JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser .
Issara kale mehemath wela thiyenawaluuuu
http://beyondframe.wordpress.com/2010/07/10/beyond-frame-බ්‍රේකින්-නිව්ස්/
පුංචි ලමයි තරහ වෙල කන්නෙ බොන්නෙ නැතිව ඉන්න කොට ආඩම්බරකාර තාත්තා ඇවිල්ල අනේ පුතේ කාපං කියනව. ඕක කියනකං තමයි මං හිටියෙ කියල නොකිව්වට ටක් ගාලා නැගිටලා පුංචි කොල්ල කනව.
කොච්චර අමාරුවෙන්ද පුංචි කොල්ලෙක් නොකා ඉන්නෙ.
ආඩම්බර තාත්තා වීර පුතාව තුරුළු කර ගන්නවා. අනේ බලන් ඉන්න අයට හරි හුරතල්.
ඔන්න ඔහොම තමයි නාඩගම ඉවර වෙන්න තිබුනෙ. එහෙමම තමයි ඒක ඉවර වුනෙත්.
කවටයා වීරයෙක් වෙලා දින තුනක් ඇතුළත ආයි කවටයෙක් වුනා. ඒත් හරිම හුරතල්.
මරණ ගෙවල්වල කුලියට අඩන කට්ටියක් ටීවී එකට පේන්න අඩන ස්ටාර්ල වුන නාඩගම ඔය විදිහට අවසන් වුනා.
උඩට ගත්ත හුස්ම පහල දාන්න විදිහක් නැතිව කටට බත් කට ගිලගන්න විදිහක් නැතිව හිටපු දේශප්‍රේමී ජනතාව යාම්තම් සුසුමක් හෙලුවා.
බෑන් කී මූන් වොෂින්ටන් නගරයට පායල තිබූ හද දිහා බලල පල් හිනාවක් දැම්මා.
මරාන්තික උපවාසයකින් කරන්න බැරිවුනු වැඩේ කරන්න බාරගත්ත රජතුමා තව සුමාන දෙකකින් මුන්ට මේව අමතක වෙල යයි පුන්නක්කු කන ගොන්නු කියල පැත්තකට හැරිල කෙළ ගැහැව්ව.
අපි “ඉතින් ඊට පස්සෙ” බලල නිදා ගත්තා.
Sira ban