ගරු විමල් වීරවංශතුමා මැරෙන දවස නිවැරදිව කියා රුපියක් ලක්ෂයක් තෑගි දිනන්න | Predict Hon. Wimal Weerawansa’s death and win Rs. 1,00,000!
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මාරාන්තික උපවාසය ආරම්භකිරීමට මත්තෙන් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමන්ට සුභපැතූ අවස්ථාව
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි-මූන් මාරාන්තික උපවාසය ආරම්භකිරීමට මත්තෙන් ගරු විමල් වීරවංශ අමාත්‍යතුමන්ට සුභපැතූ අවස්ථාව
ජාතික නිදහස් පෙරමුණේ අද්විතීය නායක, අමාත්‍ය ගරු විමල් වීරවංශ තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය අභියස මාරාන්තික උපවාසයක් ආරම්භ කොට ඇත්තේය. අප දන්නා සිංහලයට අනුව මාරාන්තික=මාර+ආන්තික යන්න මරණයෙන් කෙළවර වන යන අරුත දෙයි. එනිසා මීට පෙර මාරාන්තික උපවාස පැවැත්වූ ඕමල්පේ සෝභිත හිමි, දඹර අමිල හිමි වැන්නන්ගේ උපවාස ඔවුන්ගේ මරණයෙන් කෙළවර වූවාක් සේම මේ මාරාන්තික උපවාසයද ගරු විමල් වීරවංශ අමාත්‍ය තුමන්ගේ මරණයෙන් කෙළවන බව අප සක් සුදක්සේ විශ්වාස කරමු.
රටට කැප්පෙටිපොළගෙන් පසු උපන් දැවැන්තම දේශප්‍රේමියා, ශෂි වීරවංශ මැතිණියට තම වල්ලභයා, වීරවංශගේ අනියම් භාර්යාවන්ට තම අනියම් පුරුෂයා, පුතාට හා දියණියට තම ආඩම්බරකාර තාත්තා, අමාත්‍ය මණ්ඩලයට වටිනාම අමාත්‍යවරයා, මහ රජාණන්ට තම වටිනාම කඩේ දුවන කොල්ලා සහ සිංහල බ්ලොග් අවකාශයට තම ප්‍රියතම ජෝකරයා අහිමි වන්නට යන මේ ශෝක ජනක අවස්ථාවේ ඒ ශෝකය තරමක් හෝ තුනී කිරීම සඳහා මුදලින් වටිනා තෑග්ගක් දිනා ගත හැකි මේ තරගය ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ පාඨකයින්ට ඉදිරිපත් කිරීමට අපි කල්පනා කරමු.
ඔබ කළ යුත්තේ ගරු විමල් වීරවංශ ඇමැතිතුමන් තම මාරාන්තික උපවාසයෙන් මරු දකින දිනය නිවැරදිව මේ සටහනේ කමෙන්ටුවක් සේ ඇතුළත් කිරීමයි.
ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබට රුපියල් ලක්ෂයක (1,00,000) තෑග්ගක් දිනා ගැනීමේ අවස්ථාව ලැබේ.
නිවැරදි පිළිතුරු එකකට වඩා වැඩි ගණනක් තිබුණොත් ජයග්‍රාහකයා තේරීම ශෂී වීරවංශ මැතිණිය අතින් කුසපත් ඇදීමෙන් සිදුවනු ඇත. වීරවංශ අමාත්‍යතුමන්ගේ හත් දවසේ දානයදා මේ කුසපත් ඇදීමද සිදුකිරීමට අපේක්ෂිතය.
සති කිහිපයකට ඉහත රත්මලානේ පහත් බිම් වාසීන්ට මාස තුනක් ඇතුළත කාණු පද්ධතියක් සකස් කර දීමට පොරොන්දු වී, ඒ පොරොන්දුව සම්පූර්ණයෙන් අමතක වූවාක් සේ දැන් සිය දිවි නසා ගැනීමට යන ගරු වීරවංශ තුමන් සේ නොව තමන් මේ පොරොන්දුව ඉටු කරන බැව් ටැබූ සබ්ජෙක්ට්ස් ගෞරවයෙන් පොරොන්දු වෙයි.
විමල් වීරවංශ අමාත්‍යතුමන්ගේ පවුලේ සහ ඔහුගේ අනියම් භාර්යාවන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ තරගයට සහභාගි විය නොහැකි බව කරුණාවෙන් සලකන්න.



