Asoka Handagama is back with a difference...!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    හඳගම 'ළමයින්ට හා තරුණයින්ට වඩාත් සුදුසු ' නව ආකාරයක සිනමා නිර්මාණයක් කරළ. ඒක කාටත් එළඹෙන ජුනි මාසෙ 18 විතර වෙනකොට නරඹන්න පුළුවන් වෙයි කියල කියනව.

    පාසල් නොයන විදූ නම් දරුවාගේ ජීවිතය උඩු යටිකුරු වන ආකාරය මේ නිර්මාණයේ අන්තර්ගතය කියල එහි වෙබ් අඩවියේ සඳහන් වෙනව.



    http://vidhu.lk/


    දේවකතාවල
    නිසොල්ලාසවල
    අන්ධකාරයේ සිනමා පටවල
    පීර පීර මං හෙව්වා
    මගේ ලෝකයට වීරයෙක්...


    ඉර ගිනි ඇවිලී
    ලේ පැහැ ගැන්වී
    ප්‍රාර්ථනාවන් ගිනිගත් සවසක
    දූවිලි නගරේ දෙනෝ දහක් මැද
    ඔබේ .............. හඬ ඇහෙන තුරා

    සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
    හැරී පොටර්ලා...
    වීරයෝ වුණා අපේ

    නෙක දුක් ගැහැටින්
    හෙම්බත් වූවත්
    ජීවිතයේ වෙර අත් නොහරන දන
    තරම් වීරයන් තවත් කොහේ වෙද
    සීන් හඬින් ඔබ කියනා තුරුමත්

    සුපර් මෑන්ලා ස්පයිඩර් මෑන්ලා
    හැරී පොටර්ලා...
    වීරයෝ වුණා අපේ

    නටඹුන් වී ගිය ගල් කණු අද්දර
    වංශකතාවල අකුරු පේළි යට
    වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට
    දලු ලා වැඩෙන්න ඉඩ දෙන්න...

    දස අත සෙවූවත්
    මුණ නොගැසී ගිය
    තමන්ගෙ ලෝකේ සැබෑ වීරයා
    තමා තුළම හඳුණාගන්න

    තමා තුළම හඳුණාගන්න
    තමා තුළම හඳුණාගන්න