දුම්බීමේ ප්‍රතිවිපාක Dangers Of Smoking

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දුම්බීමේ ප්‍රතිවිපාක Dangers Of Smoking

    දුම්බීමේ ප්‍රතිවිපාක


    රටක් වශයෙන් ගත්ත ද පවුලක් වශයෙන් ගත්ත ද පන්ති භේදයකින්, ආගම් භේදයකින් හා කුල භේදයකින් තොරව මුලූ ජන සමාජයම ගොදුරක් බවට
    smoking_1a.jpg
    පත්කරගෙන තිඛෙන වර්ථමානයේ උග්‍රවු ගැටලූවකි දුම්පානය. මෙම උවදුර කොතරම් උග්‍රවු එකක්ද යන්න වටහා ගැනීමට ඒ සදහා එනම් දුම්වැටි විරෝධි දිනයක් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රකාශකර තිබීමම ප්‍රමාණවත්ය, මෙය සෑම වසරම මැයි 31 දිනය ප්‍රකාශයට පත්කොට ඇත. නමුත් මෙවැනි දිනයක් ප්‍රකාශ කිරීමෙන් පමණක් මෙම දුම්පානය පාලනය කලහැකි. යැයි කිසිවකු සිතන්නේ නම් එය තමා තමන්වම රවටාගැනීමක් පමණි. මෙම දුම්වැටිය මෙලොවින් තුරන් කිරීමට නම් ඒ සදහා පුලූල් දැනුවත් කිරීමක්ල ක්‍රියාකාරී සැලැස්මක් සහා දැඩි නිීති රාමුවක් අවශ්‍ය වේ.


    මෙම දුම්පානය පවුලේ ආර්ථීකයට මෙන්ම රටක ආර්ථීකයට ද සෘජුවම බලපානු ලබයි. අප රට සැලකුවිට. වාර්ශිකව ලබන බදු මුදලට වඩා වැඩි මුදලක් මෙම දුම්පානයෙන් හටගන්නා රෝගයන් සදහා වැය කිරීමට රජයට සිදුවී තිඛෙන බව මෑතකදී කල සංඝනනයක් පෙන්වා දී තිබේ. රටේ ආර්ථීකයට සෘජුවම මෙය බලපාන අතර මීට සමාන්තරව බලපානු ලබන තවත් ප්‍රධාන ගැටලූවක් වන්නේ තරුණ පිරිස මෙම දුම්වැටියට ඇබ්බහිවී සිටීමයි. රටක සංවර්ධනයේ ප්‍රධාන සාධකය වන තරුණ ශ්‍රමය මේ නිසා නිසි ආකාරව රටට නොලැබී යයි. අද අප රටේ 70% ක තරුණ පිරිස මෙම දුම්වැටියට ඇබ්බැහිවී සිටින බවත්, පාසැල් යන වයසේ පසුවන ළමුන්ගෙන් 60% ක් මෙයට ඇබ්බහිවී සිටින බවත් ගනන් බලා ඇත. මෙය අපවැනි සංවර්ධනයට වෙරදරන රටකට උග්‍රවු ගැටලූවකි. වර්ථමානයේ දියුණු වු රටවල් මෙම දුම්වැටිය තහනම්
    Oral%20Cancer.jpg
    කරමින් හා විවිධ නීති මගින් පාලනය කරමින් පවතිද්දී අප වැනි දුප්පත් රටක් මේ පිලිබදව අවදානය යොමු නොකර සිටීම ඉතාමත්ම කණගාටුදායක තත්වයකි.

    මෙම දුම්වැටි භාවිතයෙන් ඉහත ආකාරයේ ආර්ථීක ගැටඑ ඇතිවෙනවා මෙන්ම භයානක රෝගී තත්වයන්ට ද මුහුණදීමට සිදුවෙන බව අප සියලූදෙන හොදින් දන්නා සත්‍යයකි. මෙය වටහාගැනීමට වෙනම වෛද්‍ය උපදෙස් අවශ්‍ය නොවේ. එය තේරුම් ගැනීමට එම දුම්වැටි ඇසුරුමෙහි සදහන් —දුම්පානය මගින් පිලිකාව වැලදිය හැක˜ යන අවවාදයම හොදටම ප්‍රමාණවත්ය. මෙම දුම්පානය මගින් වැලදෙන රෝගි තත්වයන් පිළිබඳව අවධානය යොමුකිරීමට පෙර එහි අඩංගු ප්‍රධාන විෂ රසායනික ද්‍රව්‍යන් පිළිබඳව අවධානය යොමු කරමු.
    ඇසිටෝන්
    කාබන්ඩයොක්සයිඩ්
    ඇමෝනියා
    පොලෝනියම් 216
    නැප්තලමයින්
    ඩෙන්සපරීන්
    යුරිකේන්
    ඩී සී ටී 216
    මෙතනෝල්
    වයිනල් ක්ලෝරයිඩ්
    ආසනික්
    කැඩ්මියම්
    හයිට්රජන්
    ටොලිසියඩින්

    ඉහත රසායනික ද්‍රව්‍යන්ට අමතරව උත්තේජක වර්ගයන්ද විශාල ප්‍රමාණයක් දුම්වැටි නිෂ්පාදනයේ දී යොදාගනී. මෙම උත්තේජකවල නම් රහසිගතව ආරක‍ෂා කරන බවත්, එම උත්තේජවලින් 40 පමණ පිලිකා රෝගය ඇතිකරවන්න සෘජුවම බලපාන බවත් පරියේෂණවලින් තහවුරු වී ඇත.
    ඉහත සදහන් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු දුම්වැටි භාවිතා කිරීම නිසා ඉතා භයානක රෝග විශාල ප්‍රමාණයකට මිනිසාහට ගොදුරුවීමට සිදුවේ ඒවායින් කිහිපයක් නම්:’
    එහි අඩංගු විෂ ද්‍රව්‍යනිසා විවිධ ආකාරයේ පිලිකා රෝග.

    ස්නායු දුර්වලවීම නිසා හදවතෙහි ක්‍රියාකාරිත්වය දුර්වල වී හෘද ආබාධ.
    ශරීර අභ්‍යන්තර පටලයන් මෙම දුමට විනාශ වන නිසා උදරයේ තුල සුව නොවන තුවාල.
    ස්නායු දුර්වලවීම නිසා ලේ ගමන නිසි අයුරින් සිදුනොවීමෙන් ශරීරය දුර්වර්ණ වීම.
    මෙහි අඩංගු විෂ ද්‍රව්‍ය නිසා මොළයෙහි විවිධ ආබාධ.
    දුම්වැටියෙහි දුම නිසා පෙනහල්ලෙහි ඇතිවන රෝගිතත්වය නිසා සුවනොවන කැස්ස.
    ස්නායු දුර්වලවීම නිසා හෘදය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වේගයෙන් ක්‍රියාකිරිම තුලින් පපුවෙහි දැඩි වේදනාව.
    පපුවේ අදික වේදනාව නිසා වෙහෙසකාරී ක්‍රියාවල නිරතවීමට නොහැකිවීම.
    අඩු වයසින් හෘදය ආබාද ඇතිවන පිරිසගෙන් 90% දුම්පානය කරන්නන්වීම.
    ඉහත සදහන් රෝගි තත්වයන්ට දුම්පානය නිසා සෘජුවම මනූෂ්‍යා ගොදුරුවන අතර මීට අමතරව වෙනත් අතුරුවිපාක බොාහා්මයක් මෙම දුම්පානය නිසා පවතී. එයින් ප්‍රධාන වන්නේ මෙම දුම්පානය නොකරන්නන් ඔවුන් නොදැනම එයට ගොදුරුවීමයි. දුම්වැටියක් උරා පිටකරන දුම තවකෙකු ආශ්වාස කිරීම තුලින් ඉහත සදහන් රෝගී තත්වයන් ඔහුටද ඇතිවීමේ සම්භාවිතාවයක් පවති. මෙම තත්ත්වය ඉතා ප්‍රබලව ගැබිනි මව්වරුන්ට බලපාන බව පරීයේෂණ මගින් සනාථවී ඇත. මෙවැනි විවිධ හේතුන් මගින් ලෝකයේ වසරකට මිය යන මිනිස් සංඛ්‍යාව ලක‍ෂ 30 ක් බවට ගනන් බලා ඇත.

    මෙතරම් අතුරු විපාක ඇති මෙම දුම්පානය කිසිදු පාලනයක් අප නොකලත්, අතීතයේ මේ සදහා දැඩි දඩුවම් ලබාදී ඇති බව ඉතිහාසය පෙන්වාදේ. උදාහරණයක් ලෙස මුරාත් නැමති රජෙකු විසින් දුම්පානය කරන්නන් හට මරණ දඩුවම ලබාදුන් බවද, පළමු ශා අබ්බාස් රජු විසින් නාසය කපාදැමු බවද, ශා ශෆී (1629) රජු විසින් කටට උණු ඊයම් වත්කල බවද, ලෝක ඉතිහාසයේ සදහන් වේ. මෙම දඩුවම් නිවරුදි දඩුවම් නොවුවත් එදා එම සමාජය මෙය බරපතල වරදක් බව වටහාගෙන සිටී බව මින් තහවුරුවේ. එදා නොඋගත් සමාජය තේරුම්ගත් තරමින්වත් අද බුද්ධියේ ඉනිපෙත්තේ සිටින කෙනෙකුට වටහාගැනීමට නොහැකිවීම ලැජ්ජාවට කරුණක් නොවේද?.




    wm22dangersofsmoking.lrg.jpg
    Smoking-Effect.jpg
    Quit Smoking before you got this Disease

    Smoking-Effect-3.jpg
    මෙහෙම වුනානම් කාපු කෑමත් හැලෙනවා


    :baffled::baffled:


     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සිගරට් බොන එක අත්හරින්න ඕන,
    ඒත් අත්හරින්න අමාරුයි.බොන්නේ කැමැත්තෙන් නොවෙයි.ඒත් නොබී ඉන්න බැහැ.එහෙමනේද?

    මේ ක්‍රම උත්සාහ කරල බලන්න.
    දුම්බීම අත්හැරීමෙ ක්‍රමවේදයන්/රහස්

    :):)




     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    බොහොම වටිනා පණිවිඩයක්...ඔන්න සිගරට් බොන ඔක්කොටොම හොද පාඩමක්..:shocked::shocked: