බෝධිරාජ මාවතේ පිපිරීමක්
June 24, 2010 08:16 am
![]()
පිටකොටුව බෝධිරාජ මාවතේ අත්බෝම්බයක් පුපුරා යාමෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද අලුයම මෙම බෝම්බ පිපිරීම සිදු වී ඇති බව පොලිසිය පවසයි. බෝධිරාජ මාවතේ බස් නැවතුම්පොළ ආසන්නයේ ඇපල් තට්ටුවක් අසල මෙම පිපිරීම සිදු වී ඇති බව වාර්තා වේ.
මෙම පිපිරීමෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 9 දෙනෙකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම මෙම ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් මත ඇතිවූවක් බව ද පොලීසිය සඳහන් කරයි.
http://www.adaderana.lk/sinhala/news.php?nid=9181