ෆොන්සේකා තවදුරටත් රිමාන්ඩ්
යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමේ ‘හයිකෝප්’ ටෙන්ඩර් මුදල් වංචා සිද්ධියේ තුන්වැනි සැකකරුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා ලබන 12 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ රඳවා තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (28) නියෝග කළාය.
රක්ෂිත භාරයේ පසුවෙද්දී විදේශගතව සිටින තම දියණියන් දෙදෙනාට ජංගම දුරකථනයකින් ඇමතීමට අවස්ථාව සලසා දෙන ලෙස සැකකාර ජෙනරාල්වරයා සිය නීතීඥ මහතා මඟින් අධිකරණයෙන් කළ ඉල්ලීමට ඊයේ (28) නියෝගයක් නිකුත් නොකළ මහේස්ත්‍රාත්වරිය පෙර අනුගමනයකළ ක්‍රමවේදය සොයා බලා නීති පරිශීලනය කිරීමෙන් පසු ඊළඟ දිනයේ ඒ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන බව පැවැසුවාය.
රක්ෂිත බාරයට පත්කෙරුණ සැකකාර විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා පෙර පරිදි නාවික හමුදා මූලස්ථානයේ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් හා යුද හමුදා පොලිසියේ රැකවල් මැද රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
බන්ධනාගාරය භාරයේ පසුවන සැකකාර ජෙනරාල්වරයා අධිකරණ වෙත රැගෙන ඒමේදී හා යෑමේදී සැකකරුට විශේෂ ආරක්ෂාව සැලසිය යුතු බව ඊයේ (28) ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර ජෙනරාල්වරයා ආරක්ෂිත යුද හමුදා රථයක රැගෙන ඒමට හා යෑමට නියෝග කළාය.
බන්ධනාගාර වෑන් රථයකින් ඊයේ (28) අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකාර ජෙනරාල්වරයාගේ ආරක්ෂාව සලකා පෙර සැපයූ යුද හමුදා ආරක්ෂාව හා වාහනය ඔහු වෙත ලබාදෙන්නැයි සැකකාර ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ, නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා ය.
සැකකාර ජෙනරාල්වරයාගේ නීතිඥ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම මත බන්ධනාගාරය භාරයේ සිටින ජෙනරාල්වරයාට ආහාර පාන ලබාදීම සඳහා සැකකරුගේ බිරිය හා ඥාතීන්ට අවසර ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීනට ඊයේ (28) නියෝග කළා ය.
සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයා බරපතළ තුවාල ලබා සිටින්නකු බැවින් විශේෂ ක්‍රමවේදයන් මගින් ආහාර සැපයිය යුතුව ඇති හෙයින් එම නියෝගය නිකුත් කළ බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කැර සිටියා ය.
නාවික හමුදා භාරයේ රඳවා සිටින සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයාට මීට පෙර මෙම සියලු පහසුකම් සපයා තිබුණු අතර රක්ෂිත බන්ධනාගාරයට පත් කෙරුණු පසු සැකකරුගේ අධීක්ෂණය බන්ධනාගාර භාරයට පැමිණි හෙයින් එම පහසුකම් නීත්‍යානුකූල ලෙස නතර කැර තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීම මත සැකකරුට විදේශගතව සිටින තම දියණියන් දෙදෙනාට ජංගම දුරකථනයෙන් ඇමතීම සඳහා අවසර ලබා දී තිබුණු බව සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (28) මහේස්ත්‍රාත්වරියට දන්වා සිටියේ ය.
මීට පෙර ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද? එසේ සිදුකළේ ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම්දීමක් මතද යන්න විමසා බැලිය යුතු බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධව ඉදිරි දිනට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි යුද හමුදා නීති නිලධාරියාට ඊයේ (28) නියම කළා ය.
එම වාර්තාව පරිශීලනය කිරීමෙන් පසු සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයාට ජංගම දුරකථනයෙන් දියණියන් ඇමතීම සඳහා සුදුසු නියෝගයක් ඊළඟ දිනට නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා ය.
මේ සිද්ධියේ පළමු සැකකරු වන ‘හයිකෝප්’ පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ වැලන්ටන් ට්‍රෙන්ටන් ඩේ හොට් නමැති සැකකරුද ලබන 12 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බාරයේ රඳවා තැබීමට ඊයේ (28) නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම පළමු සැකකරු හා තුන්වන සැකකාර ජෙනරාල්වරයා එදින උදේ 9.00 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළා ය.
පළමු සැකකරු වෙනුවෙන් සිදුකරන විශේෂිත ඇප අයදුම ද ලබන 12 වැනිදාට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය ඊයේ (28) පළමු සැකකරුගේ නීතිඥ සරත් සිරිවර්ධන මහතාට දැන්වූවා ය.
යුද හමුදාව වෙත ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කැර ප්‍රශ්නගත ටෙන්ඩර් හතරක් ලබා ගනිමින් අමෙරිකානු ඩොලර් 299061.25 ක් වංචා කළ බව කියන මෙම සිද්ධියේ දෙවන සැකකරු වන සැකකාර විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑණා වන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් දෙවරක් වරෙන්තු නිකුත් කැර ඇත.
අධිකරණය මගින් ප්‍රකාශිත පුද්ගලයෙකු ලෙස නම් කැර ඇති දෙවන සැකකරු ධනුන තිලකරත්නට ජූනි 30 වැනිදා උදේ 9.00 ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියෝගයක් නිකුත් කැර ඇති අතර සැකකරු එදින අධිකරණයේ පෙනී නොසිටියහොත් සැකකරු සතු නිෂ්චල හා චංචල දේපළ තහනමට ගැනීමේ ආඥාවක් ද අධිකරණය මගින් නිකුත් කැර ඇත.
දෙවන සැකකාර ධනුන තිලකරත්න සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව ජූනි 30 කැඳවීමට මහේස්ත්‍රාත්වරිය ඊයේ (28) නියම කළා ය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ හා පොදු දේපළ පනත යටතේ සැකකරුවනට එරෙහිව නීතිපතිවරයා කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඊයේ (28) මහේස්ත්‍රාත්වරියට දැන්වීය.
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400, 403, 454, 457, 459 සමඟ කියැවෙන 1982 අංක 12 දරන පොදු දේපළ පනතෙහි කියැවෙන 5(1) 2 වගන්ති යටතේ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා වැරැදි සිදු කැර ඇති බවට අනාවරණය වන බවද නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා සමඟ රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ලාල් සිරිවර්ධන මහතා පැමිණිල්ල මෙහෙය විය.