කිසියම් කායික රෝගයක් ඇති වීමට කායික සාධක මෙන්ම මානසික සාධකයන් ද මුල් වී ඇත්නම්, කායික සාධක ඉවත් කිරීමට පමණක් ඖෂධීය ප්‍රතිකාර කිරීම, ගිනි කන්දක් උඩින් බටර් තවරන්නාක් වැනි ක්‍රියාවක්. කන්දේ
තවරන ලද බටර් කාලයක් තිබෙන්නට නම්, කන්ද තුළ ඇති ගින්දර ඉවත් කළ යුතුයි.

මේගැන ලියවෙච්ච පොත් එහෙම දන්නවද කියවන්න හොද ඒව ? මටත් මාර ආසාවක් තියෙනව පෙර ආත්මෙ දැනගන්න දැන් ගෙවන ජීවිතේ ගැන හොද ආකල්පයක් නෑ ඒකයි . ඒත් වෙලාවකට හිතෙනව නොදැනගෙන ඉන්න එක හොදයි කියලත් අනේමන්ද![]()
හොයාගෙන කියවන්න ආසයි දැන්නම් 
මම කෙටියෙන් කියන්නම්
මෝහනය (හිප්නොටිසම්)කියන්නේ නිද්‍රාගත කිරිමක්.ඒක කරන්න ක්‍රම වගේම ඒක වෙන ක්‍රම කීපයක් තියනවා.මෙතනදී හැම කෙනෙක්ම මෝහනය කරන්න බැරි බවත් කියන්නම ඕන.මෝහනයේදී භවාංග සිත(මේ ගැන සරල සිංහලෙන් එහෙත් දන්න එකම වචනය..මුල් සිත හෝ යටි හිත..වගේ අර්ථයක්.ඒත් ඒක නියම අදහස දෙන්නෙ නෑ)අවදි කරනවා.ඒ හිත පිරිසුදුයි.වංචනික නෑ.ඒ ඔස්සේ දුර අතීතයට යන්න පුලුවන්.මේක(ජාතිස්මරණ ඥාණය හෝ චුතඋපපාත ඥාණය හෝ වෙනත් දියුනු කරන ලද චිත්ත බලවේගයක් නෙවෙයි.)ස්වාවිකව තමන් උපතින් ලද සිතයි.මේ සිත තමයි අපි වයසත්-අත්දැකීම් එක්ක වෙනස් කරගන්නේ.ඒහෙත් ඒ මුල් ස්වබාවය නිදිගැන්විලා තියනවා.අන්න ඒ සිත අවදිකරලා තමයි මේ කියන දේවල් (මෝහනය)කරන්නේ.
ඔයාට ඒ වගේ අත්දැකීමක් ලබන්න ඕන නං පුද්ගලිකව දන්වන්න.(මම මුලින් කිව්වෙ මේකෙ ඉන්න හැමතැනටම රිංගලා බහුබූත දොඩවන අය ගැන මගේ තියන ආකල්පය)
![]()
hmm.. so u knw how to hypnotize a person?
මෝහනය කරන ඉස්සර TNL එකේ ගිය වැඩසටහන් බලල තියෙනවද? ඒවගෙ ඒගොල්ලො ඒ කියපු දේවල් ඇත්තද කියල හොයල තියෙනව ඉතින් ඒව ගොඩක්ම ඇත්ත කියල තමයි හොයාගන තියෙන්නෙ. හිටපුගමන් යටිහිතේ තියෙන බොරු දේවලුත් කියවෙනව ඇති ඒත් මමනම් හිතන්නෙ මෝහනය ඇත්ත කියල. මෝහනය කරල යටිහිත program කරන්න පුලුවන් කියනඑකනම් ඇත්ත. කොටි මරාගෙන මැරෙන කොටින්ව ට්‍රේන් කරල තියෙන්නෙත් ඉන්දියාවට යවල මෝහනය කරලලු. මෝහනය කරන කෙනා මමනම් දන්න විදිහට භාවනා කරල හිත දියුනු කරපු කෙනෙක් වෙන්න ඕනෙ නෑ ඒත් හරියටම කරන විදිහ දැනගෙන ඉන්න ඕනෙලු මෝහනය කරපු කෙනාව අන්තිමට හිටපු තත්වෙටම ගේන්න බැරිඋනොත් හරි අතරමග නැවතුනොත් හරි සමහරවිට පිස්සු හැදෙන්න පුලුවන්ලු. ආචාර්ය නෙවිල් කියල කෙනෙක් තමයි මට මතක විදිහට TNL එකේ ඒදවස්වල මෝහනය කරේ. ඒත් ලන්කාවෙ මේවගේ දේවල් ගැන පර්යේශන කරන්න වැඩිය උනන්දුවක් නෑ කියල එයා ඇමරිකාවටද කොහෙද ගියා අන්තිමට.![]()
මම කෙටියෙන් කියන්නම්
මෝහනය (හිප්නොටිසම්)කියන්නේ නිද්‍රාගත කිරිමක්.ඒක කරන්න ක්‍රම වගේම ඒක වෙන ක්‍රම කීපයක් තියනවා.මෙතනදී හැම කෙනෙක්ම මෝහනය කරන්න බැරි බවත් කියන්නම ඕන.මෝහනයේදී භවාංග සිත(මේ ගැන සරල සිංහලෙන් එහෙත් දන්න එකම වචනය..මුල් සිත හෝ යටි හිත..වගේ අර්ථයක්.ඒත් ඒක නියම අදහස දෙන්නෙ නෑ)අවදි කරනවා.ඒ හිත පිරිසුදුයි.වංචනික නෑ.ඒ ඔස්සේ දුර අතීතයට යන්න පුලුවන්.මේක(ජාතිස්මරණ ඥාණය හෝ චුතඋපපාත ඥාණය හෝ වෙනත් දියුනු කරන ලද චිත්ත බලවේගයක් නෙවෙයි.)ස්වාවිකව තමන් උපතින් ලද සිතයි.මේ සිත තමයි අපි වයසත්-අත්දැකීම් එක්ක වෙනස් කරගන්නේ.ඒහෙත් ඒ මුල් ස්වබාවය නිදිගැන්විලා තියනවා.අන්න ඒ සිත අවදිකරලා තමයි මේ කියන දේවල් (මෝහනය)කරන්නේ.
ඔයාට ඒ වගේ අත්දැකීමක් ලබන්න ඕන නං පුද්ගලිකව දන්වන්න.(මම මුලින් කිව්වෙ මේකෙ ඉන්න හැමතැනටම රිංගලා බහුබූත දොඩවන අය ගැන මගේ තියන ආකල්පය)
![]()
ඔවු මල්ලි..මම දන්න විදිහට ඒක ස්වෝත්සාහයෙන් දියුනුව හෝ දුබලකම් මඟහරවාගන්න තමන් විසින්ම තම සිත පුහුනු-පුරුදු කරන,මෝහන ක්‍රමයක්.ඉගෙන ගන්න-යම් ඉලක්කයක් කරා යන්න ඒ විදිහට තමන්ටම තම යටි හිතට යෝජනා කරන ක්‍රමයක්.
ඒ ඒ කෙනා මෝහනය වෙන තරම අනුව-විධාන පිලිපදින තරම අනුව-ගුරුවරයාගේ නිපුනතාවය අනුව සහ තමන්ගේ ස්මරණ(මතක)ශක්තිය අනුවයි ඒක බොහෝදුරට තීරණය වෙන්නේ.සමහරු මෝහනය නොකලත් පෙර භවය කියනවානේ ළපටි කාලෙදි.
ඇත්තෙන්ම අතිත භවය අමතක වෙන විදිහට තමයි මිනිසා ස්වබාවිකව උපදින්නේ.නැත්තං මිනිසා අලසයෙක් හෝ උඩඟු ආත්මවාදියෙක් වෙනවානේ![]()
ඔව් එක්කෙනෙක් හිටියා පලවෙනි එලිසබෙත් රැජිනගෙ ඇමතිමන්ඩලේ එයා ඉදල තියෙනව. එයාට ලියුමක් ලියන්ඩ කිව්ව මෝහනය වෙලා ඉන්නකොට එතකොට එයා ලස්සන වැල් අකුරුවලින් නියමෙට ලිව්වා ඒ අකුරු අපිට හොයන්නත් අමාරුයි එයාගෙ නිකන් ජීවිතේ එයාගෙ english අත් අකුරු ඊටවඩා වෙනස් එයා වැඩිය english ඉගනගන හිටපු කෙනෙකුත් නෙමෙයි. එගොල්ලො හොයාගනතිබ්බ විදිහට කියපු හැමදේම වගේ ඇත්ත. තව ඒ ගොල්ලො කොහෙන්දමන්ද ඒකාලෙ පත්තරේකුත් හොයාගන ඇත්තටම හිටපු ඒ ඇමතිගෙ ෆොටො එකකුත් පෙන්නුවා. තව ගොඩක් විස්තර කිව්ව මෝහනය වෙලා ඉන්නකොට.
මේ ගැන උනන්දු අය මේ ටිකත් කියවන්න.
මනෝ චිකිත්සාව ඉතාම පුළුල් විෂයක්. මනෝ විද්‍යා උපදේශනය, මෝහනය, සිත සන්සුන් කිරීමේ භාවනා ක්‍රම ආදි විවිධ කාර්යයන් මනෝ චිකිත්සාවට අයත් වෙනවා. මනෝ චිකිත්සාව මානසික මෙන්ම කායික රෝග රැසක්ම සුව කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයක්; ප්‍රතිකාර ක්‍රමයක්.
මෝහනය යනු මනෝ චිකිත්සාවේදී යොදා ගන්නා ඉතාම වැදගත් ප්‍රතිකාර ක්‍රමයක්. ‘මෝහනය’ යන වචනය ඇසූ විට බොහෝ දෙනෙක් බියක් දක්වනවා. පියවි සිහිය නැතිවී ගොස් තමාව තමාගේ පාලනයෙන් ඉවත්ව ගොස්, තවත් අයකුට අවශ්‍ය ආකාරයට හැසිරෙන ක්‍රමයක් ලෙසයි ‘මෝහනය’ බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබෙන්නේ.
එය ඉතා වැරැදි මතයක්. මෝහන නිද්‍රාවකට පත්වූ අයකුට ලෙහෙසියෙන්ම යෝජනාවකට අනුව මෝහනයෙන් අත්මිදිය හැකියි. යෝජනාවක් නොලැබී ස්වල්ප වේලාවක් ගත වුවහොත් ඉබේම එම පුද්ගලයා අවදි වෙනවා. එයයි මෝහනයේ ස්වභාවය. මෝහනය යන වචනය ඇසූ විට තවත් පිරිසකගේ සිහියට නැගෙන්නේ පසුගිය ආත්මය පිළිබඳව කතා කරන, එම ආත්ම භවයන් පිළිබඳව තොරතුරු සොයන ක්‍රමයක් ලෙසයි.
මෝහනය මඟින් පසුගිය ආත්ම භවයන් පිළිබඳව තොරතුරු සොයා බැලිය හැකි වුවත්, එය මෝහන විද්‍යාවේ ඉතා සරල කුඩා කොටසක් පමණයි. වර්තමානයේදී මෝහන ප්‍රතිකාර මානසිකව මෙන්ම ශාරීරිකව ද පෙළෙන රෝගාබාධ රාශියකින් මිදීමට ලෝකය පුරා ඉතා සාර්ථකව යොදා ගන්නවා. මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයක් වන මෝහනය්, කිසිදු ඖෂධ භාවිතයකින් තොරව විවිධ කායික මානසික රෝගාබාධවලින් මිදී අලුත්, ප්‍රබෝධවත්, සහ සැනසිලිදායක ජීවිතයක්
මෝහන ප්‍රතිකාර මඟින් විවිධ හේතූ නිසා ගිලිහී ගිය ආත්ම විශ්වාසයත්, පෞරුෂයත් නැවත ඉතා සාර්ථකව ගොඩනඟා ගත හැකියි. එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට දක්වන ගිජු බවෙන් අත්මිදීමටත් මානසික ආතතිය පාලනය කරගෙන මතක ශක්තිය දියුණු කරගැනීමටත් ශාරීරික ශක්තිය වඩවා ගැනීමටත් උපකාර වෙනවා.
මෝහනය මඟින් සිදු කරන්නේ යම් පුද්ගලයකුගේ යටි සිතේ දීර්ඝකාලීනව පවතින අත්දැකීම් අවුස්සා යටි සිතේ තිබෙන ගැටලු සහගත තත්ත්වයන් “යෝජනා” මඟින් සැකසීමයි.
අර එඩ්ගා(ර්) කේසි ගැන කවුද දන්නෙ?ස්ව්යංමෝහනයකින් නේද එයා අනික් අයගෙ කලින් ආත්ම කිව්වෙ? ඒව ඇත්තද??

මෝහනයට පත්වන විට මනසේ ඇතිවන්නේ නින්දට යාමට පෙර යමෙකුගේ සිතෙහි ඇතිවන තත්ත්වයයි. කැමැත්තකින් තොරව යමෙකු මෝහනයට පත් කළ නොහැකියි.
එමෙන්ම මෝහනයට පත්වූ අයකු තමා අකැමැති කිසිවක් කිරීමට මෝහන නිද්‍රාවේදී ඉදිරිපත් නොවීම ද විශේෂ ලක්ෂණයක්. ළමයින් ස්වභාවයෙන්ම වැඩිහිටියන්ගේ අණට අවනත වීමට හුරු වී ඇති නිසා ළමයින් ලෙහෙසියෙන්ම මෝහනයට පත් කළ හැකියි.
යටි සිත සමග තද සබඳකමක් නිරතුරුවම පවත්වාගන්නා ඉතා සංවේදී පුද්ගලයින් වන කලාකරුවන් ද නිතරම අනෙකුගේ අණ පිළිපැදීමට පුරුදු වී සිටින සොල්දාදුවනුත් ඉතා පහසුවෙන් මෝහනයට පත් කළ හැකියි. උමතු රෝගීන් මෝහනයට පත් කළ නොහැකියි. එයට හේතුව වන්නේ උමතු රෝගීන් ජීවත්වන්නේ තමා විසින්ම මවාගත් ලෝකයක වීම නිසයි.
මෝහනයෙන් බොහෝ කායික සහ මානසික රෝග සුවපත් කළ හැකියි. විශේෂයෙන්ම සිත මූලික කරගෙන පැන නගින ලෙඩ රෝග. මෝහනයේදී අප ගනුදෙනු කරන්නේ සිත සමග. මිනිස් සිත ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට භාවිත වන්නේ උඩු සිතයි. උඩු සිතට යම්කිසි යෝජනාවක් නැවත නැවත කරන විට එම සිතිවිල්ල බර සිතිවිල්ලක් බවට පත්වී යටි සිතේ තැන්පත් වෙනවා.
එම සිදුවීම, ජලය වීදුරුවක් තුළට ජලයට වඩා බර යකඩ තඹ වැනි ද්‍රව්‍යයක් යෙදූ විට එම බර ද්‍රව්‍ය වතුර වීදුරුවේ පහළට ගමන් කරනවා වාගෙයි. අපි අපේ යටි සිතට නරක සිතිවිලි, විනාශකාරී සිතිවිලි ඇතුළත් කරගත හොත් ඒවා යටි සිතේ තැන්පත්වී අපේ මනසට මෙන්ම ශරීරයට ද ලෙඩ ඇති කරනවා.
පිළිකා, ආතරයිටීස්, විවිධ චර්ම රෝග, තරබාරු බව, අධික කෘශ බව, දරු ඵල හීන වීම වැනි කායික රෝගී තත්ත්වයන් ඇතිවීමට යටි සිතේ තැන්පත් වන නරක මෙන්ම සෘන සිතිවිලි ද හේතු වෙනවා. එම සෘන සිතිවිලි ඉවත් කර ධනාත්මක සන්සුන්, සුබවාදී සිතිවිලි යටි සිතට ඇතුළත් කිරීම මඟින්, රෝගාබාධයන් සුව කිරීමට මෝහන ප්‍රතිකාර යොදා ගත හැකි වෙනවා. විවිධ ඇබ්බැහිවීම්, නින්ද නොයාම, ගොත ගැසීම, හීනමානය වැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට ද මෝහන චිකිත්සාව යොදා ගත හැකි වෙනවා.
විශේෂයෙන්ම මනසට විශාල ලෙස වද දෙන උමතු රෝග, කාංසාව, ක්ලමථය, විෂාදය, වැනි රෝගාබාධ සුව කිරීමට මෝහන ප්‍රතිකාර ඉතාම ප්රත්යක්ෂ ලෙස යොදා ගත හැකියි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. එනම්, ඉහතින් දැක්වූ රෝගාබාධයන් බොහොමයක් මෝහන ප්‍රතිකාර මඟින් පමණක් නිසි සුවයක් ලබාගත නොහැකි බවයි.
ඒ සඳහා ඖෂධීය ප්‍රතිකාර ද නොකඩවා ලබාදීම ඉතා වැදගත්. ඒ සඳහා සුදුසු වෛද්‍ය වරයකුගේ ඖෂධීය ප්‍රතිකාර ගන්නා අතරතුර මෝහන ප්‍රතිකාර ද කිරීමෙන් ඉතා ඉක්මන්, ඉතා පහසු, සම්පූර්ණ සුවයක් ලබා ගත හැකි වෙනවා. මෙහිදී මෝහනය මඟින් සිදු කරන්නේ එම ශාරීරික රෝගාබාධය ඇතිවීමට කිසියම් මානසික සාධකයක් හේතු වී ඇත්නම්, ඒ පිළිබඳව මෝහන විශ්ලේෂණය මඟින් සොයා බලා එය මනසින් ඉවත් කිරීමයි.
කිසියම් කායික රෝගයක් ඇති වීමට කායික සාධක මෙන්ම මානසික සාධකයන් ද මුල් වී ඇත්නම්, කායික සාධක ඉවත් කිරීමට පමණක් ඖෂධීය ප්‍රතිකාර කිරීම, ගිනි කන්දක් උඩින් බටර් තවරන්නාක් වැනි ක්‍රියාවක්. කන්දේ තවරන ලද බටර් කාලයක් තිබෙන්නට නම්, කන්ද තුළ ඇති ගින්දර ඉවත් කළ යුතුයි.
මෝහන ප්‍රතිකාර මඟින් මනසින් විනාශකාරී අනවශ්‍ය සිතිවිලි ඉවත් කිරීම මනසට කරන ශල්‍යකර්මයක් වැනියි. මෙහිදී සිදුවන්නේ මනසේ තිබෙන විනාශකාරී සිතිවිලි ඉවත් කර ධනාත්මක සුවදායී සිතිවිලි ඇතුළත් කිරීමයි. මෝහනයේදී මෝහනයට ලක්වන පුද්ගලයාගේ සිතිවිලි විශ්ලේෂණය කරනු ලබනවා.
එමඟින් කිසියම් රෝගයකට කිසියම් මානසික ගැටලුවකට හේතු වූ සාධක හඳුනා ගැනෙනවා. පසුව එම සාධක මනසින් ඉවත් කරගැනීමට අවශ්‍ය විවිධ ක්‍රම ශිල්ප (technic) කියා දෙනවා. එමඟින් මෝහනයට ලක්වූ තැනැත්තාට තම ගැටලුව නිරාකරණය කර ගත හැකියි. නිවැරැදි උපදෙස් ලැබ මෝහන නිද්‍රාවෙන් අවදි වූ පුද්ගලයා නැවත සමාජයට එන්නේ සම්පූර්ණයෙන් ම නැවත සකස් වූ (Re Program) පුද්ගලයකු ලෙසින්.
මෝහනයට ලක්වීමෙන් යමෙකුගේ පෞද්ගලිකත්වය නැති වෙනවා ද?
මෝහන ප්‍රතිකාර සඳහා අප යා යුත්තේ වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයින් වෙත පමණයි. එවැනි පුද්ගලයින් ක්‍රියා කරන්නේ ඉතාම වගකීමෙන්. මෝහන චිකිත්සකයින් තුළ තිබිය යුතු ප්‍රධානතම ගුණාංගය වන්නේ රහස්‍ය භාවයයි.
ඒ නිසා වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයකු වෙත යාමට බිය විය යුතු නෑ. මුල් කාලයේදී මෝහන චිකිත්සාව සිදු කළේ මනෝ වෛද්‍යවරු විසින් පමණයි. පසුකාලීනව මනෝ චිකිත්සාව සහ මෝහනය පිළිබඳව විශේෂයෙන් හදාරන ලද පුද්ගලයින් බිහිවුණා.
මෝහන ප්‍රතිකාර ගැනීමට යොමුවිය යුත්තේ එවැනි පළපුරුදු පුද්ගලයින් වෙතින් පමණයි. ඔවුන් වෙතින් යමෙකුගේ පුද්ගලිකත්වයට හානි සිදුවන්නේ නෑ.
මෝහනයෙන් සුවපත් කළ රෝගයක් නැවත මතු වීමේ හැකියාව තිබෙනවා ද?
වෘත්තීය මට්ටමේ මෝහන චිකිත්සකයකු විසින් මෝහනයෙන් කිසියම් රෝගයක් සුවපත් කළේ නම්, එය නැවත මතුවන්නේ නෑ.
Is their rational explanations to these??