Fonseka Maha pawadima 2
ෆොන්සේකා දෙවන වරටත් රට සහ හමුදාව පාවා දෙයි

බී.බී.සී. ‘හාඩ්ටොක්’ හඬ පටයෙන් හෙළි වේ
විශ්‍රාමික ජෙනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යළිත් වරක් ජාත්‍යන්තරය හමුවේ රටේ නායකයන් සහ ත්‍රිවිධ හමුදාව පාවා දී තිබේ.
බී. බී. සී. වෙබ් අඩවියේ ‘හාඩ්ටොක්’ වැඩසටහනේ නිවේදක ස්ටීවන් සකූර් සමග ජෙනරාල්වරයා රහසිගතව පවත්වා ඇති දුරකථන සම්මුඛ සාකච්ඡාවකින් එම පාවා දීමේ තොරතුරු හෙළිදරව් වෙයි.එම දුරකථන සාකච්ඡාවට අදාළ තොරතුරු, නිවේදකයා විසින් වරින් වර බී. බී. සී. වෙබ් අඩවියේ පළ කර තිබේ.
පසුගිය යුද්ධය සමයේදී සිදුවූවා යැයි රජයට චෝදනා කෙරෙන අයථා ක්‍රියා සම්බන්ධයෙන් පවත්වන විමර්ශන වල කරුණු ඉදිරිපත් කිරීමට තමා ඕනෑම අවස්ථාවක සූදානම් බව ජෙනරාල්වරයා ස්ටීවන් සකූර්ට ප්‍ර‍්‍රකාශ කර තිබේ.
ඕනෑම ජාත්‍යන්තර අධිකරණයක් සංවිධානයක් හෝ වෙනත් ඕනෑම තැනකදී තමා දන්නා කරුණු නොසඟවා පැවැසීමට සූදානම් බවද ජෙනරාල් ෆොන්සේකා ප්‍රකාශ කර තිබේ. මීට පෙර අවස්ථාවක ජෙනරාල් ෆොන්සේකා ඉංග්‍රීසි පුවත්පතකට රට ජාතිය ති‍්‍රවිධ හමුදාව පාවා දෙන එවැනි ප්‍රකාශයක් කෙළේය.
එහෙත් ඔහු එම ප්‍රකාශය යළි ප්‍රතික්ෂේප කර ඇත. බී. බී. සී. වෙබ් අඩවියේ නිවේදක ස්ටීවන් සමග රහස් දුරකථන සාකච්ඡාවෙන් ජෙනරාල්වරයා කළ ප්‍රකාශ පටිගතවී තිබේ. ඔහුගේ කට හඬින් කර ඇති එම පාවාදීම් යළිත් ප්‍රතික්ෂේප කළ නොහැකිය.
ජෙනරාල්වරයාගේ එම ප්‍රකාශ දුරකථනය ඔස්සේ රහසිගතව කළ බව ස්ටීවන් සකූර් බී. බී. සී. වෙබ් අඩවියේ පළ කළ වාර්තාවකින් පිළිගෙන තිබේ. උතුරු මානුෂීය මෙහෙයුමේදී ත්‍රිවිධ හමුදාවත් ඔවුන්ට අණ දුන් හමුදා නිලධාරීන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළේ ත්‍රස්තවාදය මෙරටින් පළවා හැරීමේ අරමුණ ඇතිව බව ජෙනරාල් ෆොන්සේකා හිතාමතාම අමතක කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සේනාධිනායක ලෙසත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම හා උපදෙස් අනුවත් ත්‍රස්තවාදය නිමා කර රටට සාමය උදා කර දුන් ත්‍රිවිධ හමුදාව අපකීර්තියට පත් කිරීමටත් ලබා ගත් ජයග්‍රහණ අවතක්සේරු කිරීමටත් ජෙනරාල් ෆොන්සේකා ක්‍රියා කරගෙන යන බව බී. බී. සී. සාකච්ඡාවේදී යළි තහවුරු වී තිබේ.
කොටි හිතවාදී ජාත්‍යන්තර බලවේග ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යාමට උත්සාහ කරයි. ඒ ජෙනරාල් ෆොන්සේකා එම බලවේගවලට රුකුල් දෙමින් අභූත චෝදනා කෙරෙන දේශද්‍රෝහී ප්‍රකාශ තවදුරටත් සිදු කර ඇත.