ගණිතය

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    harak.jpg


    මම ඉදිරිපත් කරන්න යන ගැටලුව, අන්දරේගෙ කාලෙ වෙච්ච සිද්දියක්. ඔන්න ඔය කියන කාලෙ, රජ වාසලේ හරක් පට්ටියක් හිට්යලු. මේ ගැටලුවෙ හැටියට හරක් 32 ක්. ඉතිං මේ හරක් බලන මිනිහට රජ තුමා කියල තියෙන්න, ඉහත රූපසටහනේ ආකාරයට, කනු 8 ක හරක් 32 නා බඳින්න කියල.ඒකට හේතුව. හමදාම හවසට හරක් ටික ගෙනල්ල කනුවල බැන්දම, රජතුමා හරක් ගණිනව. හැබැයි ගනින්නෙ, 1 කනුවෙ සිට 1 2 3 කියන කනුවල 12 කුත්, 1 4 6 කියන කනුවල 12 කුත්, 8 කනුවෙ සිට 8 5 3 කියන කනුවල 12 කුත්, 8 7 6 කියන කනුවල 12 කුත්, එන ලෙසයි. ඉතින් දවසක් රජතුම හරක් ගණින ක්‍රමය අන්දරෙ දැක්ක. අන්දරේගෙ කපටි මොලයට නුවනක් ආව. අන්දරේගෙත් හරක් හතර දෙනෙක් ඉන්නව. උන්ට කන්න දෙන්නයි, සාත්තු කරන්නයි; වියදමකුත්, අමතර ශ්‍රමයකුත් වැයවන නිසා අන්දරේ කල්පනා කලා අන්දරේගෙ හරක් 4 දෙනත් රජතුමාගෙ කනුවල බඳින්න. පලමුවෙන්ම රජතුමාගෙන් හරක් බලන වැඩේ ඉල්ලගත්ත. ඊට පස්සෙ අන්දරේ මිනිහගෙ හරක් 4 දෙනත්, රජතුමාගෙ හරක් එක්කම බඳින්න ගත්ත. රජතුමා ගනින විදිහට 12 ක් එන්න ලෙස. හැබැයි එක කනුවක හතර ගානෙනම් නෙමෙයි. මම අහන්නෙ අන්දරේ හරක් 36 ක් මේ කනුවල බැන්ඳෙ (රජතුමා ගණින විට 12 ක් එන ලෙස ) කොහොමද? ඔයාලට පිලිතුරු දීමේදී කනුවෙ අංකයට අදාල හරක් ගණන ලෙස පිලිතුරු දිය හැකිය
     
    • Like
    Reactions: dimC1014

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    ඔයාලට පිලිතුරු දීමේදී කනුවෙ අංකයට අදාල හරක් ගණන ලෙස පිලිතුරු දිය හැකිය