මුස්ලීම්වරුන්ගෙන් ලාංකීය සමාජයට දායකත්&#

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුස්ලීම්වරුන්ගෙන් ලාංකීය සමාජයට දායකත්&a

    මුස්ලීම්වරුන්ගෙන් ලාංකීය සමාජයට ලැබුණු දායකත්වය :)
    දිවයිනේ සැඟවුණු ප්‍රදේශවල විශේෂයෙන්ම නැගෙනහිර පළාත්වල මේ නොදියුණු පුරුද්ද තවම දැකිය හැකිය. මේ දිස්ත්‍රික්ක වල සංචාරය කිරීමේදී
    colombo%20harbour_%20wharf%20bullock%20carts%20ceylon.jpg
    කඳුකර අඩි පාරවල් දිගේ වෙහෙසකර ගමනක ඇදෙන, බඩු බර පැටවුණු දිගු ගව පේළි අපට බොහෝ විට හමු වෙති. ගවයන් ඉදිරියට ඇදෙන විට කර බැඳි ගෙජ්ජි කිංකිණි රාවය නංවයි. ඇතැම් විට මධ්‍යාහ්න අවු රහ්මියේ කැලැබද දිය කඳුරක් අයිනේ ළිප් ගිනි මොළවාගෙන තම ආහාරය පිස ගැනීමට සුදානම් කරන ලද ගවයන් ඒ අසල උලාකමින් දියේ ගිලෙමින් සිටිනු පෙනේ. මුදාහළ බඩු ගෝනි පසෙකින් ගොඩ ගසා තිබේ. මේ සංචාරක වෙළඳාමේ නිරත වී සිටින බොහෝ කොට මුස්ලිම්වරු වූහ. ක්‍රමානුකූල වගා කිරීමකින් තොරව නිවෙස් වටා සුළුවෙන් වැටි ඇති දේශිය කෝපි සමග හුවමාරු කරගැනීම සඳහා ලූණු, මුහුදු බඩ පිහිටි ආණ්ඩුවේ ගබඩාවලින් උඩරට කඳුකරයට ගෙන ඒම ඔවුන්ගේ ව්‍යාපාරය විය. එසේ ලැඛෙන ලාභවලින් කපු රෙදි සහ පිත්තල භාජන, කරවල සහ වෙනත් වෙළඳ ද්‍රව්‍ය මිලදී ගන්නා තවලම්කරුවෝ ඒවා රට අභ්‍යන්තරයේ හුදෙකලා වූ ගම්මානවලට ගෙන යති.



    එමර්සන් ටෙනන්ටි
    මේ වූකලි බි්‍රතාන්‍ය සිවිල් සේවකයෙකු විසින් මුස්ලිම් වෙළෙන්ඳන්ගේ තවලමක් පිළිබඳව ඇති දර්ශනීය විස්තරයකි. කාන්තාරයේ ප්‍රවාහණ ක්‍රමයක් වූ තවලම ශ්‍රි ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මුස්ලිම්වරුන් විසිනැයි සමහරු කියති. කාන්තාරයේ ඔටුවා වෙනුවට මෙහිදි ගවයා යොදාගෙන තිබේ. රාජධානියට පහසුවෙන් ප්‍රවේශ වීමට නෙහැකි වීම එය ආරක‍ෂා කරගැනීමේ හොඳම ක්‍රමය වූ බැවින් ප්‍රවාහණ සහ පනිවිඩ හුවමාරු පහසුකම් වැඩි දියුණු කිරීමට උඩරට රජවරු කැමැත්තක් නොදැක්වූහ. නිර්භීත මුස්ලිම්වරුන් රට අභ්‍යන්තරයට පැමිණි පසු එහි දුෂ්කර කඳුකර මාර්ගවලට සරිලන ප්‍රවාහණ ක්‍රමයක් සකසාගැනීමට ඔවුන්ට සිදු වූ බැවින්, කාන්තාර තරණය කළ තවලම් පිළිබඳ මතකයක් තිබුණු ඔවුහු ඒ සඳහා ගවයා යොදාගත් හ.
    මුස්ලිම්වරු සහ උඩරට වෙළඳාම
    මුස්ලිම්වරුන් ප්‍රධාන අතරමැදියන් වශයෙන් ක්‍රියා කළ උඩරට රාජධානියේ
    peradeniya-garden-entrance.jpg
    වෙළඳ රටාව ගැන මේ අවස්ථාවේදි විමසා බැලීම වැදගත් වනු ඇත. ගිරි දුර්ග බවලින් වට වූ සිය රජාධානියට කොටු වී සිටීමට උඩරට රජවරුන් සුදානම් නොවු බවත්, දහහත් වන ශත වර්ෂයේදී ඔවුන් බල පරාක්‍රමයෙන් වැඩෙත්ම සිය වෙළඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙන්ම බාහිර ලෝකය සමග සිය සම්බන්ධකම් පවත්වාගෙන යාමටද කැමැත්තක් දැක්වූ බවත් දක්නට ලැබිණ.



    දිවයිනේ මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ගේ ග්‍රහණයෙන් ඕලන්දකරුවන් අතට පත් වෙන විටත් නැගෙනහිර වෙරළේ කොට්ටියාර්හි සහ මඩකලපුවේ ද, බටහිර වෙරළේ කල්පිටියේ සහ පුත්තලමේ ද වරායවල් උඩරැටිඉයනගේ පාලනයට යටත් ව තිබිණි. ඒවා මගින් ඔවුහු, මුස්ලිම්වරුන් සහ හෙට්ටීන් අතරමැදියන් ලෙසින් යොදාගෙන මදුරා සහ කොරමණ්ඩල් නගර සමග වෙළහෙළඳාම් කළහ. මේ එක් එක් වරායක් රාජධානීයේ බවිවිධ ප්‍රදේශ පිට වීමේ මාර්ගයක් වුයේය. රජුට අයත් හොඳම වරාය තිරිකුණාමලය අසල පිහිටි කොට්ටියාර් විය. එහි සිට සැතපුම් කිහිපයක් නුදුරින් රට අභ්‍යන්තරයේ කිලිවෙට්ටිහි, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කළ විශාල වෙළෙඳපොළක් පිහිටියේය. එහි වූ රාජකීය රේගු මඩුවේ දී මුලාදෑනියෙක් රජු වෙනුවෙන් බදු අය කෙළේය.


    බි්‍රතාන්‍ය තානාපති ජෝන් පයිබස්ට පොළි වෙළෙන්ඳන් සමූහයක් මුණ ගැසුණේ ද කිලිවෙට්ටිහිදීය. රටවැසියන්ට විකිණීම සඳහා ඔවුහු තල ඇට, පබළු සහ කොට්ට පොල් ගෙන එමින් සිටියහ. කොට්ටියාර් සිට මහනුවර දක්වාවූ මාර්ගය මහවැලි ගං ඉවුර දිගේ වැටී තිබුණු අතර වෙළෙඳ ද්‍රව්‍ය ඔබ මොබ ගෙන යමින් සිටි මුස්ලිම් වෙළෙඳ තවලම් එහි නිරතුරුවම දක්නා ලදී. 1762 දී තිරිකුණාමලයේ සිට මහනුවර බලා යමින් සිටි පයිබස්ට අතරමගදී ගවයන් විස්සක් තිහක් සහිත මුස්ලිම් තවලමක් හමු විය. ඔවුහු ලූණුවලට මාරු කිරීම සඳහා ධාන්‍ය මලූ මුහුදු බඩ නගරවලට ගෙන යමින් සිටියහ. කාලයාගේ ඇවෑමෙන් මේ මාර්ග දිගට මුස්ලිම් ජනවාස බිහිවී ඇති බැවින් රට මැද සිට වරායවල් කරා විහිදි ගිය ඒ පැරණි වෙළඳ මාර්ග අපගේ අධ්‍යයනයට වැදගත් වේ. පණිවිඩ හුවමාරුව ඉතා දුර්වලව පැවති අවධියකදී බර අදින ගවයන් කිහිප දෙනෙකු ගෙන් සමන්විත තවලමකට එහි ගමනාන්තය දක්වා යාමට දින කිහිපයක්ම ගත විය. ඒ නිසා, රාත්‍රී ලැගුම් පොළවල් පමණක් නොව, වෙහෙස මහන්සියට පත්ව සිටි ගොන්නුන්ට තණ උලා කන්නට ද දිය බී පවස නිවාගන්නට සාගින්නෙන් පෙළුනු තවලම්කරුවන්ට ඔවුන් ගේ දිවා ආහාරය පිසගන්නට ද හැකි දිවා නැවතුම් පොළවල් ද, දිය පාරක් අසලින් අවශ්‍ය විය. බොහෝ මුස්ලිම් ජනාවාසවල කේන්ද්‍රස්ථානය වුයේ එ වැනි නැවතුම් පොළවල්ය.
    ploughing-the-rice-fields-434x339.jpg
    10-bathing-at-colombo-434x286.jpg

    පයිබස් පසු කළ මුස්ලිම් ගම්මාන කිහිපයක් ඔහු විස්තර කරයි. පඟරාන එවැනි එක් ගමෙකි. නිවාස දොළසකින් පමණ සමන්විත මේ ගමේ වැසියන්ට කුඹුරු ඉඩම් තිබුණු අතර, ප්‍රධාන වශයෙන් මී හරකුන් ගෙන් සමන්විත පනහක හැටක පමණ ගව පට්ටියක් ද විය. ගොබවිතැන් බත් කිරීමට උචිත අයුරින් පඟරාන කවුඩුල්ල ඔය ඉවුරේ පිහිටා තිබුණු හෙයින් සමහර ගම්මු ගොවිතැන් කටයුතු සඳහාම එහි පදිංචිව සිටියහ. ඒ ඔය අසබඩ ම පිහිටි නුදම්මන ගම මුස්ලිම් ගෙවල් දස දොළසකින් පමණ සමන්විත විය.

    ගෙවල් හතඅටකින් සමන්විත, ගවයන් තිහහතලියක් සිටි නිකවටන පයිබස් විස්තර කළ තවත් ගම්මානයකි. දහඅට වන සියවසේ අග භාගය වන විට රට අභ්‍යන්තරය කරා විහිදි ගිය වෙළඳ මාර්ග දිගට කුඩා මුස්ලිම් ජනාවාස බිහි වී තිබුණු බැව් පැහැදිලි වේ. වැඩි වුව හොත්, නිවාස දොළසකින් පමණ සමන්විත වූ ඒ ගම්වල වැසියන් ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වෙළඳාම වූවත්, ජලය ලබාගත හැකි ස්ථානවල ඔවුහු වී ගොවිතැන ද කළහ. ප්‍රවාහණ කටයුතු සඳහා මෙන්ම ගොවිතැන් කටයුතු සඳහාත් ඔවුහු ගවයන් ඇති කළහ. එදිනෙදා අදින ඇඳුම් සඳහා රෙදි විවීම ද ඔවුන් ගේ එක් කර්මාන්තයක් ව ූඅතර, ඩඑය කළේ ස්ත්‍රීපන් විය හැකිය. මහනුවර විසූ දිසාවට බදු වශයෙන් රෙදි කොටසක් බැගිපන් දීමට එක් එක් පවුලකට සිදු විය.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    1762 දී පවා උඩරට රජුගේ බලය තිරිකුනණාමලය අවට ප්‍රදේශවල, ඔහුගේ මුස්ලිම් හා දෙමළ වැසියන් අතර පවා, තදින් පැතිරි තිබුණු බැව් පයිබස් ගේ විස්තරයෙන් පෙනේ. මුතුර්හි ගම්මුලාදෑනියා රාජකාරිය සඳහා ගැමිබයන් කැඳවු අතර ඉන් සමහර දෙනෙක් රජුගේ ආගන්තුකයා, ඒ නම් පයිබස් කැටුව යාමට සහ ඔහුගේ ආවතේව කිරීමට යොදවනු ලැබූහ. පයිබස් ගමන් කළ පල්ලැක්කිය ඔසවාගෙන යාමත්, ඔහුට බත් සහ කුකුලූ මස් වැනි ආහාර සැපයීමත් ඇතැමුන් ගේ රාජකාරිය විය. දෙමළ පවුලකට අයත් නිවසක ඔහු රාත්‍රිය ගත කළ අතර, එයද ඔවුනට නියමිත වු රාජකාරියේ කොටසක් වූයේය. මේ ආකාරයට, රජුගේ ආගන්තුකයා වූ තානාපතිවරයා (පයිබස්) දිස්ත්‍රික්කයේ සීමාව පසු කරන තුරුම ඔහුගේ වුවමනාවෙන් පිරිමසාලීමට එම දිස්ත්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් වගබලා ගත්හ. දිස්ත්‍රික්ක සීමාවේ දී ඊළඟ දිස්ත්‍රික්කයේ ගම්මුලාදෑනිවරුන් ඒ වගකීම බාරගත් අතර තානාපතිවරයා අගනුවරට පැමිණෙන තුරුම මේ ක්‍රමය අනුගමනය කරනු ලැබීය.

    ක්‍රිස්තු පූර්ව කාලයේ සිට සිංහල රජවරුන් ගේ ධාන්‍යාගාරය වූ දීඝවාපිය මඩකලපු ප්‍රදේශයේ පිහිටියේය. දුටුගැමුණු රජු (ක්‍රි. පූ. 111 – 137) යුද කටයුතුවලට සුදානම් වීම සඳහා ගොවිතැන් කටයුතු මෙහෙය වීමට ඔහු ගේ මලණුවන් වූ සද්ධාතිස්ස කුමරුන් යවනු ලැබුවේ එම ප්‍රදේශයටය. වාරි ශිෂ්ටාචාරෙඉය් බිඳ වැටීමත් සමග මේ ප්‍රදේශය, සෙනරත් රජුගේ රාජ්‍ය සමය දක්වාම වල් බිහි වී විනාශ වී තිබිණි. පෘතුගීසීන්ට විරුද්ධව සෙනරත් රජු මෙහෙය වූ යුද කටයුතු සඳහා සුදානම් වනු පිණිස මේ ප්‍රදේශයේ වී ගොවිතැන යළි ආරම්භ කිරීමට ඔහු දෙමළ සහ මුස්ලිම් පිරිස් විශාල සංඛ්‍යාවලින් මේ ප්‍රදේශයේ පදිංචි කරවු බැව් අපි දුටුමු. මේ ප්‍රදේශයේ ප්‍රධාන වී නිෂ්පාදන ප්‍රදේශයක් වශයෙන් වර්ධනය බවිය. එහිදි මඩකලපුවේ අතිරික්ත වී ඒවා අවශ්‍ය දිවයිනේ වෙනත් පළාත්වලට ගෙන යනු ලැබීය. මහනුවර සිට මිණිපේ වෙල්ලස්ස හරහා මඩකලපුව දක්වා විහිදුණු මාර්ග තිබුණු අතර ඒවා දිගට මුස්ලිම් ජනාවාස බිහි විය. කොට්ටියාර් සහ මඩකලපුව වරායවලට යාත්‍රා කළ සම්පත් නම් කුඩා යාත්‍රා සිය ගණනින් දකුණු ඉන්දියාව සමග උද්‍යෝගවත් ව වෙළෙඳ කටයුතු වල යෙදි සිටි බැව් පෙනේ.

    පුත්තලම සහ කල්පිටිය වරායවල් ජනබහුල සරුසාර හත්කෝරලයට සම්බන්ධ විය. හත්කෝරලයේ නිෂපාදන, ප්‍රධාන වශයෙන් පුවක් සහ සහල්, මුස්ලිම් වෙළෙන්ඳන් විසින් තවලම් මගින් කල්පිටිය දක්වා ගෙනයාමට සිදු විය. මදුරාපුරයේ සහ තන්ජෝරයේ සිට පැමිණෙන විශාල යාත්‍රා සාමාන්‍යයෙන් කල්පිටියේ නැංගුරම් ලු බැවින් එසේ කිරීම අවශ්‍ය විය. පුත්තලම් – කල්පිටි වෙරළ තීරුව දිගට විශාල මුස්ලිම් ජනගහනයක් කේන්ද්‍රගත ව සිටි අතර කුමාර වන්නිය නම් වූ ඒ ප්‍රදේශයේ ප්‍රධානයන් ගෙන් යටත් පිරිසෙයින් එක් තැනැත්තෙක් හෝ මුස්ලිම්වරයෙක් වූයේය. ඔහු පුත්තලමේ දිසාව යටතේ ක්‍රියා කළේය. ඔහුගේ බල සීමා ප්‍රදේශය තුළ මුස්ලිම් මෙන් ම සිංහල ගැමියෝද වූහ.
    යුරෝපීය ජාතිකයන් බටහිර මුහුදු තීරය දිගට පැළ පදියම් වී සිටිය බැවින් උඩරට රාජධානියේ දකුණු හා නිරිත දිග ප්‍රදේශවල අයට මුහුදට ප්‍රවේශ වීමේ ඍජු මාර්ගයක් නොවීය. එබැවින්, වෙළඳ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම සිදුවුයේ දේශ සීමාවේ පිහිටි රුබවන්වැල්ල, සීතාවක සහ කටුවන නගරවලදීය.
    මුස්ලිම්වරුන් තම තවලම් සමග මේ නගරවල වෙළහෙළඳාමේ යෙදුණු බැව් කිහිප තැනකම සඳහන් වී තිබේ. උඩරට රාජධානීයේ නිෂපාදන රුවන්වැල්ලේ දි සහ සීතාවක දී කොළඹ වෙළඳපොළට ලබාගත හැකි වු අතර කටුවනදී දකුණේ වෙළෙඳුන් සමග ගනුදෙනු සිදු කරන ලදී.
    view-of-the-harbor-of-trincomale-434x341.jpg
    View of the harbor of Trincomale


    mosque-cinammon.jpg
    Mohammedan Mosque, Cinammon Gardens, Colombo, Ceylon 1920

    201827.jpg
     

    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    [/URL]
    එදත් අදත් මේ කට්ටිය රටේ නිශ්පාදනයට නම් හවුල් වෙනවා අඩුයි :dull:
    කවුරු හරි හදපු එකක් කුණු කොල්ලෙට අරං වැඩි ගාණට විකුණන එක නෙ කරන්නෙ :P
     
    • Like
    Reactions: chanaka chana