IIFA
ලොවක ආදරය දිනූ සුපිරි තරු ගොන්නක ආලෝකයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඒකාලෝක වන තුන් දිනක උදාව අදින් ඇරඹෙයි. අද සිට ශනි දිනය දක්වා එළඹෙන සති අන්තය ලොව පුරා විසිරී සිටින සිනමා රසික රසිකාවන්ටත් වඩා ශ්‍රී ලාංකේය රසික රසිකාවන්ට සුවිශේෂී වන්නේ් අන්තර් ජාතික සිනමා උළෙලක චමත්කාරය, පුංචි ශ්‍රී ලංකාවට දුලබ අත්දැකීමක් වන නිසයි. භාරතය අපේ අසල්වැසි රට වුවද ඇතැම් භාරතීය සුපිරි තරු ලක්බිමට පැමිණෙන්නේ පළමුවරටය.
ලොවක ආදරය දිනූ සුපිරි තරු ගොන්නක ආලෝකයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය ඒකාලෝක වන තුන් දිනක උදාව අදින් ඇරඹෙයි. අද සිට ශනි දිනය දක්වා එළඹෙන සති අන්තය ලොව පුරා විසිරී සිටින සිනමා රසික රසිකාවන්ටත් වඩා ශ්‍රී ලාංකේය රසික රසිකාවන්ට සුවිශේෂී වන්නේ් අන්තර් ජාතික සිනමා උළෙලක චමත්කාරය, පුංචි ශ්‍රී ලංකාවට දුලබ අත්දැකීමක් වන නිසයි. භාරතය අපේ අසල්වැසි රට වුවද ඇතැම් භාරතීය සුපිරි තරු ලක්බිමට පැමිණෙන්නේ පළමුවරටය.
විශේෂ දුම්රිය සේවයක්, සුපිරි වාහන 65 ක් භාරතයෙන් පැමිණෙන අමුත්තන් වෙනුවෙන් යොදා තිබේ.
ෂාරුක්ගේ පැමිණීම ස්ථිරයි
ෂාරුක්ගේ පැමිණීම ගැන විවිධ කටකතා පැතිරුණත් තමන් IIFA උළෙලට ස්ථිර ලෙසින්ම සහභාගි වන බව මේ වන විට ඔහු තහවුරු කර තිබේ.
ෂාරුක් මෙන්ම රිතික් රොෂාන්, සල්මන් ඛාන්, සුනිල් ෂෙට්ටි, රිතිෂ් දේශ්මුක් වැනි තරු IIFA උළෙලට සමගාමීව දියත් කරන ක්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතය. භාරත තරු ගණන වැඩි නිසා තරු කණ්ඩායම් දෙකක් අපේ ක්‍රිකට් තරු සමග තරග වදිති. එක් කණ්ඩායමක නායකත්වය රිතික් රොෂාන් දරන අතර අනෙක් කණ්ඩායමේ නායකයා සුනිල් ෂෙට්ටිය.
ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සමග තරග කිරීමට ලැබීම තමන්ට ගෞරවයක් බව රිතික් පවසයි.
බිම් මට්ටමේ වේදිකාවක් පළමු වරට
IIFA ඉතිහාසයේ බිම් මට්ටමින් වේදිකාවක් ඉදි වන්නේ පළමුවරටයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ගොඩ නැගෙන වේදිකාව තට්ටු තුනකින් යුක්තයි. තරු හා විශේෂ අමුත්තන් කැඳවන්නේ කොළ පැහැ බුමුතුරුණක් මතිනි.
පළමුවරට බී බී සී ගුවන් විදුලියෙන් ද IIFA උළෙල ප්‍රචාරය කෙරෙයි.
අර්ජුන් පැමිණෙන්නේ නැහැ
‘රාජ්නීති’ සිනමා පටයේ ප්‍රවර්ධන කටයුත්තක් නිසා අර්ජුන් රාම්පාල්ට IIFA උළෙලට සහභාගිවීමට වාසනාවක් ලැබෙන්නේ නැත.
තමිල්නාඩුවේ නළු නිළියන් විරෝධය පෑවත්, සම්මාන උළෙලේ තානාපති වන අමිතාබ් බච්චන් අනිවාර්යයෙන්ම පැමිණෙයි.
බොලිවුඩයේ නැගී එන තාරකාවක වන අපේ ජැකලයින් ෆර්නැන්ඩස් IIFAවර්ණවත් කරන්නේ උපන් රටට අභිමානයක් එක් කරමිනි.
මයික්‍රොමැක්ස් IIFA සම්මාන රාත්‍රිය කුල්මත් කරන්නන් අතර සල්මන්, බිපාෂා, රිතිෂ් දේශ්මුක්, විවේක් ඔබරෝයි හා අපේ ජැකලයින් ද වෙති.
සම සත්කාරක නිළිය ලාරා දත්තායි. බෝමන් අයිරානි, රිතිෂ් දේශ්මුක් උළෙලේ සම සත්කාරක නළුවන්ය.
සිනමා සම්මාන පිරිනැමෙන්නේ ජූනි 5 වැනි දින එළඹෙන උත්කර්ෂවත් රාත්රියේදීයි.
සම්මාන නාමාවලිය
එකොළොස් වැනි සම්මාන උළෙලේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් කවුරුන්ද? කුතුහලය දනවන එම ගැටලුවට පිළිතුරු ලබා ගැනීමට ජූනි 5 වැනි දිනය වනතුරුම බලා සිටීමට අපට සිදු වෙයි.
අලුතින් සම්මාන ලබන්නන් ගැන කුතුහලයෙන් සිටින මේ මොහොතේ අතීත සම්මාන පිළිබඳව පුංචි මතකයක් නංවා ගැනීම ද මිහිරක් ගෙනෙන අත්දැකීමකි.
මේ 2000 වසරේ සිට 2009 දක්වා හොඳම සිනමා පටය, හොඳම නළුවා, හොඳම නිළිය යන ප්‍රධාන සම්මානවලට හිමිකම් කී නාම ලේඛනයයි.
වසර 2000
හොදම චිත්‍රපටය – හම් දිල් දේ චුකේ සනම්
හොඳම නළුවා - සන්ජේ දත් (වාස්තව්)
හොඳම නිළිය - ඓශ්වර්යා රායි (හම් දිල් දෙ චුකේ සනම්)
වසර 2001
හොඳම චිත්‍රපටය – කහෝ නා ප්යාර් හයි
හොඳම නළුවා - රිතික් රොෂාන් (කහෝ නා ප්යාර් හයි)
හොඳම නිළිය – කරිෂ්මා කපූර් (ෆිසා)
වසර 2002
හොඳම චිත්‍රපටය – ලගන්
හොඳම නළුවා - අමීර් ඛාන් (ලගන්)
හොඳම නිළිය – තාබු (චාන්දනී බර්)
වසර 2003
හොඳම චිත්‍රපටය - දේව්දාස්
හොඳම නළුවා - ෂාරුක් ඛාන් (දේව්දාස්)
හොඳම නිළිය - ඓශ්වර්යා රායි (දේව්දාස්)
වසර 2004
හොඳම චිත්‍රපටය – කල් හෝ නා හෝ
හොඳම නළුවා - රිතික් රොෂාන් (කොයි මිල් ගයා)
හොඳම නිළිය – ප්‍රීති සින්තා (කල් හෝ නා හෝ)
වසර 2005
හොඳම චිත්‍රපටය – වීර් සාරා
හොඳම නළුවා - ෂාරුක් ඛාන් (වීර් සාරා)
හොඳම නිළිය – රාණි මුඛර්ජි (හම් තුම්)
වසර 2006
හොඳම චිත්‍රපටය – බ්ලැක්
හොඳම නළුවා - අමිතාබ් බච්චන් (බ්ලැක්)
හොඳම නිළිය – රාණි මුඛර්ජි (බ්ලැක්)
වසර 2007
හොඳම චිත්‍රපටය – රන් දෙ බසන්ති
හොඳම නළුවා - රිතික් රොෂාන් (ක්‍රිෂ්)
හොඳම නිළිය – රාණි මුඛර්ජි (කභි අල්විදා නා කෙහෙනා)
වසර 2008
හොඳම චිත්‍රපටය – චක් දෙ ඉන්දියා
හොඳම නළුවා - ෂාරුක් ඛාන්(චක් දෙ ඉන්දියා)
හොඳම නිළිය – කරීනා කපූර් (ජබ් වී මෙට්)
වසර 2009
හොඳම චිත්‍රපටය - ජෝදා අක්බාර්
හොඳම නළුවා - රිතික් රොෂාන් (ජෝදා අක්බාර්)
හොඳම නිළිය – ප්‍රියංකා චොප්රා (ෆැෂන්)
අන්තර් ජාලයෙනි





