pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
37
Colombo 10.
IIFA

ලොවක ආදරය දිනූ සුපිරි තරු ගොන්නක ආලෝකයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඒකාලෝක වන තුන් දිනක උදාව අදින් ඇරඹෙයි. අද සිට ශනි දිනය දක්වා එළඹෙන සති අන්තය ලොව පුරා විසිරී සිටින සිනමා රසික රසිකාවන්ටත් වඩා ශ්‍රී ලාංකේය රසික රසිකාවන්ට සුවිශේෂී වන්නේ් අන්තර් ජාතික සිනමා උළෙලක චමත්කාරය, පුංචි ශ්‍රී ලංකාවට දුලබ අත්දැකීමක් වන නිසයි. භාරතය අපේ අසල්වැසි රට වුවද ඇතැම් භාරතීය සුපිරි තරු ලක්බිමට පැමිණෙන්නේ පළමුවරටය.

විශේෂ දුම්රිය සේවයක්, සුපිරි වාහන 65 ක් භාරතයෙන් පැමිණෙන අමුත්තන් වෙනුවෙන් යොදා තිබේ.


IIFA-AWARDS.jpg


ෂාරුක්ගේ පැමිණීම ස්ථිරයි

ෂාරුක්ගේ පැමිණීම ගැන විවිධ කටකතා පැතිරුණත් තමන් IIFA උළෙලට ස්ථිර ලෙසින්ම සහභාගි වන බව මේ වන විට ඔහු තහවුරු කර තිබේ.
ෂාරුක් මෙන්ම රිතික් රොෂාන්, සල්මන් ඛාන්, සුනිල් ෂෙට්ටි, රිතිෂ් දේශ්මුක් වැනි තරු
IIFA උළෙලට සමගාමීව දියත් කරන ක්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතය. භාරත තරු ගණන වැඩි නිසා තරු කණ්ඩායම් දෙකක් අපේ ක්‍රිකට් තරු සමග තරග වදිති. එක් කණ්ඩායමක නායකත්වය රිතික් රොෂාන් දරන අතර අනෙක් කණ්ඩායමේ නායකයා සුනිල් ෂෙට්ටිය.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමග තරග කිරීමට ලැබීම තමන්ට ගෞරවයක් බව රිතික් පවසයි.


බිම් මට්ටමේ වේදිකාවක් පළමු වරට

IIFA ඉතිහාසයේ බිම් මට්ටමින් වේදිකාවක් ඉදි වන්නේ පළමුවරටයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ගොඩ නැගෙන වේදිකාව තට්ටු තුනකින් යුක්තයි. තරු හා විශේෂ අමුත්තන් කැඳවන්නේ කොළ පැහැ බුමුතුරුණක් මතිනි.
පළමුවරට බී බී සී ගුවන් විදුලියෙන් ද
IIFA උළෙල ප්‍රචාරය කෙරෙයි.

අර්ජුන් පැමිණෙන්නේ නැහැ

‘රාජ්නීති’ සිනමා පටයේ ප්‍රවර්ධන කටයුත්තක් නිසා අර්ජුන් රාම්පාල්ට IIFA උළෙලට සහභාගිවීමට වාසනාවක් ලැබෙන්නේ නැත.
තමිල්නාඩුවේ නළු නිළියන් විරෝධය පෑවත්, සම්මාන උළෙලේ තානාපති වන අමිතාබ් බච්චන් අනිවාර්යයෙන්ම පැමිණෙයි.
බොලිවුඩයේ නැගී එන තාරකාවක වන අපේ ජැකලයින් ෆර්නැන්ඩස් IIFAවර්ණවත් කරන්නේ උපන් රටට අභිමානයක් එක් කරමිනි.
මයික්‍රොමැක්ස් IIFA සම්මාන රාත්‍රිය කුල්මත් කරන්නන් අතර සල්මන්, බිපාෂා, රිතිෂ් දේශ්මුක්, විවේක් ඔබරෝයි හා අපේ ජැකලයින් ද වෙති.
සම සත්කාරක නිළිය ලාරා දත්තායි. බෝමන් අයිරානි, රිතිෂ් දේශ්මුක් උළෙලේ සම සත්කාරක නළුවන්ය.
සිනමා සම්මාන පිරිනැමෙන්නේ ජූනි 5 වැනි දින එළඹෙන උත්කර්ෂවත් රාත්‍රියේදීයි.

සම්මාන නාමාවලිය


එකොළොස් වැනි සම්මාන උළෙලේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් කවුරුන්ද? කුතුහලය දනවන එම ගැටලුවට පිළිතුරු ලබා ගැනීමට ජූනි 5 වැනි දිනය වනතුරුම බලා සිටීමට අපට සිදු වෙයි.

අලුතින් සම්මාන ලබන්නන් ගැන කුතුහලයෙන් සිටින මේ මොහොතේ අතීත සම්මාන පිළිබඳව පුංචි මතකයක් නංවා ගැනීම ද මිහිරක් ගෙනෙන අත්දැකීමකි.
මේ 2000 වසරේ සිට 2009 දක්වා හොඳම සිනමා පටය, හොඳම නළුවා, හොඳම නිළිය යන ප්‍රධාන සම්මානවලට හිමිකම් කී නාම ලේඛනයයි.
වසර 2000
හොදම චිත්‍රපටය – හම් දිල් දේ චුකේ සනම්
හොඳම නළුවා - සන්ජේ දත් (වාස්තව්)
හොඳම නිළිය - ඓශ්වර්යා රායි (හම් දිල් දෙ චුකේ සනම්)
වසර 2001
හොඳම චිත්‍රපටය – කහෝ නා ප්යාර් හයි
හොඳම නළුවා - රිතික් රොෂාන් (කහෝ නා ප්යාර් හයි)
හොඳම නිළිය – කරිෂ්මා කපූර් (ෆිසා)
වසර 2002
හොඳම චිත්‍රපටය – ලගන්
හොඳම නළුවා - අමීර් ඛාන් (ලගන්)
හොඳම නිළිය – තාබු (චාන්දනී බර්)
වසර 2003
හොඳම චිත්‍රපටය - දේව්දාස්
හොඳම නළුවා - ෂාරුක් ඛාන් (දේව්දාස්)
හොඳම නිළිය - ඓශ්වර්යා රායි (දේව්දාස්)
වසර 2004
හොඳම චිත්‍රපටය – කල් හෝ නා හෝ
හොඳම නළුවා - රිතික් රොෂාන් (කොයි මිල් ගයා)
හොඳම නිළිය – ප්‍රීති සින්තා (කල් හෝ නා හෝ)
වසර 2005
හොඳම චිත්‍රපටය – වීර් සාරා
හොඳම නළුවා - ෂාරුක් ඛාන් (වීර් සාරා)
හොඳම නිළිය – රාණි මුඛර්ජි (හම් තුම්)
වසර 2006
හොඳම චිත්‍රපටය – බ්ලැක්
හොඳම නළුවා - අමිතාබ් බච්චන් (බ්ලැක්)
හොඳම නිළිය – රාණි මුඛර්ජි (බ්ලැක්)
වසර 2007
හොඳම චිත්‍රපටය – රන් දෙ බසන්ති
හොඳම නළුවා - රිතික් රොෂාන් (ක්‍රිෂ්)
හොඳම නිළිය – රාණි මුඛර්ජි (කභි අල්විදා නා කෙහෙනා)
වසර 2008
හොඳම චිත්‍රපටය – චක් දෙ ඉන්දියා
හොඳම නළුවා - ෂාරුක් ඛාන්(චක් දෙ ඉන්දියා)
හොඳම නිළිය – කරීනා කපූර් (ජබ් වී මෙට්)
වසර 2009
හොඳම චිත්‍රපටය - ජෝදා අක්බාර්
හොඳම නළුවා - රිතික් රොෂාන් (ජෝදා අක්බාර්)
හොඳම නිළිය – ප්‍රියංකා චොප්රා (ෆැෂන්)

IIFA-AWARDS-5.jpg
IIFA-AWARDS-4.jpg
IIFA-AWARDS-3.jpg


IIFA-AWARDS-2.jpg
IIFA-AWARDS-1.jpg


අන්තර් ජාලයෙනි


 
  • Like
Reactions: thilangr8 and tcpik

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    MEHEMA WESOTH HETA WATER POLO THAMA GAHANNA WENNE ADA UDE PUDUMA WESSAK NE WESSE :O
     

    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    Ado ada da match eka yanne????? Danna kawru hari innawa nm link ekak hari,Details mona hari Diyallakooooooooooooooooo!!!!!
     

    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    37
    Colombo 10.
    ඉන්දීය සුපිරි නළු-නිළියෝ රන්මිහිතැන්නේ චාරිකාවක



    ‘අයිෆා’ උළෙලට සහභාගි වීම සඳහා පැමිණෙන ඉන්දීය සුපිරි නළු නිළියන් රන්මිහිතැන්නේ පිහිටි මහින්ද රාජපක්ෂ සිනමා ගම්මානය වෙත කැඳවාගෙන යාමට රජය පියවර ගෙන තිබේ.
    මෙම චාරිකාව මගින් ආර්ථික වාසි රැසක් ලබා ගැනීමට හැකි වන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
    මෙම උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම තුළින් ශ්‍රී ලාංකීය සිනමාවට මෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයටද වාසි රැසක් අත්පත් වන බව ඇමැතිවරයා අවධාරණය කරයි. රන්මිණිතැන්න සංචාරයෙන් පසුව අනාගතයේදී ඉන්දීය චිත්‍රපට නිෂ්පාදනයට මෙහි දර්ශන තල යොදා ගැනීම පිළිබඳවද හැකියාවක් ඇති බව ලක්ෂ්මන් යාපා මහතා පෙන්වා දෙයි.
     

    pubudu2008

    Member
    Dec 17, 2007
    7,686
    282
    0
    37
    Colombo 10.
    ක්‍රිකට් ක්‍රීඩාවට වාගේම ළමයින්ටත් ආදරෙයි

    - සංගක්කාර
    බොලිවුඩ් තරු සහ ක්‍රිකට් තරු ගැටුම හෙට
    s1006031.jpg
    ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ සුරාජ් දන්දෙනිය, ඉන්දීය නළු විවේක් ඔබ්රෝයි, අයිෆා අධ්‍යක්‍ෂ සුබාෂ් ජෝශප්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ඩී. එස්. ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර සංගක්කාර, යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත පිලිප් දුමෙල්, ශ්‍රීී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු මාධ්‍ය සාකච්ඡාවේදී. ඡායාරූපය - සුලෝචන ගමගේ

    ක්‍රිකට් ක්‍රීඩාවට සේම මා කුඩා ළමයින්ටත් ආදරෙයි. ඒ නිසා යුනිසෙෆ් සංවිධානය සමඟ එක්ව වසර 4ක් කුඩා දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් හා ඔවුන්ගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් කැප වී ක්‍රියා කරනවා’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවැසීය.
    ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූයේ ධ්ධ්ජ්ඒ - උව්ධ්ඛ්ඡ්ජ් එක්ව හෙට කොළඹ එස්. සී. සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ක්‍රිකට් සැණකෙළිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙනි.
    ක්‍රිකට් තරු හා බොලිවුඩ් සිනමා තරු සහභාගී වන මේ ක්‍රිකට් සැණකෙළිය හෙට (4) පෙරවරු 11.00 සිට පැවැත්වේ. කුමාර් සංගක්කාර, රිතික් රෝෂන් හා සුනිල් ෂෙට්ටිගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් සැණකෙළියට ඕවර 10 බැගින් වූ ක්‍රිකට් තරග 3ක් පැවැත්වේ.
    ළමයින් උදෙසා ක්‍රිකට් යන තේමාව යටතේ පැවැත්වෙන ක්‍රිකට් සැණකෙළියෙන් ලැබෙන සියලුම ආදායම එල්. ටී. ටී. ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන්වලට යොමු කිරීමට බලාපොරොත්තු වේ.
    ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ කුමාර් සංගක්කාර පැවැසුවේ ළමා සොල්දාදුවන් යහමඟට ගැනීමේ වැඩසටහනට මෙන්ම ආබාධිත දරුවන්ට ආධාර කිරීමේ වැඩසටහන් සඳහා ද තම දායකත්වය ලබා දෙන බවයි.
    මේ වැඩ කටයුත්තට ඉතා කැමැත්තෙන් එක් වෙන්නේ ළමා අනාගතය යහපත් කිරීමට මෙයින් විශාල සෙතක් සැලසෙන නිසයි. මෙය දිගු කාලීන වැඩපිළිවෙළක්, ඉදිරියේදීත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහයෝගය මේ සඳහා ලැබෙනවා. යනුවෙන් කුමාර් සංගක්කාර පැවැසීය.
    මේ ක්‍රිකට් සැණකෙළියට සිනමා තරු මෙන්ම හිටපු ශ්‍රී ලංකා හා ඉන්දීය ක්‍රිකට් තරු ද එක්වීමට නියමිතය.
    මාධ්‍ය හමුවට එක්වූ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු විවේක් ඔබරෝයි පැවැසුවේ ක්‍රීඩාව හා සිනමාව අත්වැල් බැද ළමයින් වෙනුවෙන් විශාල මෙහෙවරකට සූදානම් බවයි.
    මේ අවස්ථාවට යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත පිලිප් ඩුවාමෙල්, ධ්ධ්ජ්ඒ සිනමා සංසදයේ අධ්‍යක්ෂ ෂබාස් ජෝෂප්, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු ප්‍රධානී ඩී. එස්. ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග හා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජිත සුරාජ් දන්දෙණිය යන මහත්වරුද සහභාගී වූහ.

    ශ්‍රී ලංකා කණ්ඩායම
    කුමාර සංගක්කාර (නායක), සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, අරවින්ද ද සිල්වා, චින්තක ජයසිංහ, උපුල් චන්දන, අවිශ්ක ගුණවර්ධන, ඩී. එස්. ද සිල්වා, දොන් අරුණසිරි, මහේෂ් ගුණතිලක, සිදත් වෙත්තමුණි, රුවන් කල්පගේ, විනෝදන් ජෝන්, අකලංක ගනේගම, අනුෂ සමරනායක, පර්වේශ් මහරූෆ්, බ්‍රෙන්ඩන් කුරුප්පු, නීල් නිතුන් මුකේෂ්, බොබි ඩියෝල්
    අයිෆා XI ඒ කණ්ඩායම
    සුනිල් ෂෙට්ටි (නායක), මහේල ජයවර්ධන, අපූර්වා ලාඛියා, සෝනු සුද්, ඩිනෝ මොරේආ, හර්බජන් සිං, කුනාල් කපූර්, ශ්‍රීී ෂාන්ත්, ෂාර්මන් රෝශිහාමන් බවුජා, මහේෂ් මංජේකාර්, ගුල්ෂාන් ග්‍රෝවරි, ඔම් වෛද්‍යා, ඩේවිඩ් ඩව්වාන්, විපුල් ෂාන්, කුනාල් කෝහිල්, බන්ටි වලිආ ෂාන්
    අයිෆා XI බී කණ්ඩායම
    රිතික් රෝෂන් (නායක), ලසිත් මාලිංග, රාජ් කුමාර් හිරානි, විනෝද් කම්බ්ලි, මොහොමඩ් කායිෆ්, අෆ්ටාබ් ෂිවදාසනි, රිටෙෂ් දේෂ්මුක්, අජේ ජඩේජා, අර්ජාන් බජ්වා, සායිෆ් අලි ඛාන්, විවේක් ඔබ්රෝයි, ඉර්ෆාන් ඛාන්, ජකෙයි බග්නානි, හොල්ඩේ බේහිල්, ෆර්ඩීන් ඛාන්, සහීඩ් ඛාන්, රකේෂාන් ඕම්ප්‍රකාශ් මෙහෙරා, ෂුහායිල් මක්ලායි, කිරාන් මෝරේ.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    DANNA NALUWONTA INNE "සුනිල් ෂෙට්ටි, රිතික් රෝෂන් , සායිෆ් අලි ඛාන්, විවේක් ඔබ්රෝයි, සහීඩ් ඛාන්," WITHARANE :O