ආදරය කියන්නේ හිත් වල ඇතිවෙන හැඟීමක්...හිත පිරිසිදු නම් තමයි ඒ හැඟීමත් පිරිසිදු වෙන්නේ...සිතුම් පැතුම් ආකල්ප ඔක්කොම අපි හදා ගත්ත ඒවා....එහෙම නැතුව මනුස්සයා මේ ලෝකෙට එන්න කලින් තිබ්බ එවා නෙමෙයි...මම නම හිතන්නේ ආදරයේ පිරිසිදු අපිරිසිදු බව තීරනය වෙන්නේ ආදරය මත නෙමෙයි...ඒ ආදරය කරන හිත් මත...ඒක නිසා අපිට කියන්න බෑ ආදරය ඉතාම පවිත්‍රයි...ඒත් එක අපවිත්‍ර කරන්නේ අපි කියලා...
අපි කරන්නේ අපිට වාසි විදිහට ඒකට නිර්වචන දෙන එක...
![]()
ඉතින් හිත කාගෙ ද? අපේ නේද? හිත පිරිසිඳු නම් ආදරයත් පිරිසිඳුයි කියල ඔයාම කියනවනෙ? ඒක නිසා අපිට කියන්න බෑ ආදරය අපිරිසිඳුයි කියල. මොකෝ එක එක්කෙනාගෙ හිත් විවිධයිනෙ. සමහර හිත් පිරිසිඳු අය ඉන්නත් පුළුවන්නෙ. ආදරය කියන දේ මනුෂ්‍යාට විතරක් පොදු දෙයක් කියල කියන්න අපහසුනෙ. සත්වයන්ට සමහර දේවල උරුම වෙන්නෙ ජාන වලින්. ඒ උරුමයන් පරිසර සංසිද්ධින් සමඟ මුසුවෙලා විවිධ ස්වරූප ගන්නව. පරිණාමය වෙද්දි ඒ දේවල් වෙනස් වෙනව. මේ ලෝකයට එන්න කලිනුත් දේවල් මනුෂයෙකුට බලපානව. මව්කුස තුළදීත් මනුෂ්‍ය පාණියාට යම් බලපාන දේවල් තියනවනෙ. අපි දන්න දේවලට වැඩිය නොදන්න දේ වැඩි නිසා මේ දේවල ගැන මෙහෙම තර්ක කරන්න බෑ කියලයි මගේ හැඟීම.

සරල දේ ආදරය පිරිසිඳු ද අපිරිසිඳු ද යන දේට වඩා අපේ සිත පිරිසිඳු ද අපිරිසිඳු ද යන්නයි. අපේ සිත් අපිරිසිඳුයි. ඉතින් අපි ඒ අපිරිසිඳු බව ආදරය අපිරිසිඳුයි කියල ඒ විදියට ම අපිරිසිඳු දේ කරල තවත් වැඩිකර ගන්නවා ද නැත්තම් අඩුකරගන්න උත්සහ කරනවා ද කියන එකයි වැදගත් දේ. මේක මගේ අදහස පමණයි. අනිත් අයගෙ අදහස් මීට වෙනස් වෙන්න පුළුවන්නෙ

Last edited:

