතවු ඉතිරි චෛතසික පනහ සංස්කාරයන් වශයෙන් ගනු ලබයි.
    [/FONT]

    [FONT=&quot]චේතනාව යනු ක්‍රියාව මුලික කරගත් සිතත් සමගම ඇතිවෙන්නාවු සර්ව චිත්ත සධාරණ චෛතසික ධර්මයකි. ක්‍රියාවන්හි ප්‍රධාන වන හෙයින්නුත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනිකුත් සම්ප්‍රයුක්ත ධර්මයන් උපදවන හෙයින් චේතනාව කර්මය යයිද කියනු ලැබේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    ( [/FONT][FONT=&quot]"චේතනාහං භික්කවේ කම්මං වදාමි." යන පාඨය නිසා බොහෝ අය කර්මය යනු චේතනාව පමණක්ම බව සිතයි. නමුත් චේතනාව හැර කර්මය වශයෙන් ගණන් ගැනෙන ධර්මතා විසි එකක් ගැනද ධර්මයේ සදහන්වනබව මෙහිදී සඳහන් කලයුතුය.[/FONT]
    )

    [FONT=&quot]නියාම ධර්මයන්ගෙන් පැහැදිලි කරන්නේ කර්මනියාමය ඇතුළු මෙම විශ්වයේ පවතින්නාවු නීති රීතීන් පද්ධතියයි.එනම් අපට බලපාන්නවු හැම සිදුවීමක්ම කර්මයට හෝ වාසනාවට[/FONT] [FONT=&quot] අනුවම සිදු නොවවන බවයි.[/FONT]
     

    hukp1

    Member
    Apr 9, 2009
    390
    37
    0
    Kalutara

    යාළුවා ඔයා හොඳ උත්සහයක් දරලා තියෙනවා. ඒ උත්සහයට තව අය එක් කරගෙනත් තියෙනවා. ඔයා උත්සහ කරන්නේ ඔයත් යහපත් වෙලා අනිත් අයත් යහපත් මාර්ගයට ගන්න නම් මන් ඒකට ඇත්තටම සුභ පතනවා.

    දන්නවානේ ලෝකයේ මුණ ගැහෙන මිනිස්සු වර්ග 4 ක් ඉන්නවා.

    1. තමන්ගේ ලාභය වෙනුවෙන් පමණක් මිස අන් අයගේ ලාභය වෙනුවෙන් ජීවත් නොවෙන පුද්ගලයා.

    2. අන් අයගේ ලාභය වෙනුවෙන් ජීවත් වෙන නමුත් තමන්ගේ ලාභය වෙනුවෙන් ජීවත් නොවෙන පුද්ගලයා.

    3. තමන්ගේ හෝ අන් අයකුගේ ලාභය වෙනුවෙන් ජීවත් නොවන පුද්ගලයා.

    4. තමන්ගේ හා අන් අයගේ ලාභය වෙනුවෙන් ජීවත් වන පුද්ගලයා.

    මේ 4 වැනියට දක්වන පුද්ගලයා අන් අයට ‍රාග ද්වේෂ මෝහ නැති කරගන්න මග පෙන්වනවා වගේම තමන්ගේ රාගය ද්වේෂය හා මෝහය නැති කරගන්නත් කටයුතු කරනවා. තමන් සතුන් මැරීමෙන් ආදී පව් කම් වලින් වැලකිලා අන් අයවත් ඒවායින් වලකනවා.

    ඉතින් මන් ප්‍රාර්ථනා කරනවා මේ ලිපිය කියවලා ඒ ගැන හිතලා අඩුම තරමේ එක් ක්ෂණයක් වත් තමන්ගේ හිතේ ප්‍රඥාව ඇති කරගන්න සමත් වෙච්ච හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් ඔයාට පින් අනුමෝදන් කරයි කියලා.
     
    • Like
    Reactions: Zodiac