චුල්ල දුට්ඨ ගාමිණි කතා වත්ථුව | The Story Of Dutugemunu Junior
යටගිය දවස බරණැස් නුවර මායාවතී නම් රැජනක දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල රාජපක්ෂද්වීපයෙහි කල්‍යාණි පුරවරයට නුදුරු ක්ෂීරභාත්පුර (වත්මන් ව්‍යවහාරට අනුව ‘කිරිබත්ගොඩ’) නම් වූ පසල් දනව්වෙක කාකවණ්ණතිස්ස පරම්පරායෙන් පැවත එතැයි පතළා වූ චුල්ල දුට්ඨ ගාමිණි හෙවත් සුළු දුටුගැමුණු නම් වූ මුග්ධ, අසත්පුරුෂ සාමාන්තයයෙක් මැරකමින් හා දුෂ්ඨකමින් ආණ්ඩු කරන්නාහුය.
මේ දුර්ජනයාගේ ජඩකම් කෙතෙක්ද යත්: මොහු ආලවකයා බඳු මැරයෙක; වෙසමුණියා බඳු රාක්ෂයෙක; අසළ සගයිනට අපාය සහායකයෙක; දනව් වැසියනට දේවදත්තයාගේ සුළු පියා වැන්නෙක; බුදුන්ට ගල් පෙරළනවා මතු නොව බුදු පුතුන්ගේ අංග ජාතයද මිරිකා වද දෙන්නට සමතෙක; සත්පුරුෂ සමාජයෙහි සියළු සුසිරිත් බැහැර කළා වූ, තම මෑණියන්, දියණියන් සමඟ වුව මෛථුනයේ යෙදෙන්නට හැකි තිරිසනෙක. උහු පූජාච පූජනීයානං ලෙසින් වූ ගෞතම බුද්ධ වචනය අළුයම ලූ වර්චස් පිඬක් පරිද්දෙන් පිටලා උතුමන්ට පරුෂ වචනයෙන් ආක්‍රොශ පරිභව කිරීමේද පසුබට නොවන්නාහ. අසුචි වලෙක වැටුණු කැණහිලකු සේ සතර අත දුර්ගන්ධය පතුරන්නාහ. රා පෙවූ නාලාගිරියා ද මූ දැක, “මූ මගේ අංගජාතයද මිරිකත්දෝ”යි භීතියෙන් හිස් ලූ ලූ අත දිවෙන තරමටම ප්‍රචණ්ඩහ. පොළොවේ වැලි කැටයක් කැටයක් ගානේ දුර්ගුණ කී නමුත් පොළොවේ වැලිකැටම අහවර වන්නේය. මේ පාහරයාගේ දුර්ගුණ අහවර නොවන්නේය.
චුල්ල දුට්ඨ ගාමිණියා නිතොර ක්ෂිරභාත්පුර වැසියන්ට මහත්වූ නොපණත් කම් කරන්නේය. මද්‍ර පානය, මට පඬුරු පාක්කුඩම් නොදී තොපි කවර වරමෙකින් විකුණන්නෙහුද විමසා වාණිජ්‍යයන් පෙළන්නේය. ක්ෂීරභාත්පුර කෙළ තොල්ලනි, වෛශාක උත්සවයන්ට මසුරන් නොසලන තොපගේ මසුරන් යක්ෂාරූඪයෙන් ගන්නා සැටි දනුම්හ කියා වහසි බස් දොඩන්නේය.
‘තුන් ලෝ තමා නතු කළ රවුළු සොහොයුරු-තුන් වේ ඇදුරු පුලසිතුකුල මිණි මිතුරු’ ඈ වශයෙන් සැළලිහිණි සංදේශ කතුවර, ෂඩ් භාෂා පරමේශ්වර, තොටගමුවේ සිරි රහල් මාහිමියන් විසින් වර්ණිත, පෙර කල්‍යාණි නදී තීරයෙහි සිය අණසක පතුරුවා සිටි මහ බලැති විභීෂණ දිව්‍යරාජයෝද චුල්ල දුට්ඨ ගාමිණියාගේ නම ඇසූ පමෙණෙකින් “මම කවර බලැත්තෙක් වෙම්ද, මේ නොවැ බලවතා”යි දියෙන් ගොඩ ගත් මසකු සෙයින් සට සට ගා වෙව්ලා ගොස් චොර චොර ගා සුළුදිය හෙළන්නෝය.
මේ අමනයාගේ දුෂ්ඨකම් තවදුරෙටත් ඉවසා ගත නොහී හුදී ජනයෝ අරලිය රුක්ක පාසාදයට පිවිස, යුගාන්ත සූර්යයෝපමාන චණ්ඩ මුත් නිශාකර චන්ද්‍රෝපමාණ සංවේදී, ප්‍රභකර කුම් බිඳි කෙසරිඳු බඳු අප මහ රජ්ජුරුවන් වහන්සේට උන් දුර්ගුණ කියන්නෝ,පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස, නුඹ වහන්සේ රාත්‍රිය මුළුල්ලේ නිදි වර්ජිතව මහත් ආයාස ගෙන දොවනා කිරිකළයටම මූ උදාසන ගොම නොදමත්දෝයි ඇසූහ.
එබසට මහ රජ්ජුරුවන් වහන්සේ පිළිවදන් දෙන්නෝ, මුගේ හත් මුතු පරම්පරාවම අප පිය මහරජානන් වහන්සේගේ රජ වාසලේ වාල් වැඩ කළහ; මූ ද මා පැටි වියෙහි සළුවෙහි සුළුදිය පෙරා ගන්නා කාලයේ පටන් දනුම්හ; එකල ශෘංගාරෝත්පාදක වස්තුවෙක් (වත්මන් ව්‍යවහාරට අනුව ‘එළ කෑල්ලක්’)වූ මුගේ මෑණියන්ඳෑ අප පිය මහ රජතුමන් වහන්සේගේ අන්තඃපුර ස්ත්‍රියක්ද වූවාය; මුගේ සනුහරයම අපට වාල් වැඩ කළ හෙයින්දෝ මූ තවමත් අප දුටු වන්හි හතර ගාතය දා බිම දිග ඇදී නමස්කාර කරන්නේය; එසේ හෙයින් නිවට අමුණුගමයා පශ්චාත් භාගයට පයින් ගසා එළවූ සෙයින් මා කවර හිතෙකින් නම් මුගේ පශ්චාත් භාගයට පයින් ගසා රජ වාසලින් එළවම්දැයි ඇසූහ.
එබස් ඇසූ හුදී ජනයෝ ඉච්ඡා භංගත්වයට පත්ව, ඉදින් කාරණා කාරණ එසේ නම් මූ කිරි කළයට ගොම නොව අසුචි මුසු කළත් නුඹ වහන්සේම පානය කරනු යහපතිය කියා කල්‍යාණි නදී තීරයෙහි පැල් බැඳ, ක්ෂීරභාත්පුරය මේ ජඩයාගෙන් මුදා දෙනු මැනැවැයි දෙවි මිනිස් සකල සත් පුරුෂයින්ට ආයාචනා පූර්වකව සත්‍යක්‍රියා කළෝය.
මෙත් සිතින් හා සද් භාවයෙන් කළා වූ මේ ආයාචනය, එය ඇරැඹී දින සතෙකින් ශක්‍ර දේවේන්ද්‍රයානන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය හුණු කළේ, ‘දහසක් දිවැස් ඇති-සදෙව් ලොවටම අධිපති-මට ඉඳුරු දික්පති-දනෝ සක් දෙවිඳු යැයි පවසති- මැයින් මහා නේත්‍ර ප්‍රසාද මූල වීදාගම මහ තෙරණුවන් විසින් වර්ණිත සක් දෙවිඳු කල්‍යාණි නදී තීරයට මත්තෙන්, තම මහත්වූ රශ්මි කදම්බයන් ප්‍රදර්ශනය කෙරෙමින්, අසුරු සැණෙකින් ප්‍රාදුර්භූත කරවමිනි.
සක් දෙවිඳු තමන්ට වැඳ සිටින හුදී ජනයා අමතන්නෝ, එම්බල නර පණුවෙනි, චුල්ල දුට්ඨ ගාමිණියාට අන්තරායක් වෙතොත් මාද නතර වනු ඇත්තේ එක්නැළිගොඩ මානවකයා සේම ශ්වේතවර්ණ රථයකයැ; එබැවින් වෙනත් උපායයෙක් යොදමියි කියා රාත්‍රි කාලයෙහි උන් ස්වකීය දියෙණියන් සමඟ රති සුව විඳ අහවරව, ඇගේ ළැම පුන් තිසරුන් මත හිස තබා සැතැපෙත්දී චුල්ල දුට්ඨ ගාමිණියාගේ අංග ජාතය, එය තුබූ තැන රෝමකූපයෙක වත් සලකුණක් ඉතිරි නොකොටැ සොරා ගත්තෝය.
චුල්ල දුට්ඨ ගාමිණියාද උදාසන පිබිද, පෙර දින රාත්‍රී බිවූ රා කළ හතෙක මුත්‍රා බරින් සුළුදිය පිට කරන්නට අංග ජාතය සොයන්නෝ, ඒ නොදැක, ඩහදිය පෙරා ගෙනැ දුව ගොස්, අරලිය රුක්ක පාසාදයෙහි රාජකීය සන්ථාගාරයට වැද මහ රජතුමාණන් අබිමුවෙහි එකත්පස්ව හිඳ “මහ රජතුමෙනි මහත් වූ පැණෙයෙක් ඇත්තේය” කියා සළුව ඔසවා අංග ජාතය නැති බව දැක්වූහ. මහ රජතුමාණන්ද “මූ අනුන්ට සළුව ඉස්සුවාට කම් නැත, මා දේවියද ඉදිරිපිට නිර්ලජ්ජිතව සළුව උස්සා පෑයේ නොහොබිනාකමය”යි දණ්ඩෙන් පහර ලද නාග රාජයකුසේ කිපී, “තට තගේ අංගජාතය රැකැ ගනු බැරිවුනාට මා පළිද; දැන් ගොස් රන්න පොනිල් අමාත්‍යවරයාගේ අංග ජාතයවත් ගෙන තගේ අධෝ මාර්ගයෙහි රුවා ගනුව”යි මොර ගෑය.
හිමාල ගිරි ශිඛර පද්ධතිය සසල කරමින් ගිජිඳුන්ගේ කර්ණ සංඛ පටල එක්ෂ්ණයෙහි ඛණ්ඩනය කිරීමෙහි තරම් සමත් වූ ඒ මේඝ ගර්ජනා ඇසීමෙන්ද, පෙර ස්වකීය උසුළු විසුළුවට ලක් වූ රන්න පොනිලයා උන් අංග ජාතය තම අධෝ මුඛයෙහි රුවනු මැවී පෙනීමෙන්ද චුල්ල දුට්ඨ ගාමිණී තෙමේ රා කළ සතෙක මහත් වූ මුත්‍රාබරින් මැඬී ගියේ, මුත්‍රා පිටකොට ගත නොහී, ජූජකයා කුස පැළී මළාක් සේම, එතැනම මුත්‍රාශය පැළී මළේය. එ දුටු ක්ෂීරභාත්පුර වැසියෝද තිස් තුන් කෝටියක් දෙවිදේවතාවෝද “උන්ට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදුන්නේය”යි පහන් සංවේගයෙන් යුතුව සත් දිනක් නොකඩව සාධුකාර දුන්නු.
(හුදී ජන පහන් සංවේගය පතා තාබු විසින් රචිත චුල්ල දුට්ඨ ගාමිණි කථා වත්ථුව මෙතෙකින් නිමියේය. සියළු දුශ්චරිතයෝ මනඃකල්පිතයහ.)
Original Post :- http://taboosubjects.wordpress.com/2010/05/31/152/
All Credit for this article goes to original author Taboo Subjects....!!