ෆොන්සේකා තවදුරටත් රිමාන්ඩ්

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ෆොන්සේකා තවදුරටත් රිමාන්ඩ්

යුද හමුදාවට භාණ්ඩ මිලදී ගැනීමේ ‘හයිකෝප්’ ටෙන්ඩර් මුදල් වංචා සිද්ධියේ තුන්වැනි සැකකරුවන විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා ලබන 12 වැනිදා තෙක් තවදුරටත් රක්‍ෂිත භාරයේ රඳවා තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (28) නියෝග කළාය.

රක්‍ෂිත භාරයේ පසුවෙද්දී විදේශගතව සිටින තම දියණියන් දෙදෙනාට ජංගම දුරකථනයකින් ඇමතීමට අවස්ථාව සලසා දෙන ලෙස සැකකාර ජෙනරාල්වරයා සිය නීතීඥ මහතා මඟින් අධිකරණයෙන් කළ ඉල්ලීමට ඊයේ (28) නියෝගයක් නිකුත් නොකළ මහේස්ත්‍රාත්වරිය පෙර අනුගමනයකළ ක්‍රමවේදය සොයා බලා නීති පරිශීලනය කිරීමෙන් පසු ඊළඟ දිනයේ ඒ සඳහා සුදුසු නියෝගයක් නිකුත් කරන බව පැවැසුවාය.

රක්ෂිත බාරයට පත්කෙරුණ සැකකාර විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා පෙර පරිදි නාවික හමුදා මූලස්ථානයේ බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් හා යුද හමුදා පොලිසියේ රැකවල් මැද රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

බන්ධනාගාරය භාරයේ පසුවන සැකකාර ජෙනරාල්වරයා අධිකරණ වෙත රැගෙන ඒමේදී හා යෑමේදී සැකකරුට විශේෂ ආරක්ෂාව සැලසිය යුතු බව ඊයේ (28) ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර ජෙනරාල්වරයා ආරක්ෂිත යුද හමුදා රථයක රැගෙන ඒමට හා යෑමට නියෝග කළාය.

බන්ධනාගාර වෑන් රථයකින් ඊයේ (28) අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකාර ජෙනරාල්වරයාගේ ආරක්ෂාව සලකා පෙර සැපයූ යුද හමුදා ආරක්ෂාව හා වාහනය ඔහු වෙත ලබාදෙන්නැයි සැකකාර ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ, නලීන් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළා ය.

සැකකාර ජෙනරාල්වරයාගේ නීතිඥ මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම මත බන්ධනාගාරය භාරයේ සිටින ජෙනරාල්වරයාට ආහාර පාන ලබාදීම සඳහා සැකකරුගේ බිරිය හා ඥාතීන්ට අවසර ලබාදෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීනට ඊයේ (28) නියෝග කළා ය.

සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයා බරපතළ තුවාල ලබා සිටින්නකු බැවින් විශේෂ ක්‍රමවේදයන් මගින් ආහාර සැපයිය යුතුව ඇති හෙයින් එම නියෝගය නිකුත් කළ බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කැර සිටියා ය.

නාවික හමුදා භාරයේ රඳවා සිටින සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයාට මීට පෙර මෙම සියලු පහසුකම් සපයා තිබුණු අතර රක්ෂිත බන්ධනාගාරයට පත් කෙරුණු පසු සැකකරුගේ අධීක්ෂණය බන්ධනාගාර භාරයට පැමිණි හෙයින් එම පහසුකම් නීත්‍යානුකූල ලෙස නතර කැර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දීම මත සැකකරුට විදේශගතව සිටින තම දියණියන් දෙදෙනාට ජංගම දුරකථනයෙන් ඇමතීම සඳහා අවසර ලබා දී තිබුණු බව සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ (28) මහේස්ත්‍රාත්වරියට දන්වා සිටියේ ය.

මීට පෙර ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කුමක්ද? එසේ සිදුකළේ ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම්දීමක් මතද යන්න විමසා බැලිය යුතු බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධව ඉදිරි දිනට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි යුද හමුදා නීති නිලධාරියාට ඊයේ (28) නියම කළා ය.

එම වාර්තාව පරිශීලනය කිරීමෙන් පසු සැකකාර විශ්‍රාමික ජෙනරාල්වරයාට ජංගම දුරකථනයෙන් දියණියන් ඇමතීම සඳහා සුදුසු නියෝගයක් ඊළඟ දිනට නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා ය.

මේ සිද්ධියේ පළමු සැකකරු වන ‘හයිකෝප්’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ වැලන්ටන් ට්‍රෙන්ටන් ඩේ හොට් නමැති සැකකරුද ලබන 12 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බාරයේ රඳවා තැබීමට ඊයේ (28) නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම පළමු සැකකරු හා තුන්වන සැකකාර ජෙනරාල්වරයා එදින උදේ 9.00 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළා ය.

පළමු සැකකරු වෙනුවෙන් සිදුකරන විශේෂිත ඇප අයදුම ද ලබන 12 වැනිදාට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය ඊයේ (28) පළමු සැකකරුගේ නීතිඥ සරත් සිරිවර්ධන මහතාට දැන්වූවා ය.

යුද හමුදාව වෙත ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කැර ප්‍රශ්නගත ටෙන්ඩර් හතරක් ලබා ගනිමින් අමෙරිකානු ඩොලර් 299061.25 ක් වංචා කළ බව කියන මෙම සිද්ධියේ දෙවන සැකකරු වන සැකකාර විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑණා වන ධනුන තිලකරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් දෙවරක් වරෙන්තු නිකුත් කැර ඇත.

අධිකරණය මගින් ප්‍රකාශිත පුද්ගලයෙකු ලෙස නම් කැර ඇති දෙවන සැකකරු ධනුන තිලකරත්නට ජූනි 30 වැනිදා උදේ 9.00 ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නියෝගයක් නිකුත් කැර ඇති අතර සැකකරු එදින අධිකරණයේ පෙනී නොසිටියහොත් සැකකරු සතු නිෂ්චල හා චංචල දේපළ තහනමට ගැනීමේ ආඥාවක් ද අධිකරණය මගින් නිකුත් කැර ඇත.

දෙවන සැකකාර ධනුන තිලකරත්න සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීම සඳහා නඩුව ජූනි 30 කැඳවීමට මහේස්ත්‍රාත්වරිය ඊයේ (28) නියම කළා ය.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ හා පොදු දේපළ පනත යටතේ සැකකරුවනට එරෙහිව නීතිපතිවරයා කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඊයේ (28) මහේස්ත්‍රාත්වරියට දැන්වීය.

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400, 403, 454, 457, 459 සමඟ කියැවෙන 1982 අංක 12 දරන පොදු දේපළ පනතෙහි කියැවෙන 5(1) 2 වගන්ති යටතේ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා වැරැදි සිදු කැර ඇති බවට අනාවරණය වන බවද නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දමිත් තොටවත්ත මහතා සමඟ රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ලාල් සිරිවර්ධන මහතා පැමිණිල්ල මෙහෙය විය.
 
surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka
මම නම් කියන්නේ ගොන්සේකාව දැන් එළියට දාන්න ඕනේ...

කට ඇරියම තියන ගෞරවයත් ඉවරයක් කර ගනී.......
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මම නම් කියන්නේ ගොන්සේකාව දැන් එළියට දාන්න ඕනේ...

කට ඇරියම තියන ගෞරවයත් ඉවරයක් කර ගනී.......

:D
muge kata nisa lankawatai padu wenne eka nisa kuduwema thiyanna ona
mekawa eliyata dammoth bana wage horen rata panala maru weida danne naha
 
sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    :D
    muge kata nisa lankawatai padu wenne eka nisa kuduwema thiyanna ona
    mekawa eliyata dammoth bana wage horen rata panala maru weida danne naha

    Surabadatai,Win. 8 tai 2nnatama tiyenne Mahindatai,Gotatai tiyanawa wage waire witharai........kisi molayak ne..boruwata anduwata kade yanawa witarai....oya 2nnata masikawa kiyak gewanawada Namal?Mahindata chande dipu samaharut piligannawa Fonseka tarahata tama hire dagena inne kiyala....et me modayo dennata teren ne....ane pau
     
    • Like
    Reactions: DJ ASHAN

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Elakiri Ekata Politicz Epa........:no::no:
    Api kata support kalath me Elakiri platform eke Problems thiyenne ba kawru ekkawath.......................ok.

    No more threads about politics....................:yes::yes:

    -:Elakiri Brotherhood:-
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    Surabadatai,Win. 8 tai 2nnatama tiyenne Mahindatai,Gotatai tiyanawa wage waire witharai........kisi molayak ne..boruwata anduwata kade yanawa witarai....oya 2nnata masikawa kiyak gewanawada Namal?Mahindata chande dipu samaharut piligannawa Fonseka tarahata tama hire dagena inne kiyala....et me modayo dennata teren ne....ane pau

    අනේ බන් වෛරයෙ තියෙන්නේ කාගාවද කියලා ඕන මෝඩයෙක්ට තේරෙනවා.... උඹ වගේ මැටි හරකෙක්ට නොතේරුනාට....

    ගෝඨාත් එක්ක තියන වෛරය පිරිමහන්න මුළු හමුදාවම පාවලා දුන්නේ ඒකනේ....
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ආරක‍ෂක ලේකම්ගේ තාවකාලික වේදිකාවේ දිනක වියදම 8,75,000

    ආරක‍ෂක ලේකම්වරයාගේ වන්නි සංචාරවලදී භාවිතාකරන තාවකාලික වේදිකාවේ හා සෙබළුන් ඇමතීමට යොදාගැනෙන මීටර් 130ක් දිග රැදවුම්හලේ වරකට වියදම රුපියල් 8,75,000 බව වාර්තා වේ. මෙය පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුගෙන් මිලදී ගැනීමට යුද හමුදා මූලස්ථානයට සිදුවී ඇත. මෙම සතියේ මුලතිව් ආරක‍ෂක සේනා මූලස්ථානයට පැමිණී අවස්ථාවේදීත් ඉහත වියදම දරා ඇති අතර කිලිනොච්චි හා අලිමංකඩ යන සංචාර වෙනුවෙන්ද එම වේදිකාව මිලදී ගැනීමට සිදුවී තිබේ. මේ වනවිට රණවිරුවන් වෙනුවෙන් ගොඩනැගූ zඅපි වෙනුවෙන් අපිZ අරමුදලටද ආධාර නොලැඛෙන බව කියැවේ. හමුදා භටපිරිස් සඳහා ලබාදුන් සුභසාදන දීමනාද කපාහැර තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ආරක‍ෂක ලේකම්වරයාගේ නඩත්තුවට ආරක‍ෂක අමාත්‍යාංශයේ මුදල් යෙදවී හමුදා සෙබලූන්ගේ දැඩි කළකිරීමට හේතු වී ඇත. - ලංකා

    Source :- http://www.hothotlanka.com/index.php?post/2010/06/27/wdrCIl-f,al%C3%AFf.a-;djld,sl-f%C3%B5%C3%88ldf%C3%B5-%C3%88kl-%C3%BAhou-875000

    ලොකු ජාති ආලයකින් බොරුවට අන්ධවෙල ඉන්න ඔයල මේව ගැනත් හොයල කතා කරන්න............

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 400, 403, 454, 457, 459 සමඟ කියැවෙන 1982 අංක 12 දරන පොදු දේපළ පනතෙහි කියැවෙන 5(1) 2 වගන්ති යටතේ විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා වැරැදි සිදු කැර ඇති බවට අනාවරණය වන බවද නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත.

    නීතිපති කියන්නේ ඉතා ගෞරව සම්පන්න තනතුරක්.

    ඒත් රාජපක්සලා යටතේ මේ ගෞරවාන්විත ධූරය පක්කලියෙකුට දීලා හතුරන්ට නඩු පටවන ගොඩ පෙරකදෝරුවෙක් කරලනෙ තියෙන්නේ......

    ඉතින් ඔය පක්කලියා කියන ඒව ගණන්ගන්න නරකයි.

    ඕකා මීට කලින් කීදෙනෙකුඩ නඩු දාලා පස්සේ නඩු ඉල්ලා අස්කරගත්තද?

    ආණ්ඩුවට කඩේයන පක්කලි නීතිපතිවයෙක් ඉන්නෙ රටවල්

    1] බුරුමය
    2] උතුරු කොරියාව
    3] ලංකාව
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292

    well said bro..............
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම නම් කියන්නේ ගොන්සේකාව දැන් එළියට දාන්න ඕනේ...

    කට ඇරියම තියන ගෞරවයත් ඉවරයක් කර ගනී.......

    උඹ වැනි වෘශභයෙකුට නොතේරෙන, එහෙත් මේ රටේ වැඩි දෙනෙකු දන්නා ඇත්ත නම්;

    ජෙනරාල් සරත් ෆොන්සේකාට මිනිසුන් සලකන්නේ, ආදරය කරන්නේ, ගෞරව කරන්නේ ඒ මනුස්සයා කියන දේටවත්, කියපු දේටවත් නොව, ජෙනරාල් ෆොන්සේකා මේ රටට කරපු සේවයටයි.

    කතාවෙන් චාටර් වෙන්නේ රටට වැඩ කරපු ජෙනරාල් නොව වැඩ නොකර ඉතුරු අවුරුදු හයත් කයිවාරුවෙන්ම ගෙවන්නට මාන බලන අති ගරු ජනාධිපති තුමාටයි
     
    • Like
    Reactions: DJ ASHAN

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ගෝඨාත් එක්ක තියන වෛරය පිරිමහන්න මුළු හමුදාවම පාවලා දුන්නේ ඒකනේ....

    හැක් හැක්,

    ජෙනරාල් පාවාදුන් ද්‍රෝහියා,

    අලුත්ම වීරයා, සුරතලා, ඔඩොක්කු කුක්කා කේ.පී :lol::lol:
     
    rox M

    Member
    Jun 15, 2010
    5
    0
    0
    OMG

    ආණ්ඩුවට කඩේයන පක්කලි නීතිපතිවයෙක් ඉන්නෙ රටවල්

    1] බුරුමය
    2] උතුරු කොරියාව
    3] ලංකාව

    OMG
    මේක වෙන්න බැහැනේ.අපි 1 නෙ ඉන්න ඕනේ.
     
    Kandula

    Member
    Feb 7, 2010
    23
    1
    0
    if general has to say anything what's stopping him? He is an MP and has given a number of interviews to media after becoming one. Do you know the white flag story was ONLY published in SUnday Leader by Frederika Janz? And there is a case against her in progress?

    Well, this is not to say SF is clean, but surely he is far less dirty than the "Raaja" group. Whenever there is a case againt them, most politicians change party to the one in power, SB, Duminda, Jonston are few names. However, this guy, may be because he is an complete idiot, or may be because he actually has a spine, sticks to what he said. Is that a good thing in politics. who knows...
     
    rox M

    Member
    Jun 15, 2010
    5
    0
    0
    Originally Posted by surabada
    මම නම් කියන්නේ ගොන්සේකාව දැන් එළියට දාන්න ඕනේ...

    සරත් ෆොන්සේක කියන්නෙ අපිට වැඩිය ඉගෙන ගත්ත රටට ලොකු සේවයක් කල වැදගත් වීර සෙන්පතියෙක්.ඒක හින්ද වැදගත් විදියට comment කරපන්.surabada උඹ වගේ ආණ්ඩුවට කඩේ යන පක්කිලි ජොබ් එක නොකලට උඹට වැඩිය රටට දෙයක් කරපු සෙන්පතියෙක්.උඹ වගේ කාලකණියෙක් නෙමෙයි.ඒක හින්ද වැදගත් විදිහට comment කරපන්.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    Originally Posted by surabada
    මම නම් කියන්නේ ගොන්සේකාව දැන් එළියට දාන්න ඕනේ...

    සරත් ෆොන්සේක කියන්නෙ අපිට වැඩිය ඉගෙන ගත්ත රටට ලොකු සේවයක් කල වැදගත් වීර සෙන්පතියෙක්.ඒක හින්ද වැදගත් විදියට comment කරපන්.surabada උඹ වගේ ආණ්ඩුවට කඩේ යන පක්කිලි ජොබ් එක නොකලට උඹට වැඩිය රටට දෙයක් කරපු සෙන්පතියෙක්.උඹ වගේ කාලකණියෙක් නෙමෙයි.ඒක හින්ද වැදගත් විදිහට comment කරපන්.

    yep machan :yes::yes::yes::yes::yes::yes:
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    Originally Posted by surabada
    මම නම් කියන්නේ ගොන්සේකාව දැන් එළියට දාන්න ඕනේ...

    සරත් ෆොන්සේක කියන්නෙ අපිට වැඩිය ඉගෙන ගත්ත රටට ලොකු සේවයක් කල වැදගත් වීර සෙන්පතියෙක්.ඒක හින්ද වැදගත් විදියට comment කරපන්.surabada උඹ වගේ ආණ්ඩුවට කඩේ යන පක්කිලි ජොබ් එක නොකලට උඹට වැඩිය රටට දෙයක් කරපු සෙන්පතියෙක්.උඹ වගේ කාලකණියෙක් නෙමෙයි.ඒක හින්ද වැදගත් විදිහට comment කරපන්.

    :yes::yes::yes::yes: